ඉතාලියේ නාපෝලියේ ශ්‍රි රිද්ම රංග ආයතනයේ සිසුන්ගේ නුපුර රාවය 06 නෑටුම් ප්‍රසංගය පසුගියදා සිලිස්සියානෝ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
දේශිය නර්තනයේ සෑම අංගයක්ම වේදිකාවට ගෙනා සිසුන්ගේ රංග දක්ෂතාවයන්ගෙන් ප්‍රබෝධමත් වී සිටි පන්සියයට අදික ඉතාලි ශ්‍රි ලාංකික නරබන්නන්ට සාම්ප්‍රදායික වෙස් නෑටුමේ අලුත් දෙයක් දෑක ගෑනිමට හැකිවිය.
ශ්‍රි ලංකාවේ හා ඉතාලියේ සිටින දක්ෂතම බෙර වයන්නන් තිදෙනෙකුගේ බෙර පදයට ශ්‍රි රිද්ම රංග ආයතනයේ නෑටුම් ආචාර්ය ජගත් වික්‍රමසිංහ හා තවත් නෑට්ටුවන් දෙදෙනෙකු නරබන්නන් තව තවත් ආකර්ශනය කර ගනිමින් සාම්ප්‍රදායික වෙස් නෑටුම වෙදිකාවේ ඉදිරිපත් කරමින් සිටි.
ඒදා තමාට සිටි දක්ෂතම ගෝලයා (ජගත් වික්‍රමසිංහ) මෙදා විදෙස් රටකට විත් දේශිය නෑටුම් සාස්ත්‍රය දරු දෑරියන්ට කියා දෙන ගමන් වේදිකාවේ වෙස් නැටුම ඉදිරිපත් කරන අයුරු බලා සිටි මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් නැටුම අතරතුර වේදිකාවට ගොඩවිය.
සාම්ප්‍රදායික වෙස් ඇදුම ඔහු සතු නොවීය. වයි වර්ණ ඇඳුමකින් සෑරසි සිටි මහචාර්යවරයා තම ගෝලයා සමග එක ලෙස වෙස් නැටුම නටන විට බෙර හඩ නොවෑසෙන සේ අත්පොලසන් හඩින් ශාලාව දෙදුරුන් දුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මොනතරම් ආඩම්බරද? (ස)
හරිදෙයක් හරි විදියට කළ සාර්ථක උත්සාහයක්.සුබ පැතුම් (නි)
අති විහිෂ්ටයි ගුරු පියාණනි,ඔබේ ඇගයීම සබැ දක්ෂින් වෙනුවෙන්. ඔබ අපට ආඩම්බරයක් ජගත් සොයුරණනි.ඔබට නීති ජය........! (අ)
අපිත් බැලුවා. හරිම වටිනවා. මේ වගේ නර්තන පිට රටකදී බලන්න ලැබීම භාගයක් (දී)