සියලූ අංශයන්ගෙන් ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය පිළිබඳව සතුටට පත්වන බව යුරෝපා සංගමය සඳහන් කර සිටියි.
එම සංගමයේ ආසියා ‐ පැසිෆික් කලාපීය විදේශ සේවා අධ්යක්ෂ ගුනා වේගන්සි විසින් බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවති ශ්රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 20 වැනි හමුවේදී මේ බව සඳහන් කර ඇතැයි බ්රසල්ස් තානාපති ආරංචි කියයි.
ශ්රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර සමීප සබඳතාවක් පවතින බවයි.
විදේශ ලේකම් චිත්රාංගනී වාගීෂ්වර මහත්මිය ශ්රී ලංකාව නියෝජනය කළාය.
COMMENTS
රටේ ඉන්න අපිට කියන්න තරම් ප්රගතියක් පෙනෙන්න හෝ දැනෙන්නේ නැහැනේ.ආපසු හැරීමක් විතරයි තියෙන්නේ. (බ)
අපි ලාංකිකයන් හැටියට ප්රගතියක් දැක්කේ නෑ වගීෂ්වර කියන්නේ මොන විදියේ ප්රගතියක්ද (බ)
කොහෙද අනේ ඔය කියන හැම අංශයෙන්ම දියුණු වුණ රට තියෙන්නේ? අපි ඉන්න ලංකාවෙනම් හැමෝම මේ දවස් වල පාරේ. .(බ)
යුරෝපා සංගමය දැන් අපිට හොදට සලකයි නේද (බ)
සියලු අංශ මොනවද (බ)
හොර සුද්දන්ගේ අනුගාමික කළු සුද්දෝ ශ්රී ලංකාව දියාරු කරන විට හොර සුද්දෝ සන්තෝසයෙන් ඉපිල යයි (බ)
ඒ අයනම් සතුටින් අපි නම් හරිම අසතුටෙන් (හේ)
එයාලට ප්රශ්න පිට ප්රශ්න.ඒවා විසදගන්න බැරිව අපිටත් ප්රශ්න ඇති කරලා දැන් අපි හොදයිලු. (හේ)
දැන් අපේ රට ලොකු වෙනසක් වෙලා තමයි.(හේ)
සංවර්ධනය වු ඒක් අංශයක් වත් තියනවාද? තාම පටන් ගත්ත තැනමයි (ම)
අපිටත් මාර සතුටුයි. ලංකාව දැන් සංවර්ධනය වෙලා ඉන්නේ. වෙන මොනවා කියන්නද? (ම)
මම හිතන්නේ මෙයාල කියන්නේ ලංකාව ගැන නොවේ .වෙන රටක් ගැන වෙන්න ඇති . දැන් යුරෝප සංගමයත් යන එන මන් නැති වේගන එන්නේ .ලංකාව මොන පැති වලින්ද දන්නේ නැහැ දියිනු වෙලා තියෙන්නේ (අ)
ප්රගතියට යුරෝපයෙන් අලුත් අර්ථකතනයක්.මෙයාල ප්රගතිය කියන්නේ ජනතාවට ඔරොත්තු නොදෙන ගානට බදු ගහල බැංකු වංචාවල් සංවර්ධනය සහ මුලින්ම ඇනහිටලා වගේ දේවලට .... (ම)
රුසියාව වැටෙන කාලේ මෙයාල මෙහෙමම තමයි කිවුවේ. මෙයාල කියන දේට ප්රතිවිරුද්ධ දේ තමා අපිට හිතාගන්න තියෙන්නේ (බ)
අපි ඉන්නේ හරිම සන්තෝසයෙන්. තුන් වේලම බඩ පිම්බෙන්න කනවා. එක වෙලාවකට හිතෙනවා අපි ඉන්නේ ලංකාවේද කියලා. (ම)
අනේ අපේ අගමැති තුමා කියන විදියට දැන් අපේ සාක්කු සේරම සල්ලි වලින් පිරිලා තියෙන්නේ. ප්රශ්න අපිට නම් නැහැ යුරෝපෙට තිබුනට. රටේ තියෙන්නේ පුදුම බදු සංවර්ධනයක්. (බ)
ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය පිළිබඳව ශ්රී ලාංකිකයන්ගේ අදහස කොහොමද?(හේ)
මේ සිද්ධ වෙන දේවල් ගැන ඒ අය සතුටු වෙන බව අපි කලින්ම දැනගෙන හිටියා..(හේ)
දැන් සතුටුද ? අහෝ ඛේදයකි නොව අහෝ බේදයකි! (අ)