මිලානෝ නුවර ලිවිනිනෝ ප්‍රදේශයේ මහල් නිවෙසක හතරවන මහලේ ඇති ගින්නකින් ශ්‍රි ලාංකිකයෝ හය දෙනෙක් අනු නවයෙන් දිවි ගලවා ගත්හ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලිසිය සැකකරයි. රාත්‍රි 12.30ට පමණ හුස්ම ගැනිමේ අපහසුව නිසා තමන් නින්දෙන් අවදිවන විට මුළු ගේම දුමෙන් වැසි තිබු බවත් සියලු දේ අතහැර එළියට පැමිණි නිසා තමන්ගේ ජිවිතය ගලවා ගැනිමට හැකිවු බව නිවෙස් හිමියෝ කියති. විදුලි කාන්දුවක් මත ඈති වු ගින්නෙන් ඉතාලියේ රැදි සිටිමේ බලපත්‍රය ඇතුලු ලියවිලි හා යුරෝ දස දහසකට වඩා වටිනා බඩු භාන්ඩ ඔවුන්ට අහිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය දෙනාම නිදි බෙහෙත් බීල නිදාගන්න ඇති ,එහෙම නැත්නම් සැර බීමක් බොන්න ඇති. මොනවා උනත් ජීවිත බේරා ගත්තනේ ඒ ඇති. (අ)
ඔයාල මොනා කිව්වත් එතන හිටිය, ඒක බලන්න ගිය , අපි දන්නවා වුණ දේ. බීලා හිටියා නම් නිදා ගන්නේ නැහැ.සින්දු කියා කියා හරි ඉන්නවා. වීසා එක තියා අතේ තිබ්බ මුද්දත් දාලා දුවලා තිබ්බේ. දන්නේ නැති ඒවා කියවන්න එපා. (නි)
ලාංකිකයන්ගේ බීමත්කම ඉතාලියේ දැවෙන සමාජ ප්‍රශ්නයකි. බීමත්කම නිසා මීට වඩා ලොකු ප්‍රශ්න මෙහි සිදු වී ඇත. (නදී)
ඉතාලියේ නිදා ගන්න පුළුවන් මේ කාලයට .ඒකට අමුතුවෙන් මොනවත් බොන්න ඕනෑ නැහැ (නි)
පිටිගල මිලානෝට මොකුත් වෙලා නැහැනෙ, ආ මේ ඉන්නෙ බඩු. මෙතනත් ඇවිත් මෝඩ කථාවක් කියලා ගිහින් තියෙන්නෙ. අනේ පිටිගල රෑ 12.30 ට මනුස්සයෙක්ට තදින් නින්ද යන්න මොනව හරි සප්පායම් වෙන්නම ඕනෙද? ඔයාලා රෑ 12.30 ට ඇහැරගෙන හොර පාරවල් වල ගියාට අනිත් මිනිස්සුන්ට නම් හොඳට නින්ද යන වෙලාව ඒක.(නදී)
අප්පේ..... ඉතාලියේ රැදි සිටිමේ බලපත්‍රය ගැනිමේ අපහසුව නිසා කරන වැඩ. (නි)
නැතිවූ සේසත මිළ කළ හැකි නමුත් ජීවිත 6 මිළ කළ නොහැකියි. ඒ නිසා සතුටුවන්න. ඔබලාට ඉතාලියෙන් සහනයක් ලබා ගැනීමට හැකිවේවි. (නි)
අපේ බුද්ධිමතා සුසිල් මිලානෝට කරදරයක් නැත්නම් එච්චරයි (නි)
සිංහල අය නම්,අපරාදේ. ජීවිත හානි නොවී බේරුන එක මදෑ (නි)
ගිනිගනිද්දී නිදා හිටියා නම් ගඳ දැනෙන්න කොහොමද? දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. (නි)
රක්ෂණය කරලා තිබුනේ නැද්ද දන්නේ නැහැ. (නි)
සෙන්තිල් මොකද සිංහල මිනිස්සු එක්ක ඔච්චර තරහ? නැති ප්‍රශ්නයක් හදන්නද ලැහැස්තිය? (නි)
6 දෙනෙක් හිටපු ගෙදර එක අයෙකුට වත් පිච්චෙන ගඳක් දෙනිල නැද්ද අප්පේ ? සේසත ගියාදෙන්. ජීවිත බේරුණ එක ලොකු දෙයක්.!(ස)
යුරෝපයේ රටක රක්ෂණය ඉතා හොඳයි. වන්දි ගන්න පුළුවන් කියලා මම හිතනවා (නි)
මේ අයට මෙච්චර තදින් නින්ද ගියේ මොනවාහරි සප්පායම් වෙලාද නින්දට ගිහිල්ල තියෙන්නේ? (නි)
ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය නැති වුණා කියන එක නම් පොඩි සැකයක් ඇති කරවනවා. (නි)
රාත්‍රී 12 කියන්නේ හොඳට නින්ද යන වෙලාව, විශේෂයෙන් සීතල රටවල. ඉතින් උණුසුමට තවත් නින්ද යනවා හුඟක් වෙලවට ඇහැරෙන්නේ ඇඟත් ගිනිගත්තාට පස්සේ (නි)
සිරි, නින්දට ගිහාම කොහොමද ගද සුවද දැනෙන්නේ? (නි)
පාතාලේ කවුරුවත් මේ ගෙදර හිටියේ නැහැ නේද? කෝ අපේ ඉතාලිවාසී අදහස් දක්වන්නෝ ? (නි)