IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක් දරුවන්ට උදව් කරන්න සුදු ජෝඩුව සයිකල් සවාරියක

ශ්‍රී ලංකාවේ ළමයිනට ක්‍රීඩා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීමේ අරමුදලක් ඇති කිරීම සඳහා ලන්ඩනයේ ස්ටෝමාකට්හි තරුණ යුවළක් කිලෝ මීටර 12,000ක සයිකල් සවාරියක් ඇරැඹීමට යති.

දන්ත හෙදියක වන ලීන්ස් පෙම්බර්ටන් (27) හා ඇගේ සැමියා වන වඩු කාර්මික පෝල් ස්නග්ස් (28) මෙම චාරිකාවේ මුල් අදියර ලන්ඩනයේ දෝවර් නගරය දක්වා ගමන් ඇරැඹූහ.

යුරෝපය ඔස්සේ ග්‍රීසියට ගොස්  එහි දින කිහිපයක් නතර වන ඔවුහු යාත්‍රාවකින් තුර්කියට යෑමටත්, තුර්කියේ සිට ඉරාණය දක්වා පාපැදියෙන් ගොස් ඉන්දියාවට ගුවනින් යෑමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගොස් හය මාසයක් ගත කරන බවත්, ඒ කාලයේ දී ලංකාවේ ගම්බද පාසලක ඉංග්‍රීසි හා ක්‍රීඩා උගන්වන බවත් හෙදිය කියන්නීය.

දැනට මොවුහු පවුම් 1000ක් (රුපියල් 222830) ‘කික්ස්ටාට්‘ නම් මෙම අරමුදලට එකතු කරගෙන සිටිති.

මේ ගමනේ දී රටවල් 17ක් ඔස්සේ ශ්‍රී ලංකාවට යන ඔවුහු උදේ හයේ සිට පස්වරු පහ දක්වා බයිසිකල් පැදීමට යති. රාත්‍රිය කූඩාරමක නවතින බවත් කියති.

4263740144



අදහස් (0)

ලක් දරුවන්ට උදව් කරන්න සුදු ජෝඩුව සයිකල් සවාරියක

සුනිල් පෙරේරා Sunday, 03 August 2014 09:18 PM

කුමාරි, ඔබේ කියමන ඉංග්‍රීසියට හරෝලා ගුවන් තොටුපොළට එනකොටම පෙනෙන්න සැළැස්සුවා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

නුවන් Monday, 04 August 2014 12:48 AM

කොච්චර ලස්සන මානසිකත්වයක් ඇති මිනිසුන්ද? (නි)

:       0       0

අපොන්සු Monday, 04 August 2014 07:47 AM

නුවන්, මේ මිනිසු මේවගේ දේවල් කරන්නේ තමන්ගේ ප්‍රශ්න වලින් මිදෙන්නයි. ඒ ගොල්ලන්ගේ ඒකාකාරී , අපේක්ෂා භංගත්ව ජිවිත් වලට හරිම ශාන්තියක් අපි වගේ දුප්පත්තු ඉන්න එක ඒගොල්ලන්ට පින් දෙන්න. (දී)

:       0       0

කුමාරි Sunday, 03 August 2014 11:27 AM

හාපෝ සල්ලි එකතු කරලා ලංකාවේ ළමයින්ට උදව් කරාට හොඳයි, හැබැයි ලංකාවේ ඇවිල්ල ගමවල් ගානේ යන්න නම් හිතන්නවත් එපා. තංගල්ලේ වගේ හොඳ හැදිච්ච දේශ පාලුවෝ ලංකාව පුරාම වැහි වැහැලා. (නදී)

:       0       0

නලින් යහම්පත් Monday, 04 August 2014 08:36 AM

දෙවියන් වැනි යුවලක් , විශිෂ්ට මානුෂික ක්‍රියාවක් , ඔබ දෙදෙනාගේ ප්‍රාර්ථනා ඉහලින්ම සාර්ථක වේවා පතමි , (දී)

:       0       0

රූපවතී Sunday, 03 August 2014 12:40 PM

මට කියන්න තියෙන්නෙත් කුමාරි කියුව ටිකමයි. දේශය පාලු කරන කට්ටිය ගෙන් ජීවිත රැක ගන්න. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා! (නදී)

:       0       0

සිතුම් Sunday, 03 August 2014 01:25 PM

මේ අයගේ උත්සාහය කොතරම් වටිනවද ?නමුත් මෙයාලා ලංකාවේ ඉන්න කාලය තුල පලාත් සබා මන්ත්‍රීලගෙන් පන බේරාගන්නේ කොහොමද ? මේ වගේ දෙන්නෙක් වෙරළේ කුඩාරමක ඉදලා කට්ටියක් කාන්තාව දුෂණය කළා නේද?ලංකාවට ආවට පස්සේ පල්ලියක, කන්‍යාරාමයක හෝ පන්සලක ආරක්ෂාවට පත්කරන්න. (නදී)

:       0       0

මෙවන් Sunday, 03 August 2014 01:36 PM

කුමරිගේ කටෙයි සීනි දාන්න ඕනේ (නදී)

:       0       0

ශීලා Sunday, 03 August 2014 02:20 PM

මේකෙන් මොවුන්ට හොඳ විනෝදෙකුත් ලැබෙනවා. සේවෙකුත් වෙනවා. එ්ත් මන් නම් කියන්නේ ඉරානෙට,ඉන්දියාවට ලංකාවට වගේ එද්දී ටිකක් පරෙස්සමෙන්. මේ රටවල ඉන්නේ බස් එකක යන්ට දන්නේ නැති මහත්තුරු.(නදී)

:       0       0

ශීලා Sunday, 03 August 2014 02:21 PM

මේකෙන් මොවුන්ට හොඳ විනෝදෙකුත් ලැබෙනවා. සේවෙකුත් වෙනවා. එ්ත් මන් නම් කියන්නේ ඉරානෙට,ඉන්දියාවට ලංකාවට වගේ එද්දී ටිකක් පරෙස්සමෙන්. මේ රටවල ඉන්නේ බස් එකක යන්ට දන්නේ නැති මහත්තුරු.(නදී)

:       0       0

බෙනට් Sunday, 03 August 2014 02:50 PM

බුදු අම්මෝ ලංකාවට ආවත් කමක් නෑ. එංගලන්තේ වගේ ලංකාවේදී නම් කුඩාරම් වල රැයක් ඉන්න හිතන්නවත් එපා. කුඩාරම් නෙමෙයි දැන් කාලේ හොඳ හෝටලේක නැවතිලා ඉන්න එකත් ආරක්ෂාකාරී නැහැ (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 03 August 2014 06:56 PM

බුදු අම්මෝ! මෙහෙ නම් ආවාට කමක් නැහැ. අපේ පාසල් වල උගන්වන්න එහෙම යන්න එපා. අපේ සමහර ඇත්තන් ඉන්නවා ගුරුවරු දණගස්වන. සභාපති කෙනෙකුට එහෙම අහු වුණොත් තවත් ලෙඩක් වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site