රාජකාරි කටයුත්තක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ලංකා බැංකුවේ සභාපති රසීක් සරුක් සහ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර පසුගියදා අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන් බැහැදැකීමට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණියහ.
ලන්ඩන් නුවර ලංකා බැංකුවේ ප්‍රධානී නිමල් ප්‍රනාන්දුද ඔවුන්සමඟ පැමිණියේය.
ඔවුන් ඉතා සුහදව පිළිගත් පියදස්සී නාහිමියන් කින්ස්බරි විහාරස්ථානය සහ එයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනම ආරම්භයේ සිට සිදුකළ සියලුම ආගමික, අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩකටයුතු සඳහා ලංකා බැංකුවේ නොමසුරු අනුග්‍රාහකත්වය ලබාදුන්බව ස්තුතිපුර්වකව සඳහන් කළේය.
උන්වහන්සේ ලංකා බැංකුවේ සියලුම අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙවායැයිද සෙත්පතුහ.
මෙම අවස්ථාවට හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ විහාරස්ථ දායක සභාවේ සිසිර ගුණවර්ධනද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් අපේකම හදුනන ලංකා බැංකුව ඒ වාගේම අපේකමට වැඩ කරණ පියදස්සි හාමුදුරුවන් මුණ ගැසීම අපේ කමේ සමගිය තහවුරු කිරීමක යයි මට හැගේ! අපේකමින් අපේකමට අපි ජය ගමු ලොව දස දෙස. (නි)
රාජකාරියට ගියත් පන්සල මතක් උන එක නම් වටිනවා (දී)
සිසිර ගුනවර්දන මහතා කින්ග්ස්බරි පන්සලට ශක්තියක් (නි)