IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකා බැංකු සභාපති සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ

රාජකාරි කටයුත්තක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ලංකා බැංකුවේ සභාපති රසීක් සරුක් සහ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර පසුගියදා අග්ගමහා පණ්ඩිත  ගලයායේ පියදස්සී නාහිමියන් බැහැදැකීමට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණියහ.

ලන්ඩන් නුවර ලංකා බැංකුවේ ප්‍රධානී නිමල් ප්‍රනාන්දුද ඔවුන්සමඟ පැමිණියේය.

ඔවුන් ඉතා සුහදව පිළිගත් පියදස්සී නාහිමියන් කින්ස්බරි විහාරස්ථානය සහ එයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනම ආරම්භයේ සිට සිදුකළ සියලුම ආගමික, අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩකටයුතු සඳහා ලංකා බැංකුවේ නොමසුරු අනුග්‍රාහකත්වය ලබාදුන්බව ස්තුතිපුර්වකව සඳහන් කළේය.

උන්වහන්සේ ලංකා බැංකුවේ සියලුම අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙවායැයිද සෙත්පතුහ.

මෙම අවස්ථාවට හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ විහාරස්ථ දායක සභාවේ සිසිර ගුණවර්ධනද සහභාගී වුහ.



අදහස් (0)

ලංකා බැංකු සභාපති සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ

අනුරුද්ධ ජයවර්ධන Sunday, 28 July 2013 08:21 PM

කවදත් අපේකම හදුනන ලංකා බැංකුව ඒ වාගේම අපේකමට වැඩ කරණ පියදස්සි හාමුදුරුවන් මුණ ගැසීම අපේ කමේ සමගිය තහවුරු කිරීමක යයි මට හැගේ! අපේකමින් අපේකමට අපි ජය ගමු ලොව දස දෙස. (නි)

:       0       0

දිල්රුක් Monday, 29 July 2013 11:20 AM

රාජකාරියට ගියත් පන්සල මතක් උන එක නම් වටිනවා (දී)

:       0       0

එඩ්වර්ඩ් Monday, 29 July 2013 12:24 AM

සිසිර ගුනවර්දන මහතා කින්ග්ස්බරි පන්සලට ශක්තියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site