කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත්තේය.
.gif)
.gif)

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත්තේය.
.gif)
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ තියෙන්නේ ඔවට සල්ලි කොහෙන්ද කියලා..(අ)
තව ටික කලක් යනකොට ප්‍රභූ පර්යන්තයත් අර මොන සතාගේද ගානට වැටේ ද ? කියන්න දන්නේ නැත. (අ)
දැන් මෙයාලා කරන්නේ අස්චාර්ය වෙත රට ගෙනියන එකනේ, පුදුම හිතෙන වැඩ කොච්චර කරාද නේද (දී)
අපරාදෙ සල්ලි... ගෙයක් නැති මිනිහෙක්ට ගෙයක් හදලා දෙන්න මේ සල්ලි වලින්
අපරාදෙ සල්ලි...මීට වැඩිය හොඳ නැද්ද ජාත්‍යන්තර සම්මාන ගත්ත අපේ රටේ ගායකයෙකුට මේඅවස්තාව දුන්නනම්. (දී)
ඇඟේ සයිස් එක කොහොමද..... මාරයි.....(දී)
සාදරයෙන් පිලි ගන්නවා
මේ රටවල් වල අයනම් ඔහොම කෙනෙක් ගැන දන්නෙත් නැහැ ඔයිට වඩා ප්‍රසිද්ද අය එනකොට වී අය් පී එකෙන් මෙහෙ පිළිගන්නෙත් නැහැ. (දී)
කවමදාකවත් මම මෙයාගේ නම අහල නැහැ. (නි)
සඳුන්, ඔයා නම අහලවත් නැත්නම් මෙයා කීයටවත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න බැහැ. මට දුකයි (නි)
නුවන් ඔබ හරියටම හරි. හැමදේටම උදැල්ල දාන අපේ අයම තමා පිටරටින් එන හැම ජරාවක්ම ඉහලින්ම බර ගන්නේ. (දී)
ඇහුවෙත් අදමයි. ඒ මොනවා වුනත් රටේ මිනිස්සුන්ට වගා කරන්න පොහොර නැහැ, අරෙහෙන් අලි වැටවල් නැතුව වගා හා ජීවිත බේරා ගන්න බැරුව ගොවියෝ ලතවෙනවා. මෙහෙන් රෝහල් වල බෙහෙත් නැහැ. ගෙවිය යුතු දීමනා ගෙවන්නේ නැතුව දුම්රිය වර්ජනයේ. මෙහෙ කෝටි ගණන් සල්ලි නාස්ති කරමින් නාඩගම් නටනවා. කාටද මේවා කියන්නේ? (නි)
''යිනී මීනි මයිනී මෝ'' යන ගීතය ජස්ටින් බීබර් සමග ගායනය කල මේ ගායකයා තමයි .2011 දී ''ජෙට් ස්කින්ග්'' ක්‍රීඩාව කරන්න ගිහිල්ලා දරුණු අනුතුරකින් ඔහු දැඩි ලෙස තුවාල ලැබුවා.
අර ක්‍රිකට් විනිසුරු හා ක්‍රිකට් නිවේදක අය මොකද මෙතන කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හිප් හොප් අහන අය තමයි මේ කෙනාව දන්නේ. (නි)
කොයි ලෝකේද මෙයා ජනප්‍රිය?? මේ වගේ අයව දැන් මෙහෙට ගෙන්නන එකේ ඉවරයක් නෑ ,ඒ එන කවුරුත් කියන තරම් ජනප්‍රිය නෑ ,, අපරාදේ සල්ලි, (දී)
හොරුන්ටත් වී අයි පි දුන්නම අපේ රට ගැන කිංස්ටන් ට මොනවා හිතෙනවද දන්නේ නෑ (අ)
වැඩේ හොඳයි, සල්ලි මහජනතාවගේ නෙවි නං. අහිංසක මහජන මුදල් ඕවට වියදන් කරන්න එපා සහ ගහයි. (දී)
මෙයා ඇමෙරිකන් ජැමෙයිකන් රැපර් ගායකයෙක්. නම කේ ඇන්ඩර්සන්. ප්‍රසිද්ධ තමයි. (නි)
මම ආසම සිංදුව මෙයාගේ http://www.youtube.com/watch?v=prmmCg5bKxA (දී)
මෙයා අර දෙන්නටත් රැප් කියලා දෙයිද දන්නේ නැහැ. දැන් අපිට අඩු රැප් විතරයි (නි)
මංජුල අබුඩාබි හිටියට වැඩැක් නැ රට ගැනත් හොයල බලන්න ඔයාට ඒක කියන්න මම මුදල් අමාත්‍යංශයේ ලේකම් නෙවෙයිනේ? (දී)
