අවසන් පූර්ව තරගයේදී ප‍්‍රංශය හමුවේ එක ලකුණකින් පරාජය වූ නමුත් ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ගෞරවනීය ස්ථානයක් අත්කරගැනීමට වේල්ස් කණ්ඩායම සූදානම් වෙයි. ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවැත්වෙන වේල්ස් සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර තරගය හෙට (21 වැනිදා) නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැත්වෙයි.
ප‍්‍රංශයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී වේල්ස් කී‍්‍රඩකයන්ගේ පා පහර නියමිත ඉලක්කයට යොමු නොවීම නිසා එක ලකුණකින් පරාජය වීමට වේල්ස් පිලට සිදුවිය. එම අවාසනාවන්ත පරාජය ගැන තවමත් කණගාටු වන නමුත් වේල්ස් කණ්ඩායම දැන් සූදානම් වන්නේ තවමත් දිනාගත හැකි ලෝකඩ පදක්කම තමන් සතු කරගැනීමටයි.
මේ අතර ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝද ලෝකඩ පදක්කම සම්න්ධයෙන් මහත් බලාපොරොත්තු තබා සිටිති. ඕස්ටේ‍්‍රලියානු සෙන්ටර් කී‍්‍රඩක ඇඩම් කූපර් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කලක් මතක හිටින තරගයකට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් වන බවයි.
”මේක ‘වොලබි’ බැනියම ඇඳගැනීමට ලැබෙන තවත් හොඳ අවස්ථාවක්. කිසිම කී‍්‍රඩකයෙක් එවන් අවස්ථාවක් සැහැල්ලූවට ගනී කියලා මා හිතන්නේ නෑ” යයිද ඇඩම් කූපර් පවසයි.
කෙසේ වෙතත් ලෝක කුෂලාන රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා හෙට පැවැත්වෙන තරගය ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක කුපර්ගේත් ප‍්‍රංශ ෆ්ලයිහාෆ් කී‍්‍රඩක මෝගන් පාරාගේත් කදිම සටනක් වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක රග්බි බලවතුන් අතරේ තුන්වැනියා සොයන තරගය හෙට