ශ්‍රී ලංකාවේ ළමයිනට ක්‍රීඩා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීමේ අරමුදලක් ඇති කිරීම සඳහා ලන්ඩනයේ ස්ටෝමාකට්හි තරුණ යුවළක් කිලෝ මීටර 12,000ක සයිකල් සවාරියක් ඇරැඹීමට යති.
දන්ත හෙදියක වන ලීන්ස් පෙම්බර්ටන් (27) හා ඇගේ සැමියා වන වඩු කාර්මික පෝල් ස්නග්ස් (28) මෙම චාරිකාවේ මුල් අදියර ලන්ඩනයේ දෝවර් නගරය දක්වා ගමන් ඇරැඹූහ.
යුරෝපය ඔස්සේ ග්‍රීසියට ගොස් එහි දින කිහිපයක් නතර වන ඔවුහු යාත්‍රාවකින් තුර්කියට යෑමටත්, තුර්කියේ සිට ඉරාණය දක්වා පාපැදියෙන් ගොස් ඉන්දියාවට ගුවනින් යෑමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගොස් හය මාසයක් ගත කරන බවත්, ඒ කාලයේ දී ලංකාවේ ගම්බද පාසලක ඉංග්‍රීසි හා ක්‍රීඩා උගන්වන බවත් හෙදිය කියන්නීය.
දැනට මොවුහු පවුම් 1000ක් (රුපියල් 222830) ‘කික්ස්ටාට්‘ නම් මෙම අරමුදලට එකතු කරගෙන සිටිති.
මේ ගමනේ දී රටවල් 17ක් ඔස්සේ ශ්‍රී ලංකාවට යන ඔවුහු උදේ හයේ සිට පස්වරු පහ දක්වා බයිසිකල් පැදීමට යති. රාත්‍රිය කූඩාරමක නවතින බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි, ඔබේ කියමන ඉංග්‍රීසියට හරෝලා ගුවන් තොටුපොළට එනකොටම පෙනෙන්න සැළැස්සුවා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
කොච්චර ලස්සන මානසිකත්වයක් ඇති මිනිසුන්ද? (නි)
නුවන්, මේ මිනිසු මේවගේ දේවල් කරන්නේ තමන්ගේ ප්‍රශ්න වලින් මිදෙන්නයි. ඒ ගොල්ලන්ගේ ඒකාකාරී , අපේක්ෂා භංගත්ව ජිවිත් වලට හරිම ශාන්තියක් අපි වගේ දුප්පත්තු ඉන්න එක ඒගොල්ලන්ට පින් දෙන්න. (දී)
හාපෝ සල්ලි එකතු කරලා ලංකාවේ ළමයින්ට උදව් කරාට හොඳයි, හැබැයි ලංකාවේ ඇවිල්ල ගමවල් ගානේ යන්න නම් හිතන්නවත් එපා. තංගල්ලේ වගේ හොඳ හැදිච්ච දේශ පාලුවෝ ලංකාව පුරාම වැහි වැහැලා. (නදී)
දෙවියන් වැනි යුවලක් , විශිෂ්ට මානුෂික ක්‍රියාවක් , ඔබ දෙදෙනාගේ ප්‍රාර්ථනා ඉහලින්ම සාර්ථක වේවා පතමි , (දී)
මට කියන්න තියෙන්නෙත් කුමාරි කියුව ටිකමයි. දේශය පාලු කරන කට්ටිය ගෙන් ජීවිත රැක ගන්න. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා! (නදී)
මේ අයගේ උත්සාහය කොතරම් වටිනවද ?නමුත් මෙයාලා ලංකාවේ ඉන්න කාලය තුල පලාත් සබා මන්ත්‍රීලගෙන් පන බේරාගන්නේ කොහොමද ? මේ වගේ දෙන්නෙක් වෙරළේ කුඩාරමක ඉදලා කට්ටියක් කාන්තාව දුෂණය කළා නේද?ලංකාවට ආවට පස්සේ පල්ලියක, කන්‍යාරාමයක හෝ පන්සලක ආරක්ෂාවට පත්කරන්න. (නදී)
කුමරිගේ කටෙයි සීනි දාන්න ඕනේ (නදී)
මේකෙන් මොවුන්ට හොඳ විනෝදෙකුත් ලැබෙනවා. සේවෙකුත් වෙනවා. එ්ත් මන් නම් කියන්නේ ඉරානෙට,ඉන්දියාවට ලංකාවට වගේ එද්දී ටිකක් පරෙස්සමෙන්. මේ රටවල ඉන්නේ බස් එකක යන්ට දන්නේ නැති මහත්තුරු.(නදී)
මේකෙන් මොවුන්ට හොඳ විනෝදෙකුත් ලැබෙනවා. සේවෙකුත් වෙනවා. එ්ත් මන් නම් කියන්නේ ඉරානෙට,ඉන්දියාවට ලංකාවට වගේ එද්දී ටිකක් පරෙස්සමෙන්. මේ රටවල ඉන්නේ බස් එකක යන්ට දන්නේ නැති මහත්තුරු.(නදී)
බුදු අම්මෝ ලංකාවට ආවත් කමක් නෑ. එංගලන්තේ වගේ ලංකාවේදී නම් කුඩාරම් වල රැයක් ඉන්න හිතන්නවත් එපා. කුඩාරම් නෙමෙයි දැන් කාලේ හොඳ හෝටලේක නැවතිලා ඉන්න එකත් ආරක්ෂාකාරී නැහැ (නදී)
බුදු අම්මෝ! මෙහෙ නම් ආවාට කමක් නැහැ. අපේ පාසල් වල උගන්වන්න එහෙම යන්න එපා. අපේ සමහර ඇත්තන් ඉන්නවා ගුරුවරු දණගස්වන. සභාපති කෙනෙකුට එහෙම අහු වුණොත් තවත් ලෙඩක් වෙන්නේ (නි)