ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් සිටි ඒ 380 ගුවන් බසයක් කාර්මික දෝෂයක් නිසා කටුනායකට අද (22) ගොඩ බැස්වීය.
මගීන් 580 කට ගමන් කළ හැකි මෙම යානා කටුනායකට එන්නේ ඉතාම කලාතුරකිනි.
මගීහු 222 ක්ද කාර්ය මණ්ඩලය 22 ක්ද සිටි ගුවන යානය කාර්මික දොෂය ද හදාගෙන ඉන්ධන ද පුරවාගෙන ඩුබායි බලා පියාසර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඩ්නි ඉඳන් ලංකාවට ඩිරෙක්ට් ෆ්ලයිට් දාන්න දැන් වත් බලමු (බ)
එහෙම ආවොත් තමයි.(හේ)
දිලාන් - බස්සන්න පුළුවන්. කටුනායක කොන්කොර්සේ පහසුකමුයි නැත්තේ A380 වලට. (ර)
කටුනායක පහසුකම් තිබෙනවා නවසීලන්තයේ 2005 වනතුරු A380 බස්සන පහසුකම් තිබුනේ නැහැ. (ර)
සමහර අදහස් හරියට අර ඉස්සර ගම් වල මිනිස්සු හඳ ගැන කියපු කතා වගෙයි (නි)
ලලිත්, ඔයාට ඕස්ට්‍රේලියාවට එන්න සුදුසුකම් නැහැ කියලා බයිලා ලියන්න එපා. ලෝකයේ ජීවත්වීමට හොඳම දෙවෙනි රට හැටියට එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව ඕස්ට්‍රේලියාව පත්වී තිබෙනවා. ඔයාගේ තිබෙන කුහකකමට ඔයා, ඕස්ට්‍රේලියාව ඉතියෝපියාවක් කරන්න හදනවා. ඒක ඔයාගේ සිහිනයක් විතරයි. (නි)
මේ යානය ගොඩ බැස්සුවේ කාර්මික දෝෂයකට. ඒක ගුවන් සමාගමේ ප්‍රශ්නයක්. අපේ මහත්වරු මේ සිදුවීමත් මත්තලට සම්බන්ධ කරගෙන. (නි)
බන්දුල මහත්තයෝ A380 මුල්ම ගුවන්යානය හැදුවේ 27 අප්‍රීල් 2005. මුලින්ම වාණිජ ගුවන් සේවයට යෙදෙව්වේ ඔක්තෝම්බර් 2007 සින්ගපුර් ගුවන්සමගම විසින්. ඉතින් A380 අවශ්ය පහසුකම් හැදුවේ ඊට පස්සේ. නවසීලන්තයට පළමු A380 ගුවන් ගමන 2009 මැයි දී එමිරටෙස් ගුවන් සමගම. (ර)
මේ මා දැනුවත්ව ලංකාවේ කටුනායකට ගොඩ බාපු 3 වෙනි 380 ගුවන් යානය, මිට පෙර ලංකාදිපයෙන්ම මා දුටුවා එමිරේට්ස් සමාගමට අයිති ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩ බාපු වග , එයින් පෙනේනේ අපේ කටුනායක ගුවන්තොටුපල නවීන ඒ 380 වෙනි ලොකු ගුවන් යානා ගොඩ බෙමට සුදුසු එකක්. (ර)
දිසාගෙ කතාව හරි. කණගාටුවෙන් හරි අපි ඒක පිළිගන්න ඕනෑ. (නි)
අපි තරම් දන්නා අය කොහෙවත් නැහැ. දඬුමොණරේ හදපු අයනේ (නි)
බලාගෙන යනකොට ලංකාවේ වැඩිහරියක් ඉන්නේ පයිලේට්ලයි ඒයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ස් ලයිනේ... (ර)
විශ්ව, A 380 යානය මත්තල ට ආවනම් ඔයා කියපු විදිහට, මොනරු සහ කුරුල්ලෝ රෑනක්, එක දිගට එන්ජිම ඇතුලට යනවා, මේ වගේ බොරු අදහස් පල කරන එපා, අද ලංකාවේ ජනතාව බුද්දිමත්, ලෝකය සමග එකතු වෙලා. (ර)
හැමෝටම පෙන්නේ අපේ රටේ ආණ්ඩු වල වැරැද්දයි, ගුවන් තොටුපොල වල අඩුපාඩුයිනේ? කාටවත් මේ කයිවරු ගහන ගුවන් යානා අලුතෙන් හදපු කලේ උජාරුවට ගියාට කල් යනකොට ලෙඩ දිදී අතරමග නවත්ත නවත්ත යන්න වෙලා තියෙන එක පෙන්නේ නැහැනේ? (ර)
අනේ මන්දා මේවා දැක්කම මොනවා හරි ලියන්න හිතෙනවා ? අපේ බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ මේ මොන එයාපෝර්ට් එකක් නෑතුවයි. (ර)
ලංකාවට නවීනතම දෙවෙනි ගුවන් තොටුපළක් තිබීමේ වැදගත්කම තාමත් තේරුම් ගන්න බැරි පණ්ඩිතයෝ කොච්චර නම් ඉන්නවද. (නි)
කටුනායක ගුවන් තොටුපළේ තත්ත්වය තේරෙන්න වෙන රටක ගුවන් තොටුපළකට ගිහින් බලන්න ඕනෑ. මේ ගුවන් යානා මේ වගේ පොඩි ගුවන් පථයක් තියෙන ඒවාට එන්නෙත් අවදානමක් අරන්. පොඩි දුපතක ඉන්න අපේ මිනිස්සු හිතනවා මුළු ලෝකෙම එච්චරයි කියලා. (නි)
