ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි.
ශී‍්‍ර ලාංකික ඇය මේ දක්වා ලබා ඇති ජයග‍්‍රහණ දෙස බැලීමේදී කවදා හෝ ඇය තම අරමුණ කරා යතියි සැකයක් ද නැත.
මේ සා දස්කමක් කිරීමට සැරසෙන ඉයුජීන් 14 වියැතිය.තරුණ විය බොහෝ දෙනාට විවිධාකාර දේ වෙනුවෙන් හිස වෙහෙසකිරීමට මංපෑදුවත් ඉයුජීන් ඒවාට සූදානම් නැත.ඇයට පැහැදිලි අරමුණක් ඇති අතර එය දිනාගන්නා තෙක් වැඩකිරීමට ඇය සූදානම්ය.
මුලින්ම ඇය අපේක්ෂා කරන්නේ එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි අංශ නිළධාරිනියක ලෙස කටයුතු කිරීමටයි.අනතුරුව ඇයගේ අරමුණේ උත්තරීතරම ස්ථානය ඇමරිකා ආරක්ෂක ලේකම් ධූරය දිනා ගැනීමයි.
මේවා ඉයුජීන්හට සිහින වලට සීමා වන්නන් නොවේ.ඇයගේ වැඩකටයුතු හා මේ දක්වා ඇය පා ඇති දස්කම් දෙස බැලීමේදී ඇය කවදා හෝ දිනන බව නම් සහතිකය.
ඇයගේ අධ්‍යාපන මට්ටම ඇත්තේ සුපිරිම තලයේය.වසර 3 කට ඉහතදී තම පාසැල් අධ්‍යාපන කටයතු හමාර කර තිබෙන ඇය ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බුද්ධි අංශ විමර්ශණ කටයුතු උපාධිය ලබාගෙන ඇත්තේ එම උපාධියට හිමි ඉහළම සාධන මට්ටම හිමිකරගනිමිනි.පාසැල් සමයේදී ඇයට කිසිදිනක ඒ සාමාර්ථයෙන් පහළ සාධන මට්ටමක් හිමි වී නොමැත.ඇයට ගණිතයට හා කථනයට දැක්වූ දස්කම් වෙනුවෙන් වර්ජිනියාවේ ජෝන් හොප්කින්ස් සරසවියෙන් පිරිනැමුනු ගෞරව සහතිකයකුත් හිමිය.ඇය මෙම සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත්තේ යන්තම් වසය අවුරුදු 9 දීය.
උසස් අධ්‍යාපනය සදහා වසය අවුරුදු 14 ක් වැනි ලාබාල අවධියේදීම හාවර්ඞ් සරසවියට පිවිසීමට වරම් ලැබ ඇති ඇය නීතිය සදහා වන ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත්ව සිටී.ඇයගේ සමකාලීනයෝ මේ වන විට නව වන වසරේ ඉගෙනුම ලබති.නීතිය සදහා වන උපාධි පාඨමාලාවේදී ඇය තම පළමු අධ්‍යන වාර්තාව සිදුකර ඇත්තේ පාඨමාලාව ආරම්භ වීමටත් ප‍්‍රථමයෙනි.ඇය හා පාඨමාලාව හදාරය ඇයගේ සහෝදර පන්ති සාමාජිකයෝ සියල්ලෝම වයස අවුරුදු 20 - 30 අතර පසුවන්නෝ වෙති.
ඇයගේ පියා රචනා කළ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා වන ග‍්‍රන්ථයකටත් ඇය දායකත්වය ලබාදී ඇත්තීය.11 වැනි වියේ සිට ඇය තමන් සකස් කළ පර්යේෂණ වාර්තා ජාත්‍යන්තර හමුවන්ට ඉදිරිපත් කරද ඇති අතර ඒ සියල්ලකගෙන්ම ප‍්‍රථම ස්ථානයද ලබා ඇත.ළමා පොත් 2 ක්ද ඇය ප‍්‍රකාශයට පත් කර ඇත්තීය.
මේසා වැඩකටයතු කිරීමට තමන්ට දිරිය දෙන්නේ තම පියා බව ඇය පවසයි.ඔහුට වෙනස්ම ආරයේ් ඉගැන්වීම් රටාවක් ඇති බව ඇය කියයි.
ඇයගේ පියා වන මහාචාර්ය ඉයුජීන් ද සිල්වා ශී‍්‍රලංකාවේ අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය සදහා බි‍්‍රතාන්‍යය කරා සංක‍්‍රමණය වූවෙකි.භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සම්බන්ධයෙන් බව මහාචාර්යවරයෙකු වන ඔහු සේවය කරන්නේ ඇමරිකාවේ වෝල්ටර් ස්ටේට් විදුහලේය.වර්ජිනියා පර්යේෂණ ආයතනය පිහිටුවීමටද මූලිකත්වය ගෙන ඇත්තේ ඔහුය.‘‘මම උගන්වන්නේ පර්යේෂණයන් භාවිතා කරලා.මේ සම්බන්ධ ඉගැන්වීම් රටාව දැනටමත් ඇමරිකාවේ ටෙනහසි හි අත්හදා බැලෙමින් පවතිනවා.වෝල්ට්ර් ස්ටේට් විදුහලේ හා ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ පූර්ණ අධිීක්ෂණට මත තමයි මෙය සිදුවන්නේ.මම බලාපොරොත්තු වනවා වර්ජිනියා පර්යේෂණ ආයතනයේ ශී‍්‍රලංකා ශාඛාව ඔස්සේ ශී‍්‍රලංකාවටත් අලූත් ඉගැන්වීම් ක‍්‍රමවේදයන් හදුන්වාදීමට‘‘ මහාචාර්ය ඉයුජීන් ද සිල්වා කියයි.
ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමය සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු මනාපයක් නොමැත.
‘‘අප ළමයි මනින්නේ ඒ සාමාර්ථ වලින්.අපොස උසස් පෙළ විභාගය සැළකුවහොත් ප‍්‍රතිඵල හැටියට අපට ඒ සාමාර්ථ ගොඩකුත් තියෙනවා.නමුත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තවම ලැබිල නෑ.මගේ අදහස තමයි සහතිකයකට පමණක් සීමා නොවන අධ්‍යාපන ක‍්‍රමයක් දක්වා ශී‍්‍රලංකාවේ අධ්‍යාපනය වර්ධනය විය යුතු තත්ත්වයක පවතිනවා කියලා‘‘
ඔහු කියයි.
ශී‍්‍ර ලංකාවේ විභාග ක‍්‍රමය හා බැදී ඇති ටියුෂන් සංස්කෘතියද ඔහුගේ අවධානය දිනා ගෙන තිබේ.
‘‘මේ තරගයෙන් ශී‍්‍රලංකාවේ ළමුයින් මුදවා ගත යුතුමයි.‘‘ඔහු පවසයි.
කුඩා ඉයුජීන්ද තම පියාගේ අදහස් හා එකග වන්නීය.
‘‘මම මගේ පියාගෙන් ඉගෙන ගෙන තිබෙන හැටියද ඉගෙනීම කියන්නේ විනෝදයෙන් කළ යුතු දෙයක් මිස රාජකාරියක් නොවේ.‘‘ ඇය කියයි.
ඉගෙනීමට අමතරව බාහිර කි‍්‍රයාකාරකම් රැසකද ඉයුජීන් නිරත වේ. කරාටේ සටන් කලාවේ දුඹුරු බද පටියකට හිමිකම් කියන ඇය පාපන්දු ක්‍රිඩාවේද නිරත වන්නීය.ටෙනසිහි පැවැත්වුණු රූ රැජින තරගයකටත් සහභාගිව ඇති ඇය එයිනුදු ජය ලබා ඇත්තීය.
මේ සා බාහිර කි‍්‍රයාකාරකම් රැුසක් මධ්‍යයේ වුවද ඉගෙනුමට ලබා දෙන තැන ඇය අමතක කරනොමැත.
හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉහළ උපාධි පාඨමාලාවෙන් පසුව ඇය බුද්ධිමය කටයුතු වෙනුවෙන් පිරිනමන පශ්චාත් උපාධිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.
‘‘මම සමානත්වය,පිළිගැනීම,මානව හිමිකම් කෙරෙහි තදින්ම විශ්වාස කරනවා.සියලූ දෙනාට මේ කරුණු ගැන සැළකීමේදී එකසේ අවස්ථා හිමිවිය යුතුමයි.මගේ කි‍්‍රයාකාරකම් හා වැඩකටයුතු සියල්ල පදනම් වෙලා තිබෙන්නේ මේ කරුණු මත.‘‘පුද්ගලයෙකුට යමක් දිනා ගැනීමට අවශ්‍ය නම් නිසි අරමුණක් තිබීම වැදගත් යැයි ඇයගේ අදහසයි.‘‘අරමුණු අප එකම මාර්ගයක රදා පවත්වා ගන්නවා.හරි තීරණ ගන්න අපව මෙහෙයවනවා‘‘ ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය කවදාවත් ලංකාවට අයිති කෙනෙක් නෙමෙයි. බටහිර උගත් බටහිරටම අයිති කෙනෙක්.(නදී)
ආරක්ෂක ලේකම් කෙනෙක් වෙන්න එච්චර ඉගෙනගන්න ඕනේද? (නදී)
රූප රැජිනක් වීම පාර්ලිමේන්තුවට යන්න සුදුසුකමක්ද? (නදී)
ලංකාවේ කියල කියන්නත් එපයි කියලා මන් නම් කියන්නේ තරහකට හෝ අහිතකින් නොවේ. අපේ අය පෝලිමේ එයි නයට ඉල්ලන්, රස්සා ඉල්ලන්, වෙන වෙන වාසි ඉල්ලන්.(නදී)
රාජපක්ෂ සහ පද්මා කියන දේ හරි. අපි අතීතය ගැන කියල විතරක් වැඩක් නැහැ. වර්තමානයයි වඩා වැදගත් කියල බුදු දහමේත් සදහන් වෙන්නේ. ඒ වගේම දැන් නම් උගත්තු රට දාල යනවා විතරක් නොවෙයි සත්‍ය කතා කරන උගත්තු රට දාලා යන තැනට කටයුතු කරනවා.(නදී)
ඉතා සතුටුයි සුබ පතනවා ! (නදී)
