ගී ගැයීමට විශේෂ දක්ෂතා ඇතිව ප්‍රංශය පුරා විසිරි සිටි දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒම සදහා ජනප්‍රිය ගුලි රුපවාහිනි නාළිකාව සංවිධානය කළ ‘එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්‘ සංගීත වැඩසටහනින් ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංක 13 ප්‍රථම ස්ථානයට පත්වුවාය.
ඔක්තෝබර් මස දී ගුලි රුපවාහිනි නාලිකාව ඇරැඹු ‘ එකෝල් ඩේ ෆන්‘ සංගීත වැඩසටහනට ප්‍රංශයේ සැම නගරයකින්ම ඇති විශාල තරගකරුවන් පිරිසක් එක් වුවත් අවසන් මහා තරගයේදී අති දක්ෂ තරගකරුවන් හතර දෙනෙකු පරදා නිලුෂි නිශ්ශංක ජයග්‍රහණය කළාය
ඇය සංගීත වැඩසටහන් ගණනාවකින් මෙයට පෙරද ජයගෙන ඇති බවත් ප්‍රංශයේ ජනප්‍රියම ගායිකාවක් වන කැරොලින් කොස්තා දියණිය බැලීමට තම නිවසට පැමිණි බවත් ඇය තම දියණිය සමග ගී ගැයූ බවත් නිලුෂි නිශ්සංකගෙ මව්පියන් වන චන්ද්‍රසිරි හා නිශ්ශංක මල්ලිකා නිශ්ශංක කියති.
තමාට ෆ්ලුස් රුපවාහිනි නාළිකාව ඇතුළු මාධ්‍ය ගණනාවකින් හා ප්‍රංශයේ වැඩවසන ස්මහා සංඝරත්නය හා ශ්‍රී ලාංකිකයින් සුබ පැතු බවද නිලුෂි එසැණට කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෙනෙක් වීම සතුටුයි. ඒත් මට යමක් කියන්න ඕනේ. ලංකාවේ කෙනෙක් පිට රට පදිංචියට (සංක්‍රමණය) ගියාට පස්සේ ලංකාවේ පුරවැසියන් නෙමෙයි. ඔවුන් තව දුරටත් ලාංකිකයෝ නෙමෙයි. (නදී)
ලංකාවේ නම කතා කරන පුවත් වැඩිපුර ඇසෙන මේ කාලේ මේ ඉතා සතුටුදායක පුවතක්. දුවේ ඔබට සුභ පැතුම්! ලද ජයග්‍රහණය කටු ඔටුන්නක් කර නොගෙන තව තවත් අනාගත ජයග්‍රහණ සඳහා යාමට වාසනාව ලැබේවා ! (නදී)
ඔබට දිගු ගමනක් යාමට හැකිවේවා! (නදී)
ඔබ ගැන ආඩම්බරයි.(නදී);
අපේ කම ලෝකෙට රැගෙන ගිය ඔබට මගේ ආදරණීය සුභ පැතුම්.(නදී)
ඔබ අපට වටිනා ආදරණීය ආඩම්බරයක්. ඔබට සුභ අනාගතයක්.(නදී)
ලක්මවට ඔබ ඉතාම අගනේය සුභ ගමන් දියණිය.(නදී)
දියණියනි ඔබ ගෑයුවේ සිංහල ගීතද ප්‍රංශ ගීතද? මොනවා ගෑයුවත්, ඉදිරියට ලද සෑම අවස්තාවකම සිංහල ගීත ගායනා කරන්න(දිල්)
සුභ පැතුම් ! (නදී)
ලක් මව ජය ටැබ මලින් සැරසු ලක් දියණියනි ඔබට අපගේ ප්‍රණාමය. (ත)
නියමයි. (ත)
කලණ, රටින් පිටව ජීවත් උනා කියල ශ්‍රී ලාංකිකයෙකුගේ අනන්‍යයතාවය පරිගණකයේ වචන කිහිපයකින් අවලංගු කිරීමට ඔබ ගත් උත්සාහය ගැන ලජ්ජා විය යුතුයි. විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දු පුතුන් විශේෂ දක්ෂකම් විදහා පාන්නේ ජීව විද්‍යාත්මක මෙන්ම සංස්කෘතික උරුමය ද ඔවුන් සතුව දිගටම පැවතුන නිසයි. එය තමයි සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යයතාවය.(නදී)
සුභ පැතුම් දුවේ බුදු සරණයි(දිල්)
ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බබළවපු මේ දිරිය දියණියට ජර්මනියේ සිට සුභ පැතුම්. තව තවත් ඉදිරියටම යන්න දියණියනි.(නදී)
