(මහින්ද නිශ්ශංක)
පිටකොටුව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ආනයනය කරන බී ලූනු කිලෝව රුපියල් 115, 120 වශයෙන් මිලදී ගෙන ඉහළ මිලකට කන්ටේනර් පිටින් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
ඉන්දියාවේ දැනට පවතින ලුනු හිඟය හේතුවෙන් මෙරට පෞද්ගලික සමාගමක් මගින් මෙම බී ලූනු එරට ප්‍රති අපනයනය කිරීමේ ජාවාරමේ යෙදෙන බවත් දැන ගන්නට තිබේ.
දැනට ඉන්දියාවේ බී ලූනු මෙටි්රක්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 1200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසන එම ආරංචි මාර්ග බී ලූනු කිලෝවක මිල ශ්‍රී ලංකා රුපියල් 260ක් පමණ වන බවද පැවසේ.
පිටකොටුව ආනයනකරුවන් හා තොග වෙළෙන්දෝ දැනට තුර්කියෙන් හා නෙදර්ලන්තයෙන් බී ලූනු ගෙන්වන අතර අදාළ සමාගම එම ආනයනකරුවන්ගෙන් බී ලුනු මිලදී ගෙන කන්ටේනර් පිටින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ විශාල වශයෙන් බී ලූනු හිඟයක් ඇතිවන බවද වාර්තාවේ.
සතියකට බී ලූනු කන්ටේනර් 120ත් 140ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වන බවත් දැනට දින 10කට ප්‍රමාණවත් බී ලූනු තොග පිටකොටුව තොග වෙළෙඳපොළේ පවතින බවත් එම වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලුණු කියන්නේ අපිට නැතුව බැරි ආහාරයක් නෙමෙයි ... මෙතන හැම දේම පිට රටින් ගෙන්වන්න උසි ගන්වන්නේ නැතුව ලොකු ලුණු අපනයනට වත් ඉඩ දෙනවා නම් අපිට ආදායමක් එනවා නේද ? එහෙම අපනයනය ට තහනම් නීතියක් මෙතෙක් තිබුනේ නැතිනම් මෙය නීති විරෝධී ක්‍රියාවක් නෙමෙයි නේ... දැන් වත් මේ ආනයන සාපයෙන් මිදිලා අපනයන හැකියාවන් උනන්දු කරවන්න මගක් හොයන්න ...
කළයුත්තේ තව තව ප්‍රතිඅපනයනය කරන එක ඒකෙන් ලොකු ලාභයක් රටට තියෙන නිසා.. ඒ වගේම අපේ අයට කන්න ඕනෑ ප්‍රමාණයත් ගෙන්නගන්න ගමන්..
බඩේ පාර ගහන්න එපා. මෙහේ වවන්න ඕන.
අර වේදිකාවේ හොල්ලපු ලූනුද ?
ඇත්තෙන්ම මෙය හොඳ ක්‍රමයක් බවයි මගේ හැඟීම.. යුරෝපයේ මෙන්ම අනෙකුත් රටවලද වෙළඳාම් කරනුයේ මේ අන්දමටයි. එනම් පුලුවන් තරම් අඩුමිලට භාණ්ඩමිලට ගෙන වැඩිමිලට ලාභ තබාගෙන විකිණීමය. එවැනි වෙළෙඳපලක් අල්ලා ගත හැකිනම් රටට අතිරේකව විදේශ විනිමය උපයා ගත හැකිය. මැදපෙරදිග රටවල්ද කරනුයේ මේ ටිකමයි. අතීතයේ මෙන්ම අදද සිදුවන්නේ මේ ක්‍රමවේදයමයි. සැම දෙයක්ම අසුබවාදීව කල්පනා නොකළ යුතුයි. වෙනත් රටවල් අපේ තේ අඩුමිලට ගෙන ඒවා ලාභ තබාගෙන විකුණන බව අමතක නොකරන්න. මා පසුගිය කාලයේ පුවත්පතකින් දුටුවා ලංකාවේ වැල්දොඩම් විකුණාගත නොහැකිව ගොවියෝ පසුතැවෙන බව. නමුත් ඡර්මනියේ වැල්දොඩම් ගෙඩියක මිල යුරෝ 1.25කි. නමුත් ඒවා අපේ රටේ එ්වාමෙන් නොව කුඩා සහ මැලවුණු තත්වයෙන් තිබිණි. ආනයනයට මුලුතැනක් දීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකිබව මගේ විශ්වාසයයි.
ආණ්ඩුවක් තියෙන්නේ ඔය වගේ ජාවාරම් වලක්වන්න නේද? ඉතින් තවත් බලන් ඉන්නේ ඕක වහාම නවත්වන්න.