මහා බ්‍රිතාන්‍යයේ එජ්වෙයාර්හි හය හැවිරිදි හරිනි අතුරුපාන නත්තල් කාඩ් තරඟයකින් දෙවැනි තැන හිමිකර ගත්තාය.
හැරෝ නගර සභාව හා හැරෝ ඔබ්සර්වර් පුවත්පත මේ තරඟය සංවිධානය කළේය.
හැරෝ නගරාධිපතිනි ඇනා අශන්තේ අතින් හරිනි සිය සහතිකය ලබා ගත්තාය.
හරිනිගේ පියා ආචාර්ය සෙනවි අතුරුපානයි.
මව පත්මා විජය බණ්ඩාර මුදලි ගෙදර අතුරුපානයි.
මේ තරඟයට ඉල්ලුම්පත් සියයක් පමණ ලැබිණි.
ජයග්‍රාහකයා වූයේ ආර් ඕ වී කුරුකානි දැරියයි.
මෙම තරඟයෙන් දස දෙනෙක් දෙවැනි තැනට තෝරා ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කණගාටුයි. හිතට එකඟව කතා කරනවා නම් මේ දරුවන් අපට (ලංකාවට) අයිති නැහැ. මේ දෙමවුපියන් ජීවත්වන තුරා ඔවුන් ලංකාව ගැන කතා කරාවි. මොකද ඔවුන්ට ශ්‍රී ලාංකික උරුමය දැනෙන නිසා. මොවුන්ගෙන් පසු පරම්පරා බොහෝ විට අපේ භාෂාව, ආගම, සංස්කෘතික වටිනාකම් ආදියෙන් දුරස් වෙනවා. ඒක ස්වාභාවිකයි. කාට හරි පුලුවන්නම් මා ඔය කිවූ කාරණා දරුවන්ට කාවද්දන්න, අඩු ගන්නේ අපේ ශ්‍රී ලාංකික නෑදෑකම තව ටික කලක් පවත්වාගෙන යාහැකි වේවි. (ස)
පුංචි පැටික්කි හපනියේ, අපිත් ඔයාට සුභ පතනවා (නි)
ධම්ම, මා දන්නා බොහෝ ද්‍රවිඩ පවුල් වල දරුවන් මොන ප්‍රදේශයක සිටියත්,ඉපදුණත් ඔවුන් දෙමළ භාෂාව චතුර ලෙස භාවිතා කරනවා. එසේම දීපවාලි සමරනවා.අපේ අම්මලා සමහරු කටුනායකින් පිටවෙනකොටම කලිසම් කෝට් ගහගෙන''අපෝ මට බත් කන්න බැහැ අනේ,සොසේජස් තම අල්ලලා යන්නේ කියනවා.අනික තමයි මම හිතා හිටියේ මේ දරුවා ලංකාවේ දුෂ්කර ගමක සිට මේ ජයග්‍රහණය ගත්තා කියලා. (නි)
දියණිය ඔබට සුභ පැතුම්.(නදී)
ඔබට ජේසු පිහිට ලැබේවා. (ස)
සුජිත් මහත්තයෝ,, ඒ එම රටවල් දියුණු වුණේ නීතිය හරියට ක්‍රියාත්මක වීම නිසාම නොවෙයි. මුළු ලෝකයෙන් බාගයක් යටත් කරගෙන එම රටවල තිබුණු සම්පත්,දැනුම කොල්ලකාලා.එසේම එම රටවලට විවිධ දේ(හොඳ සහ නරක) හදුන්වා දීලා නිෂ්පාදකයින් ලෙස ඔවුන් සපයන භාණ්ඩ අපි කැමති වුණා හෝ නැතිවුණා හෝ ගන්නම ඕනෑ. (නි)
චුටි දුවට සුභ පතනවා. දරුවන්ගේ දක්ෂකම් ගැන දෙමව්පියන්ට සතුටුයි. එහෙත් මෙවැනි සුළු දේවල් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් නොදිය යුතුයි. දරුවාගේ ජයග්‍රහණ ප්‍රසිද්ධ නොකිරීම දරුවාගේ අනාගතයට සුභයි. මේක මගේ පුද්ගලික මතයක්. (නි)
මුසිල දේශපාලනය,පිරිහුණ ආර්ථිකය,සුදුස්සාට නොසුදුසු තැන නොදීම විසින් තල්ලු කර දමන ලද හැකියාව ඇති අපේ අනාගත පරම්පරාව.... (නි)
අනේ දුවේ ඔයා ඔය රටේම ඉන්න . එතකොට නම් ඔබට සුභ අනාගතයක් ෂුවර් .. (ස)
පිටරට ඉන්න ලංකාවේ ළමයින් ගොඩක් දක්ෂයි. ඒ වුණත් ගොඩක් රට ඉන්න දෙමව්පියෝ අපේ රටේ භාෂාවවත් ළමයින්ට දෙන්නේ නැත. නම විතරයි රටේ විදිහට තියෙන්නේ. ඒ වගේම ලංකාවේ දෙමව්පියන්ට දාව පිටරට ඉපදුන සමහර දරුවන් ඉන්නවා ලංකාවේ ඉන්නවටත් වඩා හොදට ලාංකික ගතිගුණ හා දක්ෂතා වලින් පිරිපුන්ව (නි)
අමිල-කටුනායක, මේ රටවල් දියුණු වුණේ නීතිය අකුරට ක්‍රියාත්මක නිසා. (නි)
රට හොද නම් හැමදාම නත්තල් (නි)
දුවේ, අපට ආඩම්බරයි ඔබ ගැන. ජයම වේවා! (නි)
දුව ඔයා සිංහල පරපුරට ආඩම්බරයක්.මගේ සුභ පැතුම්! (ස)
පුංචි දුවේ ඔබ ගොඩක් දක්ෂයි ! ඔයාට වාසනා වන්ත අනාගතයකට මගෙන් සුබ පැතුම් !! දුවට තෙරුවන් සරනයි !(දිල්)
දුවේ, අපට ආඩම්බරයි ඔබ ගැන. ජයම වේවා !!! (නි)
දුවේ අපට ආඩම්බරයි ඔබ ගැන ජයම වේවා ! (ස)
අපිට සතුටුයි. (නි)
ඉදුනිල්, ඔබ හරි.පොඩි උන් මොනවා දන්නවද? පොඩි දියණියට සුබ අනාගතයක්! (නි)
ධම්ම ඔයාගේ කතාව හරි උනාට කොටසක් අඩුයි. මේකේ ලක් දැරිය කිව්වට ලංකාවේ පුරවැසිකම ප්‍රතික්ෂේප කල දැරියක් කිව්වා නම් තමයි හරි. මින් ඉස්සරහට වාසගම බලලා තමයි ලංකාවේ පුරවැසිකම දෙන්නේ. විදේශවලට ගිය අයට. මහන්සිවෙලා ශ්‍රී ලංකික නෑදෑකම ඉගැන්නුවට නෑදෑයෝ බලන්න එන්න වෙන්නේ විසා අරගෙන. ජපානය, ඉන්දියාව, වගේ කොයි දීපංකරේ ගියත් තමන්ගේ මිනිස්සු තමන්ගේමයි කියල හිතන අය ලංකාවේ නැහැ. ආණ්ඩුවට විරුද්දව ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වෙනකොට පිටරට වල තානාපති කාර්යාල වලින් එව්වට විරුද්ධව පෙළපාලි යන්න, විරෝධතා පවත්තන්න ලජ්ජා නැතිව සහයෝගය ඉල්ලලා පණිවුඩ එවනවා. (නදී)