ඔව් ඔව් ගුවන් යාන ගැන මනා දැනුමක් තියෙන අය ඉන්නවා. එමිරේට්ස් ගුවන් යානා මිට කලින් කටුනායකට ආවා. අනික ගුවන් යානාව අවශ්‍ය වුවහොත් එන්ජින් 4න් දෙකක් වුණත් පණගන්වන්න පුළුවන්. එක තැන උඩට ගන්නත් පුළුවන්. මොකද මම ඉන්නේ පැරිසියේ නිසා ඕකේ ගිහිල්ලත් තියෙනවා (නි)
කරුණාජීව, ලෝකයේ පරණම ගුවන් සේවය කොන්ටාස්. ඒ වගේම 1921 සිට කිසිම මරණීය අනුතුරක් නොවූ එකම ගුවන් සමාගම. (නි)
ලලිත්, මමත් ඔබගේ අදහසට එකඟයි. 2010 මුලදී මේ ගුවන්යානා කොන්ටාස් ගුවන් සේවයෙන් මෙල්බර්න්/ සිංගප්පුරුව / ලන්ඩන් ගුවන් ගමනට යෙදෙව්වා. මාත් වසර අගදී ලංකාවට එන්න මේ ගුවන් යානයකින් සිංගප්පුරුවට පැමිණිය හැකි ආකාරයට ආසන වෙන්කළා. නමුත් මේ ගුවන් යානයක එන්ජිමක සිදුවූ පිපිරීමක් නිසා එන්ජිමේ පිට කවරය මැලේසියාවේ ස්ථානයකට වැටුනා. ගුවන් යානය සිංගප්පුරුවට හරවා යැව්වා. එදා සිට එම වසරේ අග දක්වා මේ යානා සියල්ලම ධාවනයෙන් ඉවත් කර තිබුනා. නමුත් දෙසැම්බරයේ මම එනවිට මේවා නැවත ධාවනයට යොදවා තිබුනා (නි)
අපේ රටට ඉතින් මෙහෙම යානයක් ආවොත් ඉතින් එන්නේ හදිසියේ තමයි (නි)
මෙය ඕස්ට්‍රේලියානු කොන්ටාස් සමාගමට අයත් යානයක් නම් අපි මේ සිදුවූ කාර්මික දෝෂය ගැන පුදුම වියයුතු නැහැ. එයට හේතුව, දැන් බොහෝවිට එම ගුවන් සමාගමට අයත් ගුවන්යානා වල නඩත්තු කටයුතු සිදුවන්නේ ආසියානු රටවල වීමයි. ඔවුන් එසේ කරන්නේ අඩු වියදමකින් නඩත්තු කටයුතු කරගත හැකි නිසයි. ඕස්ට්‍රේලියාවේ මේ නඩත්තු කටයුතු සිදු කරනවා නම් ඔවුන්ට වැඩි වියදමක් දැරීමට සිදුවෙනවා. (නි)
කරුණාජීව කියන විදියට ඕස්ට්‍රේලියාවට ආසියාවේ මිනිස්සු පදිංචියට ගිහින් එ්කත් දැන් ඉතියෝපියාව වගේ වෙලා ඇති නේද? (නි)
මේකේ අදහස් දාපු හැමෝටම කියන්න දෙයක් තියෙනවා. ඒ380 කටුනායක බාන්න පුළුවන් හදිසියකදී. එ්ත් ගුවන් පථය දිග මදි ගැටළුවක් තිබෙනවා. මත්තල කොහොමත් බැහැ. දිග මදි. (නි)
මේවායේ ලියන සමහරු දිහා දැක්කහම දුක සිතෙනවා. තමන් සියල්ල දත් කියා සිතා, අනික් අයව පහත දැමිමට සිතා, තමන් ලොකු ඉංජිනේරුවකු හෝ දාර්ශනිකයකු කියා හෝ සියල්ල දත්තකු කියා පෙන්වනවා (නි)
මේ අදහස් බැලුවහම හිතෙනවා ලංකාවේ තරම් ගුවන්යානා විශේෂඥයෝ ලෝකේ කොහෙවත් නැහැ කියලා (නි)
විශ්ව මහත්තයෝ, මිනිස්සු බොරු කියනවා කියල ඔහොමත් බොරු කියනවද අනේ. හිතෙන දේ කියන්නේ නැතුව පොඩ්ඩක් පොත පත කියවන්න (අන්තර්ජාලේ හරි කමක් නැහැ) (බ)
මේවා අද විතරක් අාපු ඒ්වා නෙවෙයි. හැබැයි කට්ටියක් නම් මහ උජාරුවට කිව්වා A380 බස්සන්න පුලුවන් හම්බන්තොට විතරයි කියලා. (ර)
කුමාර් මහත්මයා ඉන්නේ පැරිසියේද ,මැදපෙරදිගද කියලා මම දන්නවා. ඒ නිසා "දන්නා අපිට කොළ කඩා පාන්න හදන්න එපා ". ඒ වගේම, නයි අරින්නත් එපා. (ර)
බලන්නකෝ හැබෑටම අපේ කට්ටය දන්න දේවල්... (නි)
දිලාන් A380 යානය ගුවන්ගත කරන්නේ එන්ජින් 4න් දෙකක් විතරක් පනගන්වලා. ඉතුරු එන්ජින් දෙක ස්ටාර්ට් කරොත් රනර් වේ එකෙන් එළියේ තියන ඒවා ඇදීල එන්න පුළුවන් නිසා, එත් හම්බන්තොට එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ටෙක් ඔෆ් කරන්න පුලවන්. (ර)