ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් ආබාධිත රෝගීන්ට උපකාර කිරීම අරමුණු කොට සංවිධානය කළ පැරිස් ශේන් ගඟ අද්දර වසන්තයේ සැඳෑව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පැරිසිය දෙකට බෙදමින් නිසලව ගලා බසින ශේන් ගඟ අද්දර රමනීය බෝට්ටුවක සංවිධානය වූ මෙම සැඳෑව චමින්ද ලිවේරා ප්‍රමුඛ පැරිසියේ චායා වයිබ්‍රේෂන් හා ප්‍රංශ රොක් සංගීත කණ්ඩායම් වල සංගීතයෙන් ද ප්‍රංශ නළඟනන්ගේ විවිධ නැටුම් වලින්ද අලෝකවත් වූයේය.
සැඳෑවෙන් ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුවසෙත සඳහා යෙදවීමට කටුයුතු කරන බව ප්‍රංශයේ ප්‍රංශ ලංකා සංවිධානය පැරීසියේදී එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමට පින්සිදුවේවි.(ස)
අපෙන් සුභ පැතුම්! (නි)
ගිණුම් වැඩ කටයුතු පිරිසිදු නම් අපෙන් සුබ පැතුම්.(ස)
නියමයි චමින්ද, හොද වැඩක්, ඔහොම යන්.. (ස)
ඉතා වටිනා සත් ක්‍රියාවක් (දී)
ඔය උපයා ගත් මුදල් පෞද්ගලිකව රෝගී වූ පුද්ගලයන් සොයා ගොස් තිළිණ කලොත් මිස, වෙන කිසිවෙකුට හෝ බාර දුන්නොත්, අනේ කියන්නත් ලැජ්ජයි... ඔබේ උත්සාහයන් සඵල වේවා....!!! (නි)
පෑලියගොඩ දරුවාට ප්‍රංශ ලංකා සංවිධානය පිහිටවෙයි http://www.lankadeepa.lk වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර ගත්තේය. (අ) පෑලියගොඩ දරුවාට ප්‍රංශ ලංකා සංවිධානය පිහිටවෙයි www.lankadeepa.lk වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර ගත්තේය.
චේතනාව පිරිසිඳු නම් සැමට තෙරුවන් සරණයි ! (ස)