ප්‍රශාන් ප්‍රේමරත්න මොනවා නිසාද ඔහොම කිවේ. උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු සිසුවෙක් දන්නා ප්‍රථමාදාර මොනවද කියල අහල බලන්න. රට වටේම මුහුද තියන් රට ඇතුලේ ඇල දොළ තිබිලා කිදෙනෙක්ට පීනන්න පුලුවන්ද. අපේ රටේ පොතේ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ පන්ති භේදයයි, නිලදාරිවාදයයි විතරයි.(නදී)
ඔබ බිහිකළ මවද ඔබව හැදු පියාද ලොවට නය නැත. දුවේ ඔබට ජයෙන් ජය! (නදී)
නුතන අධ්‍යාපන ක්‍රමේ ලංකාවට ලැබුනේ මහා බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවති කාලයේදී. ඒ ලැබිච්ච අධ්‍යාපනේ ලෝකේ හැම රටකම වෙනස් උනත් අපේ රටේ වෙනස් වෙන්නේ නැහැ. මහාචාර්‍ය තුමා කියන විදියට ඕක කරන්න ලේසි නැහැ. හේතුව අතන මෙතන උද්ගෝෂණ වැඩ වර්ජන පටන් ගනියි. (නදී)
මහාචාර්‍යතුමා, ලංකාවේ පොතේ ගුරාළා ලෙහෙසියකට ඔය කතාව අහන එකක් නැහැ. දේශපාලන වාසි ගන්ට රටම ගිනි තියයි. ඔබ තුමාට විජාතික බලවේගවල ඒජන්තයෙක් කියලා කියයි. මේවා ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ කියලා කියයි.(නදී)
මහා බ්‍රිතාන්‍යෙයන් ලැබිච්ච අධ්‍යාපනේ සුද්දා ගිය දා ඉදන් වෙනස් වෙලා නැහැ. එංගලන්තෙත් දහස් වාරයක් වෙනස් වෙලා.(නදී)
මේ දුවට ඉන්නේ තාත්ත විතරද ? (නදී)
ලංකාවේ ඉන්න දක්ෂයෝ රැකගමුද ? නැත්නම් අපට වෙන්නේ ලංකාවෙන් ගිය අයගේ දක්ෂකම් බල බල සතුටු වෙන්නයි. අපේ ළමයි කොච්චර දක්ෂ උනත් අඩු වයසින් ඉහලට යන්න වැඩපිලිවෙලක් නැහැ. අනික අපේ සහතික පිලි නොගැනීම විශාල ගැටලුවක්. අපේ එම්.එස්.සී එකක් තිබුනත් ආයතනවල රට ඇතුලේම සලකන්නේ නැහැ ඉතින් කලකිරිලා ඔහේ ඉන්නවා.(නදී)
"ලක් දැරියගේ ඉලක්කය ඇමෙරිකාවේ මහ පුටුවක්" හොද වෙලාවට ඒ ආශාව ඇමෙරිකාවේදී ඇති වුනේ. ලංකාවේදී ඇති වුනා නම් වෙන දේ දන්නවනේ.(නදී)
දුවටත්, දුවගේ දෙමාපියන්ටත් දීර්ඝා යුෂ පතමි. සියලු පැතුම් ඉෂ්ට වේවා. සෑමවිටම තමාගේ රාජකාරිය එම රටේ නීතියට අනුකුලව සිදු කරන්න. (ස)
චින්තක, රටම ත්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නු ජාතික වීරයා ජනාදිපතිවරණයට මුහුණ දුන්න නිසා වුන දේ දන්නවනේ. ත්‍රස්තවාදී නායකයෝ බුදු සැප විදින කොට ජාතික වීරයා අන්තිමට හිරෙත් ගිහින් ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කන්නත් සිද්ද වුනා.(නදී)
ඔබට ඇමරිකානු ජනාධිපති වීමට ලැබේවා! (නදී)
මේකට අදහස් දාල තියෙන හුගක් කට්ටිය හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවේ මිනිස්සුන්ට වැඩිය උගත් කියලා. ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කියවන්නයි ලියන්නයි විතරයි. ලෝකේ වැඩිම මෝඩයෝ ඉන්නේ කොහෙද? (නදී)
අපේ රටට එන්න බැරිද අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. යුද්දය නම් ඉවර උනා පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා නීතිය යුක්තිය සහ සහජීවනය පිලිබඳ? (නදී)
