රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක‍්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ශූරීයක වන සොනාලි කි‍්‍රස්ටීන් මෙරිල් සමත්ව සිටින්නීය. මොස්කව් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව බවට ද සොනාලි පත්වූවාය.
ඇමරිකාවේ පදිංචි සොනාලි, ෆ්ලොරිඩා ප‍්‍රාන්ත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 400 කාන්තා කඩුලූ පැන දිවීමේ ඉසව්ව තත්පර 56.45 කින් නිම කරමින් දෙවැනි ස්ථානයට පත්වීමත් සමගම ‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගත්තාය.
‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 56.55 කි.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ පූනේහිදී ලබන ජූලි මස පැවැත්වෙන ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියට ද සොනාලි සහභාගි වීමට සූදානමින් සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සොනාලි සුදුසුකම් ලබයි
මීසා Wednesday, 12 June 2013 07:53 AM
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා ගොඩක්ම සතුටුයි ඔබ ගැන (අ)
සංජු Wednesday, 12 June 2013 08:35 AM
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා! ගොඩක්ම සතුටුයි ඔබ ගැන...නමුත් මට තියෙනවා පොඩි ගැටළුවක්. ඇමරිකාවේ පදිංචි නම් කොහොමද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ ? (නි)
ප්‍රසන්න Wednesday, 12 June 2013 05:06 PM
සංජු පදිංචි රට ගැටළුවක් නෑ රටට සේවය කරන්න. අපේ උස පනින ක්‍රීඩකය, දුර දුවන ක්‍රීඩකය ,පිහිනුම් ක්‍රීඩකය වගේ ගොඩක් අය ඉන්නේ පිටරට.(නදී)
මහේෂ් Wednesday, 12 June 2013 09:01 AM
කොහේ හිටියත් මොකද ලාංකිකයෙක් නම්. තරග කරන්නේ අපේ රට වෙනුවෙන් නම්. එයාටත් වඩා දක්ෂයෙන් ඉන්නවා නම් ලංකාවේ ඔන්න යෙදෙව්වට කමක් නැහැ. (නි)
ඇන්ටන් Tuesday, 11 June 2013 11:01 PM
අපේ සුභ පැතුම් ඔබට! (නි)
චන්ද්‍රසිරි Tuesday, 11 June 2013 11:25 PM
ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේ කෙනෙක් පිටියේ ඉසව්වකට ලෝක තරගයකට තේරුනේ. සුබපැතුම්.(අ)
නිශාර්ඩ් Preena Wednesday, 12 June 2013 02:33 PM
අනේ වාසනාවන්, සොනාලිට මගෙන් උණුසුම් සුභ පැතුම් ! (ස)
වරුණ Wednesday, 12 June 2013 10:32 AM
සංජු, ඔයාට තරේන්නේනැද්ද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ ඇමෙරිකාවේ සිටින අයත් එක්ක මෙයාට තරග කරන්න බැ, එක නිසා තමා ලංකාවට තරග කරන්නේ (අ)
හේමන්ත Wednesday, 12 June 2013 10:38 AM
මෙයාලගේ ලාංකික කම තරග වලට යනකොට විතරක් තිබිල මදි. මොකද ඇමෙරිකාව වෙනුවෙන් යන්න බැහැනේ, එහෙ අය දක්ෂ නිසා.(ස)
ආසිරි Wednesday, 12 June 2013 01:01 AM
ඇය විවාහකද? (නි)
ජානක අබේවර්ධන Wednesday, 12 June 2013 11:11 AM
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා!(නදී)
ඉන්දික Wednesday, 12 June 2013 05:54 AM
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා! (නි)
විජිත් Wednesday, 12 June 2013 11:44 AM
හේමන්ත, ඔහේ හරියටම හරි. මෙයාට සුද්ධෝ එක්ක හැරෙන්ඩවත් බැහැ. ඉතින් ලංකාවේ කණ්ඩායමට එල්ලෙන්ඩ හදනවා. මේවා ඇවිල්ලා බෝරු ෂෝ. (අ)