අපිට අඩු මෙපමණයි ජොලියේ ඉන්මු (අ)
නැහැ අප්පුහාමි... එකේ අමුතුවෙන් සතෙකුගේ ගානට වැටෙන්න දෙයක් නැහැ... එදා ඉඳල අද වෙනකල් එකෙන් වැඩිපුරාම අවේ ගියේ සත්තු තමයි... මොකද අපි කවදාවත් ඕකෙන් අව්වත් ගියේවත් නැහැ... (දී)
සාලිය මට වැරදි දේ වැරදි විදිහට දකින්න මට නිවෙරදි දැක්මක් තියෙනවා රට නිව්ස් බැලුවම පොළොන්නරුවේ අලි ගහපුවා බලනකොට රට යන විදිහ ගැන කලකිරෙනවා අපේ රට සියලු දේවල් වලින් සම්පූර්ණ නම් මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්න නැත්නම් මේවා කරාට කමක්නැහැ නිකන් විසුක දස්සන පෙන්නලා කොලබ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගෙනල්ල නටවන එක නෙවෙයි වැඩේ මූලික ජනතා ප්‍රශ්න විසදිය යුතුයි එකයි මම කියන්නේ කීදෙනෙක් මම හරී කියාවිද දන්නේ නැහැ (දී)
සුභපැතුම් ඔබට
මෙයා කවුද අනේ
අනේ මන්දා අපේ අයටත් මොනවා වෙලාද කියලා ? දැන් ඉතින් ඔක්කොම තියලා මෙයා පස්සේ දුවයි (නි)
ඔච්චරයි අඩුවෙලා තිබුණේ. ඉස්කෝලෙකට විශ්ව විද්‍යාලයකට වියදම් කරන්න සල්ලි නැහැ? අනේ මන්දා රටට යන කලක් (නි)
සඳුන් ඔයා ලංකාවේද ඉන්නේ ? (ස)
අපි දෙන සින්දුවක් අහල සන්තෝසෙන් ඉදිමු.ප්‍රශ්න ඔක්කොම අමතකවෙලා යාවි, (අ)
ඉතා හොදයි. හැම මාසයේම මෙවැනි උත්සවයක්න සංවිධානය කරමු. මේවා බලන්ඩ ඉන්දියවෙන් පකිස්තනෙන් සංචරයෝකයෝ එනව. රටටම හොදයි. සල්ලි ගලනවා. දයට කිරුළට පිටරට ගායකයෝ ටිකක් ගමේ තරුණයින්ට විනෝද වෙන්න ගෙන්න . ජයවේවා (දී)
විවෘත්ත ආර්ථිකයේ වරද. (ස)
ප්‍රීතී ! ප්‍රීතී !! (ස)
මෙයා හොරකන් කරලා සති දෙකක් හිරේ හිටපු කෙනෙක්. නම සීන් කිංස්ටන්. සීයා ලෝරන්ස් ලින්ඩෝ. (අ)
අර බලන්න අපේ ගුවන් සේවා නංගිලාගේ කරට අත දා ගෙන ඉන්නේ අරයා... (නි)
සිංදුවල නරකක් නෑ... ගායකයගේත් වරදක් නෑ..... ඒත් රටේ දැනට පවතින තත්වයට අනුව ඔයවගේ දෙවල් වලට වඩා මූලිකත්වය දියයුතු දේවල්, අඩුපාඩුකම් අපමණයි... ඒවා ඉවරකරලා රටේ ආර්ථික තත්වය දියුණු කරලා හිටියොත්... අන්න එදාට අපිත් එනවාසතුටු වෙන්න (අ)
ක්‍රිකට් විනිසුරු සහ නිවේදක මහතා ගුවන් තොටුපලේ කලමනාකරවරයෙක් (අ)
වරුණ, දැන් මේවට වියදම් කරන්නේ අයවැයෙන් වෙන් කරපු සල්ලි වලින්ද මම දන්නේ නැති නිසා අහන්නේ (අ)
පුද්ගලිකව මම නම් කන්න මොනවත් හොයාගැනීම සදහා ඇමරිකන් විරෝධියකු වී නොමැත.නමුත් හොර පාලකයන්ගේ වැරදි වසා දමා කඩේ යමින් කියක්වත් හොයාගන කන ඊනියා ඇමරිකන් විරෝදියෝ ඇමරිකන් හිපොප් තරු මහජන මුදලින් ගෙන්වද්දී ගල් ගිල්ලා වගේ ඉන්නවා.මට දුක හිතෙනවා ඔවුන් ගැන. (නි)
මෙවද දැන් රටට ඕන ? (ස)
ඔයාල නම් මාරයි ....හැම වෙලේම කන එකයි , බොන එකයි ගැනමයි හිතන්නේ....ඔයාලට කන්න බොන්න දුන්න නම් වෙන මොනවත් ඕනේ නැ. හැම වෙලේම කුහක වෙන්න එපා මිනිස්සුන්නේ .....(අ).