ඔබේ සිහිනය සබැවක්ම වෙන්න ඉදිරියටම යන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔබ මේ පුවත දකින්න ඇති ඒත් කියවන්න සිංහල ඉගෙන ගෙන නැතුව ඇති සමහර විට, ඔබේ බුද්ධියෙන් දැනුමෙන් වැඩක් ගන්න මේ රටට වාසනාව නැහැ. ඒත් ඔබ හරි වාසනාවන්තයි. ඔබේ ඉලක්කයට යා හැකි තැනක අද ජීවත් වෙලා ඉන්නේ, අපේ රටවල ඉහල තනතුරු වලට ඉගෙන ගත්තට යන්න බැහැනේ. නුගත්තු ගාව වැද වැටන්න වෙනවා. ඒකයි ඇමරිකාව වැනි දියුණු රටවල සහ අපේ රටවල වෙනස.(නදී)
කවුරු හරි හිතනවද මෙයා මේ පුටුවට ගියාම ලංකාව දිහා ඇමෙරිකානුවෙක් විදියට නොබලයි කියලා. එහෙම නොබැලුවොත් එයාට ඹය පුටුවට යන්නත් බෑ.(නදී)
ලංකාවේ නං ඔය මොන සුදුසු කමක්වත් ඕනේ නැහැ. එකම දෙයයි අවශ්‍යය. දන්නවනේ.(නදී)
අනිවාර්යෙන් ඔයාට පුළුවන්. මොකද එහේ ජාතිය, අගම, කුල මල මොකුත් බලන්නේ නෑ. (නදී)
ඔයා හරියට හරි ආකි.(නදී)
සුදුස්සාට සුදුසුකම ලැබෙයි දුවේ. ඉදිරියටම යන්න. ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයිනේ. මගෙන් සුභ පැතුම්.(නදී)
ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින් ඉටු වේවා! (නදී)
සියලු දේවල් සාර්ථක වේවා ඔබට දෙවිපිහිටයි! (නදී)
කටුනායක අපගේ උණුසුම් සුභ පැතුම්. අපේම සහෝදරියට ජය වේවා කියා පාර්ථනා කරමු. සුබ නත්තලක් වේවා ශ්‍රී ලංකික සැමටම.(නදී)
දරුවකුගේ දක්ස කම ගැන සතුටු වෙනවා, එත් නම එංගලන්තේ, වාසකම පෘතුගිස් , පුරවැසිකම ඇමෙරිකා ,ලේකම් වෙන්න හදන්නෙත් ඇමෙරිකාවේ ,මම හිතන්නේ ශ්‍රී ලංකික සම්භවයක් වත් නැහැ (අ)
නියමයි ශ්‍රී ලංකාවට.(නදී)
අපේ රටට බොහොම සතුටු දායක ආරංචියක්. දුවේ ඔබට ජයෙන් ජයම ලැබී අපේ රටටත් ඔබගේ සේවය ඉතා වැදගත් මෙන්ම ඔබගේ පියාගේ සේවයත් එක සිතින් පතමි. ඔබට දිගාසිරි ! (නදී)
හරිම සතුටුදායක කතාවක්. ලංකාවේ දක්ෂයින් මනින්නේ සහතික මත. ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. සහතික නැතුවට දක්ෂතාවයට තැන දෙන ක්‍රමයක් ඇති තළ යුතුයි.(නදී)
ඇයට එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පමණක් නොවේ, ජනාධිපති වුවද විය හැකි බව ස්ථීරයි. නමුත් ලංකාවෙ නම් ඒක කරන්න බැහැ. මොකද, මෙහේ උගත්කම, අවංකකම, හැදිච්චකම වගේ ගුණාංග ඉතා බරපතල නුසුදුසුකම් බවට පත් වෙලයි තිබෙන්නෙ.(නදී)
අපේ ගෙදර පොල් පැළයක් මාස 6 න් පීදුනා. ඒක බලන්න ගමම ආව. මාස 4ක් විතර පොල් හදුනා. අනේ මෙන්න මාස10න් ගහ ඉවරයි. ඉක්මනට පීදුන ගහට වඩා අපේ හෙමින් පුදින පොල් ගස් මොන තරම් හොඳද කියා දැන් අපේ මුළු ගමම දන්නවා.(නදී)
මොකද ඔබට බැරි ලංකාවේ ජනාදිපති තනතුරට එන්න අනාගතේදී. එහෙම වෙනවා නම් අමෙරිකාවත් සතුටු වේවි.(නදී)
මේවා පත්තර වල දාලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම නිසා අනාගත අරමුණ සාර්ථක කර ගන්න අපහසු වේවි. තම ඉලක්කය වෙත පියනැමිය යුත්තේ කාටත් නොතේරෙන්නයි. හැමෝම දැනගත්තහම බාධක වැඩි වෙනවා. මේ දරුවට සුභ පතනවා. (නදී)
අපේ අයගේ උගත්කම අවතක්සේරුවට ලක් කරන්න එපා. අපි කතා කරන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් කියන මාතෘකාව පිළිබදවයි. ප්‍රයෝගිකව වැඩ කරද්දී වටහාගන්න පුළුවන් අපෙයි ඉන්දියාවෙයි වෙනස. (ත)
