IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක් දරුවෝ අවුරුදු උරුමය ලන්ඩන් ගෙනයති

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සහ සංගීත හා නර්තන පන්තිවල   දරු දැරියන් සහභාගී වූ සිංහල අවුරුදු උත්සවය පැවැත්විණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දහම් පාසලේ ප්‍රධානාචාර්ය   නේපාලේ සුමන හිමියන් ඇතුළු ගුරු මණ්ඩලයේත් අනෙකුත් දායක කාරකාදීන්ගේත්  උත්සාහයෙන් සංවිධානයකර තිබු එම බක්මහ උළෙල ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරු දැරියන් විසින් මෙතෙක් එංගලන්තයේදී ඉදිරිපත් කරනු ලැබූ විශිෂ්ට තම කලා උළෙල බව එය නැරඹීමට පැමිණි බොහෝදෙනා පැවසුහ.

 දරු දැරියන් ඉදරිපත් කළ නර්තන අංගයන් පුහුණු කරන ලද්දේ ප්‍රවීණ නර්තන ශිල්පී ඒ.පී.අත්තනායක, රසිකා අත්තනායක සහ ඕලු සුරවීර විසිනි.

සිංහල ගැමි සංගීතය සහ ගැමි ගීත තේමා කරගත් වටිනා ගායන අංගයන් පුරුදු පුහුණුකර ඉදිරිපත් කරන ලද්දේ සංගීත විශාරද අර්චනා දිසානායක විසිනි. වාදනයෙන් චන්දන ෆොන්සේකා ඇයට සහාය විය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය තේමා කර ගනිමින් නිර්මාණය කර තිබු කෙටි නාට්‍ය පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ චන්දන විතාන සහ ශර්මිලා විතාන විසිනි.

උත්සවයේ විස්තර කථනය ද චන්දන විතාන ගෙනි.

බක් මහ උළෙල  සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ද තානාපති නිලධාරයෝ ද දරු දැරියන්ගේ දෙමාපියෝ සහ හිතමිත්‍රාදී හු ද  සහභාගී වුහ.

උත්සවය ආරම්භයේදී සියලුම දෙනා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවන ලද්දේ  පියදස්සී නාහිමියන් විසිනි.

ඉන් පසුව දහම් පාසල් සිසු සිසුවියන් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරද්දී මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් විසින් ජාතික කොඩිය එසැවීය. 

ආරාධිත අමුත්තෝ ඊළඟට සම්ප්‍රදායික  පොල්තෙල් පහන දැල්වූහ. ඒ සඳහා අලංකාර පහනක් නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ කලාශිල්පී ජයරත්න බණ්ඩාර විසිනි.

උදෑසන සියලුම සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් සිංහල අවුරුදු චාරිත්‍ර සහ සම්ප්‍රදායික කෙලි සෙල්ලම් ඇතුළත් වැඩසටහනක්ද සවස් භාගයේදී අලංකාර සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි.

 කැවුම්,කොකිස්, කිරිබත්,  අතිරස ඇතුළු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පානාදියද එහි විය.

නේපාලේ සුමන හිමියන් පැවසුවේ ශ්‍රී ලාංකික ජාතික සහ සංස්කෘතික උරුමයේ වටිනාකම අනාගත පරපුරට අවබෝධ කරදීම අත්‍යාවශ්‍යම යුගයක් බවට පත්ව ඇති කාල වකවානුවක   මේ උත්සාහය පැසසිය යුතු බවයි. "කාර්ය බහුල ව සිටියදී තමන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් කැප කරමින් මෙම බක්මහ උළෙලේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ස්වෙච්ඡාවෙන් උදව් උපකාර කළ දහම් පාසලේ ගුරු මණ්ඩලය,පරිපාලන සහායක නිලධාරී මහත්ම මහත්මීන්, කුසලතා පුර්ණ කලා ශිල්පීන් ඇතුළු සියලුම දෙනාහට තම ස්තුති පුර්වක ගෞරවය පුදකරන බවද" සුමන හිමියෝ පැවසුහ.

ලන්ඩනය වැනි නවීන මෙන්ම සංකීර්ණ නගරයක ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දු දරුවන් ඉදිරිපත් කළ නර්තන සහ ගායනා මගින් එදින ඔවුනගේ ආගම සහ මුල් සංස්කෘතිය පිළිබඳව ඔවුන් අතර ඇති ඇල්ම මෙන්ම පරිනත භාවය පුදුම සහගත බව මෙම සංදර්ශනය සඳහා සහභාගිවූ ජාතික රුපවානිනී සේවයේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදක වරයෙකු සහ වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ වරුණ ලේල්වල පැවසීය.

පසුගිය වසර කිහිපයක් පුරා එංගලන්තයේ විවිධ නගරවල ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන ඉදිරිපත්කළ ඉතාම උසස් මට්ටමේ සංස්කෘතික සහ ආගමික වැඩසටහන් සඳහා තමන් සහභාගීවී ඇතිබවත් ඒ අතරින් මෙම වැඩ සටහන ප්‍රමුඛ ස්ථානයේ තැබිය හැකි බවත් ඔහු කිවේය.

 



අදහස් (0)

ලක් දරුවෝ අවුරුදු උරුමය ලන්ඩන් ගෙනයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site