කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී ධීර වීර ලෙස සටන් කරමින් මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෝ හය දෙනෙක් විජයග්‍රහණයේ සිව්වැනි සමරුවේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපති අතින් ‘පරම වීර විභූෂණ‘ සම්මානයෙන් පිදු ලදහ.
යුද හමුදාවේ ඉහළම සම්මානය මෙයයි.
නිලධාරි 66009 කපිතන් ජීඑන් පුන්සිරි - ගජබා රෙජිමේන්තුව (මියගිය)
වර්ෂ 2007 ක් වු ජුලි මස 02 වන දින මෙම නිලධාරි උවරක්කුලම ප්‍රදේශයේ විමර්ශන මුරයකට සහභාගී වී ඇති අතර, එම විමර්ශන මුරය ත්‍රස්තවාදීන්ගේ නිරීක්ෂනයට ලක්වී මෙම කණ්ඩායමට ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.
තම කණ්ඩායම සතුරාගේ ග්‍රහණයට හසුවන බව දැනගත් එවකට ලුතිනන් ජීඑන් පුන්සිරි අධිබලැති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැර ඉදිරියට පැමිණෙන ත්‍රස්තවාදීන් හට උපරිම ශක්තිය යොදා ප්‍රහාර එල්ල කරන ලදී. තම අවියෙන් පොකුරු උන්ඩ ප්‍රහාරයන් දිගින් දිගටම එල්ල කලද ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය මැඩපැවැත්වීමට නොහැකි වීම මත තමා සතුව තිබු අත් බෝම්බ රැගෙන ත්‍රස්තවාදීන් ඉදිරියට කඩා පැනීමේදී එල්ල වු වෙඩි ප්‍රහාරයකින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
සිය ආත්මාරක්ෂාවද නොතකා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කරන ලද වික්‍රමාන්විත වුත් අභීත බව ප්‍රකට කරන්නාවුත් මෙම ක්‍රියාව අරබයා ගජබා රෙජිමේන්තුවට අයත් කපිතන් ජීඑන් පුන්සිරි නිලධාරි 66009 පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.
නිලධාරි 416581 ලුතිනන් ඩබිඩි ජයතිලක, ගැමුණු හේවා බලකාය (මියගිය)
වර්ෂ 2009 ක්වු අප්‍රේල් මස 20 වන දින ඉරණමඩු ප්‍රදේශයේ දැවැන්ත ආරක්ෂක පස් බැමිම අත්පත් කරගැනිම සදහා සිදුකරන ලද ක්‍රියාන්විතයට ඛණ්ඩභාර නිලධාරියෙකු වශයෙන් මෙම නිලධාරිද සහභාගි විය.
තමා පැමිණි කණ්ඩායම සමග උපක්‍රමශිලිව ත්‍රස්තවාදි බංකර් පෙළ වෙත ළගාවි ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමට එවකට උපපන්න නිලධාරි ඩබ්ඩි ජයතිලක සමත් විය. සතුරා සමග මුහුණට මුහුණලා සිදුකළ මෙම සටනේදි තම සගයින් විශාල ප්‍රමාණයක් තුවාල ලැබිම මත අනෙකුත් සෙබළුන්ගේ ජිවිත ආරක්ෂා කිරිමේ අරමුණින් තමා අත තිබු අත් බෝම්බය සමග සතුරු බංකරය තුළට කඩා පැන එය පුපුරුවා හැර ත්‍රස්තවාදින් විශාල ප්‍රමාණයක් විනාශයට පත්කරන ලදි.
මෙහිදි සිදුවු බරපතල තුවාල හේතුවෙන් යුද භුමියේදීම අවසන් සුසුමි හෙළු ගැමුණු හේවා බලකායට අයත් ලුතිනන් ඩබ්ඩි ජයතිලක නිලධාරි 416581 රණවිරුවාණන් මව්බිම වෙනුවෙන් සිදුකල මෙහෙවර වෙනුවෙන් පරම විර විභුෂණයෙන් පිදුම් ලබන්නේය.
සෙබල 552009 මාණ්ඩලික සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)
වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ දමිල ජනතාව සිරකරගෙන සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සදහා එවකට සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් විය.
මෙහිදි ත්‍රස්තවාදීන් සමග පැවති සටනේදී සතුරු භූමිය වෙත බඩගාගෙන ගොස් ඔවුන් වෙත ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් කළේය. එමගින් සිර කරගෙන සිටි සිවිල් ජනතාවද දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මව්බිමේ නිදහස පිණිස සටන් කර තම ජීවිතය පුදකර කල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 552009 මාණ්ඩලික සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.
සෙබල 552511 සැරයන් ගුණසේකර කේපීඩිටි - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)
ප්‍රබල ත්‍රස්තවාදි බලකොටුවක් වු දර පොයින්ට් අත්පත් කර ගැනිමට වර්ෂ 2009 ක් වු පෙබරවාරි මස 16 වන දින 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකයෙකු වශයෙන් එවකට කෝප්‍රල් ගුණසේකර කේපිඩිටි ක්‍රියාන්විතය සදහා සහභාගී විය.