චමීගේ කතාව හරියටම හරි. අපගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට ජාත්‍යන්තරයේ කිසිම පිලිගැනීමක් නැහැ. නමුත් බුද්ධිය අතින් අපේ අය ඉන්දියානුවන්ට වඩා බොහෝ ඉහලින් සිටින්නේ. ඉන්දියානුවන් අඩු වියදමකින් ඩිප්ලෝමා සහ උපාධි ලබාගන්න නිසා අපිට වඩා ඔවුන්ව පිටරටවලදී පිලිගැනීමට ලක්වෙනවා. දිරිය දියණියට මගෙන් සුබ පැතුම්! (නදී)
නියමයි! (නදී)
ඉලක්කය ඒ වගේ රටක නිසා හොඳයි.(නදී)
ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවා! (නදී)
සමහර නෝන්ජල් මිනිස්සු ලංකාව ගැන මෝඩ කතා ලියනවා. පොඩි දරුවෙක් ආරක්ෂක ලේකම් වෙනවා කිව්ව නිසා ජිවිතේ නැතිවෙනවලු. මෝඩ කතා. (නදී)
ගොඩක් ආඩම්බරයි නංගා.පතනවා සියලු පැතුමි ඉටුවෙන්න...ඔබට ජය.... (අ)
ජයවේවා ඔබට දෙවි පිහිටයි.(නදී)
ඔබගේ අරමුණ කරා යාමට ලෝකයේ අවස්තාව දෙන හොඳම රටේ ඔබ ඉන්නේ. ලංකාවේ වගේ ,ඉපදුනේ කොහෙද,ගිය පාසල කුමක්ද,ආදී අනවශ්‍ය ප්‍රශ්න මෙහෙ නැත. දක්ෂයාට හිමි තැන ලැබේ. මෙය ලංකාවට ඇමරිකාවෙන් එන ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳීමට හොඳ අවස්තාවක් වේවි. සුභ පැතුම්.(නදී)
සුරේෂ් ගොඩක් දේවල් දන්නා නිසාද ඩුබායි වල වැඩ කරන්නේ? ඉස්සාගේ ඔලුවේ මොනවද තියෙන්නේ දන්නවද? (නදී)
සුභ පැතුම්. (නදී)
කටුනායක අපි ඔබට උණුසුම් සුභ පැතුම්! (නදී)
කතාව ඇත්ත. අපේ අධ්‍යාපන ක්‍රමය අදට නොගැලපේ. ඉන්දියාවේ උපාධි ලංකාවේ පිලිගන්නේ නැහැ. නමුත් ලෝකයේ හැම රටකම ඉතා ඉහළින් පිළිගන්නවා. (නදී)
ඔබට ජය ! (නදී)
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.(නදී)
මැය ඇමෙරිකන් දැරියක්. පියා ලංකාවේ වීම ඇත්ත. ස්ටුඩන්ට් විසා වලින් එම රටේ ඉන්න ලංකාවේ අය ලක් දරු දරියෝයි. නමුත් දැරියගේ දස්කම් වලට සුභ පතනවා.(නදී)
ජයවේවා! වාසනාවන්ත ප්‍රර්ථනා ඉටුවෙන අනාගතයකට පැතුම්. ඔබ ශ්‍රී ලංකික සිංහල බෞද්ධ දියණියක් වීම අපට භාග්‍යයක්. එක පැත්තකින් මමද දකුණේ බලවත් පරම්පරාවකින් පැවැත එන කොළඹ ප්‍රබල පවුල් වලට නෑ කම් කියන කෙනෙක් හැටියට ආඩම්බර වෙමි. මටද මෙහි ඉගෙන ගන්නා ලොකු දුවෙක් සිටියි. ඉතින් දුවේ අපට එරෙහිව එදිරිවාදිකම් කරන රටේ එතනට පැමිණේවයි කියා පතමි. එවිට ඔබටත් පෙන්විය හැකියි අපි උපන් පුංචි රටටත් කල හැකි දේ. එදාට මුළුමහත් ලක් දෙරණම සතුටුවෙයි දුවේ ඔබට බුදු සරණයි දෙවි පිහිටයි.(නදී)
දැන් මොකද මේක දැම්මේ....(අ)
අනුර, ඇමෙරිකාවේ විදෙශිකයකුට වෙන්න බැරි, ජනාදිපති වීම පමණයි. (අ)
තාත්තගේ නමයි දුවගේ නමයි දෙකම එකද? (නදී)
ඇමරිකාවට ජය වේවා (අ)
හැමදේම කරන්නේ ඇමෙරිකන් විදියට . ඉතින් මෙයා ලංකාවේ වෙන්නේ කොහොමද? (නදී)
අපි ඔබ ගැන ආඩම්බරවනෙමු!!! (අ)
ඔයාට මගෙත් උණුසුම් සුබ පැතුම් දියණියේ... සුබ අනාගතයක් !!! (අ)