මංජුල අන්න නියම තැනට ආවා. (ස)
ලෝකේ ජනප්‍රිය පුද්ගලයෝ නිතර යන එන රටක් බවට ලංකාව පත් වෙන එක ඉතා හොදයි.නමුත් මේවා කරන්න ඕන පෞද්ගලික අංශයෙන් මිස, වැලේ වැල් නැතිව ඉන්න රාජ්‍ය අංශයෙන්ද. මට මතකයි එක වතාවක් කැනේඩියන් රොක් ගායක බ්‍රයන් ඇඩම්ස් ව ගෙන්නුවේ සතොසෙන්. බිල ලක්ෂ 60 වැඩි. ලෝකේ කොහෙවත් මෙහෙම වැඩ නෑ. (ස)
මම අද වෙනකල් මේ පුද්ගලයාගේ සින්දුවක් අහලා නැහැ
ටයිගර් වුඩ්ස් ව එන්න හදද්දී, එකොන්ව එන්න හදද්දී රට ගිනිතියන්න හදපු මාර සේනාව සද්ද නැත්තේ මොකෝ.... පුදුමයි.... ලොකු දෙයක්(අ)
මොනවා වුනත් හිත හොද පොරක් වගේ. (නි)
මයිකල් ජැක්සොං එන්න බෑ කීවද? (නි)
මෙයාගේ නම අහලා නැහැලුනේ පුදුමයි (දිල්)
දැන් නුඹලට සින්දු අහල බඩගින්නේ තමා එන්නේ වෙන්නේ. (ස)
අනේ මම දන්නෙ නැති හින්ද අහන්නෙ සමාවෙන්න... මේ දේවලට සල්ලි කොහෙන්දැයි??? සුලුපටු ගානක්යැයි මේ අය, අය කරන්නෙ. (ස)
ජයවේවා! අපට මෙච්චරයි ලොකුම අඩුවකට තිබුනේ. (ස)
අල්ලපු රටේ ගස් අස්සේ නටමින් ඔමරි පාන, මුකුළු කරන, කවුරු හරි කඩා පාත් උනා නම් මෙතන ෆැන්ටසි වල ඉදන් විරුද්දව බෙරිහන් දෙන ඉනියා සුචරිතවාදියෝ ටික හු තිය තියා දුවයි පිළිගන්ට.මතකනේ අර ප්‍රගතිද කවුද ඇවිල්ල කටුනායකට පනස් දාහක් විතර පොර කකා හිටිය පිළිගන්ට. (දී)
සමාවෙන්න මෙහෙම කිව්වට, එතකොට අර එයාව පිළිගන්න ඇවිත් ඉන්න අයගෙන් එක්කෙනෙක් නම් ඇවිල්ලා තියෙන තැන ගැන මට සැකයි (නි)
සුභපැතුම් අපේන්
ඇයි අපේ සේනාවේ කට්ටිය මේවට විරුද්ධ වෙන්නේ නැත්තෙ? මේ ගොල්ලන්ව ගෙන්නන්න සල්ලි තියෙනවා. හැබැයි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට ගේට්ටු දාන්න ආණ්ඩුවට සල්ලි නැහැ.කාට කියන්නද මේවා.දෙයියෝ සාක්කි. (නි)
-විදේශ කලාවන් පැමිණිය යුතුය. නමුත් එදා වේලවත් සරි කෙරුමට බැරි අපේ කලාකරුවන්ට මෙහෙම ගියොත් යන කලදසාව? (නි)
වරුණ ඔයා මොනාද දන්නේ? හැමතිස්සෙම වැරදි හොයන්න එපා! ඒක තමන්ට අපලයි! (ස)
මේ ගායකයාගේ නම ඇහුවේ අද. අපි දුක් මහන්සිවෙලා හම්බකරලා ලංකාවට එවන විදේශ විනිමය රටට වැඩක් ඇති දෙයකට යොදවනවා නම් කමක් නැහැ (නි)
නැව ගිලුනත් බෑන් චූන්, බඩට නැති උනත් ලුණු කැඳ, අපිට ඕනමයි විල්ලුද, (අ)
ඉතා හොන්දයි, හැම මාසයේම මොනව හරි උත්සවයක් ලැහැස්ති කරන්ඩ එහාකොට රට හොඳ දේට ප්‍රසිද්ද වෙන්ව, සංචාරකයෝ එනව, මින්සුන්ට ප්‍රසන නැතිවෙනවා, අර එචෝන් කියන ප්‍රකට සගීට කාරයව ගෙන්ද යද්දී අපේ අය කා ගැහුවා නීද, දැන් ඒගොල්ලෝ පළාත් සභාවට ඡන්දෙ ඉල්ලන නිසා වෙන්ඩ් ඇති සද්ද නැත්තේ. ඇයි මේ දෙබිඩි පිළිවෙත්. එළියේදී බයිනවා කැබිනෙට් එකේදී චාසිනෝ දණ්ඩ ඇත ඔස්සනවා. පුලුවන්නම් අයි කියා පිලුතුරක් ලියන්ඩ.(අ)