තමන් ලෝකයේම සුරූපිනිය වේ යැයි වෙනිසියුලාවේ ඉවියන් සාර්කෝස් කවදාවත් නොසිතන්නට ඇත. නමුත් දෛවයේ හාස්කමකට ඉකුත් 06 වැනිදා ලන්ඩන් නුවර දී පැවැති 2011 ලෝක රූ රැජින තරගාවලියේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
විසි දෙහැවිරිදි වියේ පසුවන සුරූපී ඉවියන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන අතරම ලෝක රූ රැජින තරගය සඳහා ඇය ඉදිරිපත් වී ඇත්තේ වෙනිසියුලාවේ මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී වීම විශේෂත්වයකි.
ලන්ඩන් නුවර අති උත්කර්ෂවත් ලෙස පැවති 2011 ලෝක රූ රැජින තරගාවලියේ සුරූපී තරගකාරීයන් 21 දෙනෙකු පරදවමින් වෙනිසියුලාවේ ඉවියන් කිරුළු පැළඳි විට එහි දෙවැනි ස්ථානය පිලිපීන ජාතික සුරූපිනී ග්වෙන්ඩොලින් රුවේස්ටද, තෙවැනි ස්ථානය දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ හි ඇමැන්ඩා පෙරේස් යන සුරූපිනිය විසින් හිමිකර ගත්හ.
ජයග‍්‍රහණයෙන් පසු ඉවියන් සාර්කෝස් කියා සිටියේ තමාගේ ජයග‍්‍රහණය ආඩම්බරකාර හා ධෛර්යයෙන් තමන් ලබාගත් එකක් බවත්, අනාගතයේ ලෝකයේ ළමයි වෙනුවෙන් මෙහෙවර ඉටුකිරීම සිය අනාගත බලාපොරොත්තුව යැයි කීවාය. ලෝක රූ රැජින කිරුළු හිමිකර ගැනීමත් සමග ඉවියන්ට ඩොලර් කෝටියකට ආසන්න වටිනා ත්‍යාග මුදල් හා වරප‍්‍රසාද හිමි වූ බවද වාර්තා වේ.
මෙවර ලෝක රූ රැජින තරගය රටවල් 150ක අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කෙරුණු අතර එය රූපවාහිනී මගින් නරඹා ඇති පේ‍්‍රක්ෂකයන් සංඛ්‍යාව බිලියනයකි. මීළඟ 2012 ලෝක රූ රැජින තරගය චිනයේ පැවැත්වීමට නියමිතය.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු ළමයින් පාද වගේම දණහිස් ගැනත් සැළකිළිමත් වියයුතුයි නේද? (නි)
මෙයා ලස්සනයිද ?? (ස)