ඉතා සතුටුයි, ඔබගේ අදහස් බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා! (නදී)
ඔබ ඇමරිකාවේ ජීවත් වෙන නිසා ඕනෑම දේකට අවස්ථාව තිබෙනවා.(නදී)
ඔබගේ අදහස අගය කරමි. ඔය වගේ සේවයක් තමන්ගේ මව් රටට කරනවා නම් ඔයිටත් වඩා අගේ කරමි.(නදී)
හරිම සතුටක් අපේ දියණියක් සිටින තැන ගැන. ඔබට පැහැබර අනාගතයකට සුභ පැතුම්.(නදී)
දිරිය දියණියට සුභ පැතුම්. මහාචාර්යවරයාගේ කතාව ඇත්ත. ලංකාවේ අපිට ජාත්‍යන්තරයේ කිසිම පිලිගැනීමක් නැත. ඉන්දියාවේ ඩිප්ලෝමා කියා ඇති මිනිස්සුන්ට ලංකාවේ අපේ සාමාන්‍ය පෙළ සුදුසුකම් වත් නැත. නමුත් ඩිප්ලෝමා නිසා අපිට වඩා ඔවුන්ව පිටරටවලදී පිලිගැනීමට ලක්වේ. මේ තත්වය වෙනස් කර ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි තමයි. වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.(නදී)
ඔබේ අරමුණ එසේම ඉටුවේවා.! (නදී)
සුභ අනාගතයක්! (නදී)
නමට විතරක් ලංකාවේද එහෙම නැත්නම් සිංහලත් පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් නේද? (නදී)
රත්තරන් දියණිය,ශ්‍රේෂ්ට පැතුමක්. ඔබ මගේ රටට වාසනාවක්. ඔබේ දිවි මග වාසනාවේ සුවහසක් මල් පිපේවා ! (නදී)
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වීමේ ඔබේ සිහිනය සැබෑවක් වේවි. නමුත් ලංකාවේ මේ වැනි තනතුරක් ලබා ගැනීම තබා එවැනි සිහිනයක් තබා ගැනීමත් ජීවිතයට තර්ජනය විය හැක. නැතිනම් සිර ගෙදරට මාවත පාදා ගැනීමක් බවට පත් වේ. ඇමෙරිකාවේ සුදුස්සාට සුදුසු තැන හිමිවන නිසා ඔබට බලාපොරොත්තු තබා ගත හැක. ඔබේ අරමුණ ඉක්මනින්ම ඉටු වේවා! (නදී)
චින්තක , ඔබට ඉරිසියද මේ දරුවාගේ ඉලක්කය ගැන. ඔබ අඩුගානේ සුභ පැතුමක්වත් පලකරලා නැහැ.(නදී)
මහාචාර්ය තුමෝ ඔබටත් ඔබේ දුවටත් අපේ ප්‍රනාමයත් ගෞරවයත් හිමි වෙනවා, උසස් අද්‍යාපනය විකුණන් කන මගෝඩිස්ලා ඉන්න අපේ රටේ ඔබ වැනි උත්තමයෙකුට හිමිවන්නේ සෝම හිමිට උන දෙයයි, කරන යමක් ඔය රටේ ඉදන් කරන්න.(නදී)
සුභ පැතුම් සහෝදරියට. මහන්සි වෙලා එක අරමුණක් වෙනුවෙන් වැඩ කලොත් කවදා හෝ ඒක ජයගන්න පුළුවන්. කණගාටුයි අපේ රටේ ළමයි මෙහෙම ලොකු හීන නොදකින එකට. අපේ ළමයි හිතන්නේ බැංකුවක හරි සොෆ්ට්වෙයාර් පාඨමාලාවක් හරි කරලා ජොබ් කට්ටක් හොයාගන්න. මේ ඉයුජින් ලොකු ආදර්ශයක් එහෙම අයට.(නදී)
ලංකාවෙන් බැහැරව වෙනත් රටක මෙවැනි අරමුණු පෙරදැරිව කටයුතු කිරීම ඥානාන්විතයි. නුතන ලංකාවේ ඔහොම සිතීමත් දඩුවම් ලැබිය හැකි වරදක් කර ගැනීමට පුළුවන. නැතිනම් ජීවිතයට අනතුරක් විය හැක. ඔබේ අරමුණ සාර්ථක වේවා.(නදී)
ලංකාවේ දෙමළ ජනයාට ජනාධිපති වීමේ හැකියාව ලබානොදෙන්න කියන උදවියම ඇමරිකාවේ ආරක්ෂක ලේකම් වෙන්න ලාංකිකයෙක් උත්සහ කරන කොට සුබ පතනවා... මේ තර්කය මොකද්ද....(අ)
ඇමෙරිකාවේ දේශපාලන සුදුසුකම් බලන්නේ නැති නිසා ඔබේ අරමුණ ඉටු කර ගත හැක. උගත්,බුද්ධිමත්,දක්ෂ අයට දොරගුළු විවර කර ඇති නිසා ඔබට ජය නියතයි.(නදී)
