(සුජිත් හේවාජුලිගේ )
ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඒ අයගෙන් උදව් ලබාගත් බවද බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.
ඒ.ඩී.බී වෙන්න පුළුවන්. අයි.එම්.එෆ්
වෙන්න පුළුවන්. වර්ල් බෑන්ක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්.
මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත් සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත් සූදානම්.
මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන් ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක්
තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඔය FM චැනල් එකකට කතාකරලා බලන්න විකට වැඩසටහන්වලට කාව හරි හොයනවද කියලා...
වැටිලා ඔලුවවත් කොහේ හරි වැදුණාද මන්දා? අප්පුහාමිට දුන්නු චාන්ස් එක පිස්සු කෙලලා නැතිකරගත්තා. නැවත මේ ආත්මයේදී නම් ඔහෙට ආයිත් ඒ පුටුවේ වාඩිවෙන්න ලැබෙන්නේ නැති බව නොතේරීම පුදුමයි... ලබන පාර මෙයාව ගෙදර තියන්න තරම් පොළොන්නරුවේ ජනතාව බුද්ධිමත් වුණොත් ඇති...
හිටන්, හුටන් මේ මොනවද දොඩවන්නේ? යහපාලනය කාලේ ඇමෙරිකාවට ගිහින් පවුල් පිටින් පිස්සු කරපුවා අපිට මතකයි. පාස්කුවේ ඉතිරි මුදලකුත් ගෙවලා අහවර කරන්න කරුණාකරලා... දැන් මෙයා මේ මොකටද එන්නේ? අර අහිංසක කෙල්ලෙක් මරපු මිනීමරුවා කිසිම හේතුවක් නැතිව නිදහස් කරලා ...
ඔය කලාවල් ප්‍රගුණ කළේ ජනාධිපතිකම නැතිවෙලා බලය අහිමි වුණාට පස්සෙද? මෙයා පොලොන්නරුව පැත්තේ බයියන් ටිකක් මුලා කරගන්න... වැලි, පස්, කැලෑ ජාවාරම් කාරයින් එක්ක එකතුවෙලා ගේම ගහන්න නම් දන්නවා.
දුන්නු චාන්ස් එක නැතිකර ගත්තා. නැවත මේ ආත්මයේදී නම් ඔහෙට ආයිත් ඒ පුටුවේ වාඩිවෙන්න ලැබෙන්නේ නැති බව නොතේරීම පුදුමයි...
හොඳ වෙලාවට ලෝක නායකයෝ සිංහල දන්නේ නැහැ. නැතිනම් මෙයා කියන ඒවා අහලා මෙලහකට ලංකාවට පරමාණු බෝම්බෙකුත් දමලා...
සිරිසේන මහත්තයා උගන්ඩාවට යවමු... අර හංගලා තියෙන ඩොලර් ටික ගෙන්වන්න කතාකරගන්න.
හිටන් ගැන කවර කතාද? කොහොමද දන්නේ නැහැ ලෝක නායකයින් දිනාගන්න ඇත්තේ? හිතාගෙන ඇති එයා ෂඩ්බාසා පරමේශ්වර කියලා...
අනිවාර්යයෙන්... බටහිර ජාතිකයින් රිලා නටවනවා බලන්න ආසයි. ගහපන් පුතා හිටි පිනුමක්. ගහපන් පුතා බඩ පිනුමක්...!
කෝටි 10 ගෙවන්නෙත් ලෝක නායකයන්ගෙන්... අහලා බැලුවේ නැද්ද? හාල් මිල අඩු කරන්න ඩඩ්ලි මල්ලිගෙන් අහන්න බැරි කෙනා කියන මරිසි කතා... !
මම ගොඩාක් ආඩම්බරයෙන් කියනවා... මට කර ගත්තා මිසක්, මම කරපු දෙයක් නැහැ කියලා. දැන් පේනවා නේද? මගේ ඇඟේ නූල් පටක් වත් නෑ කියලා....!
ලෝක නායකයින් දිනන්නේ කොහොමද? රටේ මිනිස්සු දිනාගන්න බැරිනම්. ලෝක නායකයින් ඔහේව ගොනාට අන්දනවා. ලෝක නායකයින් විසින් පිළිගත්තු ලංකා නායකයෝ හිටියේ 1977 ට කලින්...!
මොකක්හරි වදින දෙයක් ගත්තාද?
තොත්ත බබා. බබා දැන් මොනවද තවත් රටෙන් බලාපොරොත්තු වන්නේ. පැංශන් ගිය අයෙකු වශයෙන් මහඡන මුදලෙන් නඩත්තු වන බබාට ලැබෙන වරප්‍රසාද නම් නිල නිවාසයන් එය නඩත්තු කිරිමට දීමනා, නිල වාහන තුනක් හා ඒවාට අවශ්‍ය තෙල් ලේකම් වරයෙක් ආරක්ෂක නිලධරීන් හා පැන්ෂන් මුදල් හා තවත් නොකී වරප්‍රසාද... මේ විස්තර මා දැනගත්කේ මැතකදී පළවු පුවත් පතකිනි. මේ රටේ ඉතාමත් බුද්ධිමක් දක්ෂ තරුණ පරපුරක් සිටිනවා. මා ඔවුන් සිය දහස් වරක් විශ්වාස කරනවා. ඔවුන්ට නිසි තැන ලැබුණොත් රට නිවැරැදි මාර්ගයට ගෙනයන බව... දිප්තිමත් ලංකා අනාගතයකට ඡයවේවා...!
හිටන්, මේකට පුළුවන් හොර ඇගමැතිවරු පත්කරන්න විතරයි...
පිස්සු නැතිනම් හොඳයි හිටන්...!
අනේ සිරෝ... ඔබට දිනාගන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ...