තමන් ලෝකයේම සුරූපිනිය වේ යැයි වෙනිසියුලාවේ ඉවියන් සාර්කෝස් කවදාවත් නොසිතන්නට ඇත. නමුත් දෛවයේ හාස්කමකට ඉකුත් 06 වැනිදා ලන්ඩන් නුවර දී පැවැති 2011 ලෝක රූ රැජින තරගාවලියේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
විසි දෙහැවිරිදි වියේ පසුවන සුරූපී ඉවියන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන අතරම ලෝක රූ රැජින තරගය සඳහා ඇය ඉදිරිපත් වී ඇත්තේ වෙනිසියුලාවේ මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී වීම විශේෂත්වයකි.
ලන්ඩන් නුවර අති උත්කර්ෂවත් ලෙස පැවති 2011 ලෝක රූ රැජින තරගාවලියේ සුරූපී තරගකාරීයන් 21 දෙනෙකු පරදවමින් වෙනිසියුලාවේ ඉවියන් කිරුළු පැළඳි විට එහි දෙවැනි ස්ථානය පිලිපීන ජාතික සුරූපිනී ග්වෙන්ඩොලින් රුවේස්ටද, තෙවැනි ස්ථානය දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ හි ඇමැන්ඩා පෙරේස් යන සුරූපිනිය විසින් හිමිකර ගත්හ.
ජයග‍්‍රහණයෙන් පසු ඉවියන් සාර්කෝස් කියා සිටියේ තමාගේ ජයග‍්‍රහණය ආඩම්බරකාර හා ධෛර්යයෙන් තමන් ලබාගත් එකක් බවත්, අනාගතයේ ලෝකයේ ළමයි වෙනුවෙන් මෙහෙවර ඉටුකිරීම සිය අනාගත බලාපොරොත්තුව යැයි කීවාය. ලෝක රූ රැජින කිරුළු හිමිකර ගැනීමත් සමග ඉවියන්ට ඩොලර් කෝටියකට ආසන්න වටිනා ත්‍යාග මුදල් හා වරප‍්‍රසාද හිමි වූ බවද වාර්තා වේ.
මෙවර ලෝක රූ රැජින තරගය රටවල් 150ක අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කෙරුණු අතර එය රූපවාහිනී මගින් නරඹා ඇති පේ‍්‍රක්ෂකයන් සංඛ්‍යාව බිලියනයකි. මීළඟ 2012 ලෝක රූ රැජින තරගය චිනයේ පැවැත්වීමට නියමිතය.
ජාතික ජනබලවේගය දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධූර 26ක් දිනා ගත්තේය.
බියගම ප්‍රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 46කින් 27ක පාලන බලය ජාතික ජනබලවේගයෙ දිනා ගත්තේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක රූ රැජින කිරුළ ඉවියන්
සචින් Thursday, 07 November 2013 08:16 AM
ගැහැණු ළමයින් පාද වගේම දණහිස් ගැනත් සැළකිළිමත් වියයුතුයි නේද? (නි)
දමිත් Wednesday, 09 January 2013 11:30 AM
මෙයා ලස්සනයිද ?? (ස)