දුවේ ලංකාවේ උදවිය මෙතන ඔයා ලාංකිකයෙක් කියල බවුතිස්ම කරන්ට හැදුවට යථාර්තය නම් ඔයා ඇමරිකානුවෙක්. ඔයා ඔයාගේ රටට සේවය කරන්න අධිෂ්ටාන කරන එක ඉතා හොදයි. මන් දන්නා තරමින් නම් කවුරු මොන පදවිය දරුවත් ඇමරිකානු ව්‍යස්ථාවට පිටින් යන්න බැහැ. මෙතන අයගේ යටි අදහස නම් දවසක ලංකාවට අතයටින් උදවු කරයි කියන බලාපොරොත්තුව.(අ)
චමීගේ අදහස හරියටම හරි. අපගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට ජාත්‍යන්තරයේ කිසිම පිලිගැනීමක් නැත. නමුත් බුද්ධිය අතින් අපේ අය ඉන්දියානුවන්ට වඩා බොහෝ ඉහලින් සිටින්නේ. නමුත් අඩු වියදමකින් ලබාගත හැකි ඩිප්ලෝමා සහ උපාධි නිසා අපිට වඩා ඔවුන්ව පිටරටවලදී පිලිගැනීමට ලක්වේ. (නදී)
දැන් ඔබාමා කළුයි කියල වත් ඉන්දුනීසියානු සහ කෙන්යානු සම්බවයක් තිබුනා කියල වත් වෙච්ච වෙනසක් නැහැ නොව. එක තමා ඇමරිකාවේ ව්‍යවස්ථාවේ හැටි. මේ දරුවා ඔතනට ගියත් එක තමා වෙන්නේ. මන් ඔයාට සුබපතනවා....(අ)
චමිගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඉන්දියාවේ ඩිප්ලෝමා එකට ඉල්ලුමක් තියෙනවා. නමුත් නමට විතරයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.(නදී)
ඔබට ඇමෙරිකාවේ ඔය සුදුසුකම් වුවමනා වුනාට ලංකාවේ නම් මුලික සුදුසුකම කඩේ යාම. හොදට කඩේ යන්න පුළුවනි නම් ඔය මොන සුදුසුකමවත් වුවමනා නැහැ.(නදී)
ඔයාට සුබ පැතුම් ....(අ)
ලංකාවේ විභාග සහතිකය ජත්‍යාන්තර පිළිගැනීමක් නොමැත.එහි වටිනාකම ඇත්තේ ලංකාව තුල පමණි.(අ)
ජයවේවා! ආරක්ෂක ලේකම් තනතුර ලබා ගන්න. මේ දුවගේ පවුලේ කෙනෙක් ජනාදිපති විය යුතු නැද්ද ? අපි ඔබට සුබ පතනවා .ජයවේවා.(නදී)
විදේශිකයෙකුට ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වෙන්න බැහැනේ. නමුත් ඇය ඇමෙරිකානුවෙක් නිසා ඇයට එහෙම වෙන්න පුළුවන්. වාසනාවට ඇය ලක් දැරියක් නොවුනේ මොකද එහෙම උනානම් ඉගෙන ගන්න එකට කලින් පරස්ථාවක් කරගන්න වෙනවා මහතැන් වලට නෑදෑකම් හදාගන්න ආරක්ෂක ලේකම් වෙන්න.(නදී)
ඇමෙරිකාවටම ජය වේවා!(නදී)
ඔබට සුබපැතුම් ....මේවා දැකල ලංකාවේ ඉන්න දරුවො නම් මේ වගේ තනතුරක් ගැන සිහිනෙන්වත් හිතන්න එපා. ඔබෙත් ඔබේ දෙමව්පියන්ගෙත් ජීවිතය අනතුරේ.(නදී)
මර්ලන් ද සිල්වා මෙතෙන්ටත් පවුල් වාදෙයි පන්ති බේදෙයි ගාවා ගත්තද? කැණඩා ගියත් ගතිය නෑරේ නේද? (නදී)
වාසනාවන්ත දියණියක් සේම අධ්‍යාපනයේ නිවැරදිම මග පෙන්වීම දක්වන නැණවත් ගුරු දෙමාපියන්. ඔබලා වැන්නවුන්ගේ සේවය ලබා ගැනීමට තරම් නුවනැත්තන් අප රටෙහි නැක.(නදී)
ඉතා සතුටුයි, ඔබගේ අදහස් බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා! (නදී)
මර්ලන්ද සිල්වා, එක පැත්තකින් මමද දකුණේ ප්‍රබල පවුල්වලටත් කොළඹ බලවත් පවුල්වලටත් නෑකම් කියන බැවින් මේ ගැන සතුටුවෙමි. පවුල්වාදේ, පන්ති බේදේ වගේ වැඩ වසම් යුගයේ සංකල්ප කැනඩාවේ ගිහිනුත් අමතක කරන්ට බැරිවෙන එක ගැන මට දුකයි.(නදී)
මෙවැනි විද්වතුන්ගෙන් අපේ රටට නම් විශාල සේවයක් අවශ්‍යයි. ඔබ වැනි විද්වතුන් එකතුවෙලා මේ රට ගොඩ ගන්න.(නදී)