මෙම ක්‍රියාන්විතයේදි හමුදා භට පිරිස් වෙත ත්‍රස්තවාදින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය තුළීන් තම අනුගාමික සෙබළුන්ට විය හැකි හානිය ක්ෂණිකව අවබෝධ කරගත් මොහු සහෝදර සමාජිකයන්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා ස්වේච්ඡාවෙන්ම ප්‍රහාර එල්ල වන බංකරය තුළට වෙඩි ප්‍රහාරයක් දියත් කරමින් කඩා පැනිමේදි එල්ල වු වෙඩි ප්‍රහාරයකින් එම බංකරය තුළදිම දැයෙන් සමුගෙන ඇත.
ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වි රණකාමිත්වය විදහා දක්වමින් සටන් වැද සිදුකල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 552511 සැරයන් ගුණසේකර කේපිඩිටි පරම වීර විභුෂණයන් පිදුම් ලබන්නේය.
සෙබල 553286 කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)
වර්ෂ 2009 ක් වු ජනවාරි මස 29 වන දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ සුක්ෂම විමර්ශනයක් සිදුකර ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත් බංකර් සහ බර අවි ස්ථානගත කර තිබු ස්ථානයන් නිවැරදිව නිරීක්ෂණය කරගෙන ඇත.
ඒ අනුව ශක්තිමත් ලෙස ඉදිකර තිබු ත්‍රස්තවාදී බංකරය විනාශ කිරීම සදහා ප්‍රහාරයක් දියත් කර ඇති අතර එහිදී කිහිප දෙනෙකු තුවාල ලැබුවද මොහු අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රහාර එල්ල කර එම බංකරය තුලට කඩාපැන බංකරය අත්පත් කරගැනීමට කටයුතු කර ඇත.
එහිදී සිදුවු බරපතල තුවාල හේතුවෙන් රට වෙනුවෙන් උදාරතර මෙහෙවරක් සිදුකර මොහු එම භූමියේදීම දැයෙන් සමුගෙන ඇත. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සැබෑ විරුවෙකු ලෙස කල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 553286 කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.
සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)
පුදුමාතලන් යුදමුක්ත කලාපයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රදවාගෙනන සිටි සිවිල් වැසියන් වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින මුදවා ගනිමින් සිටියදී මෙම කණ්ඩායම වෙත ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එල්ල වු ප්‍රහාරය මැඩපැවැත්වීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සතුරන් සමග මුහුණට මුහුණලා සටන් කොට ඔවුන් විනාශ කිරීමට කටයුතු කර ඇත.
එම සටනේදී මොහු තුවාල ලැබුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ආරක්ෂක වලල්ලෙහි රැදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම වීරෝදාර රණවිරුවා සටන් බිමේදීම දැයෙන් සමුගෙන ඇත.
දිවි පරදුවට තබා අභිත රණවිරුවෙකු සේ සිදුකරන ලද මෙම වික්‍රමාන්විත ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් යන රණවිරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේයෙ
(උපුටා ගැනීම යුද හමුදා වෙබ් අඩවියෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම විභූෂණ සම්මානය මහා බොරුවකි. එයින් කන්නවත් බොන්නවත් බැරිය. රට වෙනුවෙන් දිවි දුන් රණවිරු පවුල් ඉදිරියට ගෙන්වා ලෝකයට පේන්න සම්මාන දුන්නට ඔවුන් ගැන ඉන්පසු බලන්නේවත් නැත. මම කියන දෙය බොරු නම් පරම විභූෂන සම්මානය රජ තුමා අතින් ලැබූ පවුලක් තවමත් සුනාමි නිවසක දුක් විඳින කතාව ගැන රිවිර පත්තරේ පළවූ ලිපිය බලන්න. රට වෙනුවෙන් දිවි පිදු ප්‍රථම කාන්ත සෙබ ලියගේ මව තම දුව වෙනුවෙන් දානයක් දෙන්නට මුදල් නැතිව හඬන ලිපිය ඊයේ දිවයිනෙන් දැක්කාද. මෙන්න ඇත්ත තත්වය. මෙවැනි තැන්වල බොරුවට ඔවුන්ට ප්‍රණාම පුද කරනවට වඩා රජ සැප විඳින මැති ඇමති වරුනට අමතක වී ඇති රණ විරුවන්ගේ ගෙවල් වලට ගොස් ඔවුන්ගේ දු දරුවන්ට උදව් කරන්න අදිටන් කරගන්න.(නදී)
විරුවනි, අපි ඔබට ණය ගැතියි. ඔබලාට දිව්‍ය විමාන පහල වේවා! (නි)
මේ ජාතික විරුවන් උදෙසා සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.වෙන අනන්මනං වලට ප්‍රතිචාර දාන අය කෝ? (නි)
මාර්ක් ගේ කතාව හරියටම හරි. මේ සම්මාන පැත්තකින් තියලා අප රට වෙනුවෙන් දිවි පුදපු ඒ රණවිරුවන් වෙනුවෙන් මීට වඩා යහපත් දෙයක් ඒ පවුල් වලට කළ යුතුයි. ජනාධිපති තුමා මේ වෙනුවෙන් තවත් හොඳ ක්‍රියා මාර්ගයක් ගතයුතු බව මගේ හැගිමි.(නදී)
අම්මගෙන් බීපු කිරි වල ණය ගෙවන්න මීට වඩා වෙන මොනවද තියෙන්නෙ? ඔබ සැම සදා අප හදවත් තුල රෑදී ඈත. ඔබ සැමට මොක් සුව! (නි)
හිරු බැසයන හැම සන්ධ්‍යාවකම අපි ඔබ සැම හදවතින්ම සිහි කරන්නෙමු. ඔබ ශ්‍රී ලංකා මවගේ සදාකාලික උරුමය වෙනුවෙන්ම උපන් උතුම් වීර දරුවෝය. ඔබ ඔබගේ රතු රුධිරයෙන් ශ්‍රීලංකා මෑණියන් තෙත් කඵෙහුය. ඔබ රටට ණය නැත. ඔබ ඔබගේ අම්මා තාත්තාා බිරිද දුව පුතා අමතක කොට රට වෙනුවෙන් ඔබේ ලස්සන ජීවිතය පුද කළහ. අපි ඔබට සදා ණය ගැති වෙමු. ඔබට අජනාමර නිවන් සුව පතමු. (නි)
ඇස් වලට කදුළු පිරෙනවා කොල්ලනේ නුඹලා ගැන විස්තර කියවනකොට. නුඹලා නොහිටින්නට තවත් ජීවිත කීයක්නම් මරුතුලට ගිහිල්ලද? මා නුඹලාට නිවන් සුව පතන්නේ නැත. නැවතත් අපේ මව්බිමේම උපදීවායි පතමි. ඒ නුඹලා නිවන් දකිනවාට ඉරිසියාවෙන් නොවෙයි. නිවන් දකින්නට පෙර නුඹලා මුදාගත් ජය භුමිය නුඹලා දැකිය යුතු නිසයි. (නි)
රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් සටන් කර මවු බිම බේරාගත් අබිත රණවිරුවනි ,ඔබසැමට නිවන් සුව.(නදී)
කුරිරු සටන් බිමේ ජය කණුව පෙනී,පෙනී දැයෙන් සමු ගත් වීර පුතුනි,ඔබලා දිවි පිදුවේ? මව්බිම වෙනුවනි. දරුවනි, තාමත් ඔබලා ලක් බිම රකින මුරදේවතාවෝය.(නදී)
ඔබතුමන්ලාගේ ජීව්ත, ලේ මතින් අපට නිදහසේ හුස්මගන්නට අද පුලුවන් වී ඈති බව බොහොදෙනෙකුට අමතකව ඈති බවක් පෙනේ. කිසිවෙකු ඔබලා වෙනුවෙන් වචනයක් වත් ලියා නෑත. දෙශපාලන පක්ෂ වලට කඩේ යනවුන් නිශ්ශබ්දය. ඔබලා දිවි කෑප කලේ මෙවන් අත්මාර්තකාමී මිනිසුන් වෙසෙන රටක් වෙනුවෙනි. බඩගොස්තර වාදී මිනිසුන් වෙසෙන රටක නිදහස වෙනුවෙන් ඔබ සැම දිවි පුදකලේය. ඔබලා සිංහල ජාතියේ දෙවිවරුය. අනෙක් උන් සටන් කරන්නේ වැඩි පඩියටය. බඩු මිලටය. ඔබලාගෙ දිවි කැප කිරීම නොවන්නට බඩගොස්තර වාදීන්ට උද්ඝෝෂන කිරීමට රටක් ඉතුරු නොවෙනු ඈත. ඔබලා සැමට නිවන් සුව පතමි.(නදී)
ඔබ සියලු දෙනාම අපේ විරුවෝ, ජාතියේ නමස්කාරය මගෙන්! (නි)
ඔබේ තාරුණ්‍ය,ශක්තිය හා ජවය ලක්මව පරසතුරන්ගෙන් මුදා ගැනීම සඳහා කේප කිරීම වෙනුවෙන් අපගේ උත්තමාචාරය. (නි)
රන්දුනු,ඔබ මොනවද දොඩවන්නේ ? (නදී)
ඔබ සියලු දෙනාම අපේ විරුවෝ, ජාතියේ නමස්කාරය මගෙන්! (නදී)
රට රැකදුන් ඔබට අපේ ආචාරය.(නදී)
මේ අයට තමා ජීවත් වන දෙවිවරු කියලා කියන්නේ. (නි)