මහාචාර්යතුමාගේ ජාතිය ගැන ලේ කකියන නිසා ලංකාව පිළිබඳව කතා කරනවා. නමුත් ඇමෙරිකානු දියණිය එහෙම කරයිද? ඇයටද එම සිත් පහළවේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය පතමි. (නදී)
සුභ පැතුම් සහෝදරියට.(නදී)
පරාජයේ දරුවාට පියකු නැත. ජයග්‍රහණයේ දරුවාට පියවරුන් දහසකි. ඒ වගේ මේ ඇමරිකන් දරුවා ලාංකිකයෙක් බවට බවුතිස්ම කර මෙතන කට්ටිය මානසික සහනයක් ලබන එක ගැන මට අනුකම්පා සිතේ. මේ දරුවාගේ උත්සාහය අගයමු. පසු කාලීනව අත යටින් උදව් බලාපොරොත්තු නොවෙමු.(නදී)
මම කැනඩාවට ඇවිත් ජී.සී.ඊ ඕ ලෙවල්, ඒ ලෙවල් තියෙනවා කිව්වම ඒ අය ඇහුවා ඒක බී.සී.ජී වගේ ඉන්ජෙක්ෂන් එකක්ද කියලා.(නදී)
ඇමරිකානු ව්‍යවස්ථාව සහ එහි ප්‍රතිපත්තිවලට අනුව අනෙක් රටවලට හානි උනත් තම රටට හිත සුව පිණිස ඔබට වැඩ කිරීමට වනවා ඇත. රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂවල අදහස් වලට වැඩ කරනවා මිස මෙතන අදහස් දමන උදවියට අනුව වැඩ කරීමට සිදු නොවේ. කෙසේ වෙතත් ඔබට සුබ අනාගතයක්.(නදී)
මන් නම් කියන්නේ අපව හුරා කන දේශපාලකයෝ තව තවත් හිර කිරීමට ශක්තිය දහිරිය ලැබේවා! (නදී)
දිරිය දියණිය ඔබට සුබ අනාගතයක්! අපේ රට ගැන ඇත්ත ඇමෙරිකාවට පහදන්න ඔබට වාසනාව ලැබේවා. කොටින්ගේ බොරු ප්‍රචාර නවත්වන්න ඔබට හැකියාව ලැබෙත්වා. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ව් අපරට උතුම් රටක් බව ලෝකයටම පෙන්වන්න ඉඩ ලැබෙත්වා.(නදී)
කවදාවත් හරියන්නේ නැහැ. මම දන්නවා හේතුව.(නදී)
ලංකාවේ ඉන්න උගත් කියල හිතාගත්තු පුද්ගලයෝ ලංකාවේ ඉතිහාසය අගය කර කර ඉන්නවා විතරයි හැමදාමත් කරන්නේ. ලෝකෙම මවිත කරන්න පුළුවන් උගත් ශ්‍රී ලාංකිකයෝ ටික ඔක්කොම ලංකාව දාල යනවා. මොකද ඒ මිනිස්සු කියන දේවල් අපේ රටේ පාලකයෝ ගණන් ගන්නේ නැති නිසා. ඒකට හොදම උදාහරණයක් තමා මේක.(නදී)
ඔබට උණුසුම් සුභ පැතුම්.(නදී)
අපට නම් එදා වේල කන්නේ කොහොමද කියල තමයි ඉලක්කය.(නදී)
ඔබට උණුසුම් සුබ පැතුම්! නමුත් ඔයාගේ පැතුම ඉටු උනත් තාත්තගේ පැතුම නම් ලංකාවේදී ඉටු වෙන්නේ නැහැ.(නදී)
ලංකාවේ උසස් පෙළ විදේශයන්හිදී ඉතා හොඳින් පිලිගන්නවා. ඕස්ට්‍රේලියාවේ තියන හොඳම විශ්ව විද්‍යාල ලංකාවේ උසස්පෙළ වෛද්‍ය විද්‍යාවේ සිට හැම උපාදියක් කරන්නම පිලිගන්නවා. ප්‍රතිපල හොඳ වෙන්න විතරයි ඕනේ.(නදී)
රාජපක්ෂ, ඒකට කියන්නේ ඉතිහාසේ අගේ කරනවා නොව ඉතිහාසේ තලුමරා මෝඩයන්ගේ හිතේ නැති ප්‍රබෝදයක් ආරෝපනය කිරීම කියලා. ඒ හරහා අපව හීනමාන කාරයන් බවට පත් කිරීමෙන් අපි අන් සියල්ලට වඩා උසස් යයි අපට හැගේ.(නදී)
චන්දන සූරියආරච්චි, ඇය සමානත්වය,පිළිගැනීම,මානව හිමිකම් කෙරෙහි තදින්ම විශ්වාස කරනවා නම් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ව් අපරට මොන වගේ රටක්ද කියල ඇත්තම තත්වය ලෝකයටම පෙන්වාවී. එමෙන්ම මහාචාර්ය ඉයුජීන් ද සිල්වා ලෝකයේ සිටින විශිෂ්ට ශ්‍රී ලංකික විද්‍යාඥයෙක්. (නදී)