දුවේ නුබට බුදු සරණයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා (දී)
සුභපැතුම් දියණියනි (දී)
සුභ පැතුම් දුවේ (දී)
අපේ රටට ගෞරවය ගෙනදුන් ලස්සන දියණියට සහ ඇයව අප රටට දායාද කර දුන් දෙමාපියන්ට ඉතාලියෙන් සුභ පැතුම් .... (දී)
දියණියේ ඔබට සුබ පැතුම් ගීතයත් අහන්න තිබුනානම් වටිනවා (දී)
කටුනායක අපේ උණුසුම් සුභපැතුම් අපේම දිරිය දියණියට (දී)
දියණියේ ඔබට දිගාසිරි සමග ජය! (නදී)
යතාර්ථයේ ජීවත් වෙන්න. භාෂාව වෙනස් උන ගමන් සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ දරුවා පේන විදිහට ප්‍රංශයේ ජීවත් වෙන දෙවනි පරම් පරාව. මම හිතන්නේ නැහැ එයා ගතින් වත් සිතින් වත් ශ්‍රී ලංකික කියලා. එයා ප්‍රංශ දරුවෙක්. මේක පිට රටවල ඉන්න අය ජීවත්වෙන සිහිනයක්. වෙන රටකට ගිහින් දරුවන්ව සිංහල විදිහට හදා ගැනීම පරම්පරා උපරිම උනොත් 3 පුලුවන් වෙයි. එතනින් ඉවරයි.එහෙම කරන්න හදන දෙමව්පියන් උනත් කරන්නෙ ඒ ළමයින්ට අසාධාරනයක්. දුවේ නුඹබට හදවතින් මම සුභ පැතුම්. ඉදිරියටම යන්න.(නදී)
ලාංකික අපිට ලොකු සතුටක් (ත)
ලක් දියණියනි ඔබට අපගේ ප්‍රණාමය! (නදී)
සුභ අනාගතයකට පැතුම් දුවේ ! (නි)
සුභපතනවා ඔබට (දී)
www.youtube.com/watch?v=rXQfdWZfhMM (ස)
දුවේ,අපේ සුභ පැතුම් තව තවත් ඉදිරියට යන්න අවස්තාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඔබටත් ඔබේ දෙමාපියන්ටත් බුදු සරණයි. (දී)
ඔබට මගේ සුබ පැතුම් ; ඔබ වැනි අය අපට ලොකු ආඩම්බරයක් ,ලංකාවෙන් පිටත සිටියත් ලංකාවේ නම ගෙනියන ඔබ වැනි දරුවන් තවත් බිහි වේවා ; ඔබට තෙරුවන් සරණයි (දී)
දිරිය දැරියට උණුසුම් සුබපැතුම් (දිල්)
මේ දෙන්නගෙන් කවුද අපේ දරුවා? මගේ ශුභ පැතුම්! (දී)
දයාබර දුවේ ඔයාට දිගු ගමනකට සුබ පාර්ථනා (දී)
නිලුෂි දියණියට එංගලන්තේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් උණුසුම් සුභ පැතුම්! (නදී)
වීඩියෝ එක දාන්නකෝ බලන්න. (දී)
බලන්න: https://www.youtube.com/watch?v=1tXOfv-ඒ4 නිල යූ ටියුබ් පිටුව: https://www.youtube.com/user/niamel9?feature=watch (ස)
නිලුසි දුව මම ඔයා දිනපු ඒ තරඟය සම්පුර්ණයෙන්ම බැලුවා. ඔයා හරිම අපුරුවට තාල් කියන ගායිකාවගේ ප්‍රංශ සිංදුවත් බියෝන්සේ කියන ගායිකාවගේ ඉංග්‍රීසි සිංදුවත් ගායනා කලා. අවසාන වටයට තේරිලා හිටපු දැරියන් 6 දෙනාගෙන් ඔයා තමයි දක්ෂම. ජයග්‍රහණයෙන් පසුව නිවේදක ඔබේ විස්තර විමසද්දී ඔබ මම ශ්‍රී ලාංකිකයෙක් කියා පවසද්දී මට ඇතිවුණු සතුට අති විශාලයි. ඉන්පස්සේ නිවේදකයා ඔබෙන් සිංහල ගීතයක කොටසක් ගයන්න පුලුවන්ද කියා ඇසුවිට ඔබ ඉතාම ලස්සනට ඉර පායා ගීතයේ මුල් පද ගයද්දී මගේ ඇස්දෙකට කඳුළු ආවා. ඔයාල වගේ දරුවෝ අපේ රටට සම්පතක්. ඔබේ ශ්‍රී ලාංකික කමත් නිරහංකාර කමත් රැකගෙන ඉදිරියටම යන්න. ඔබට තෙරුවන් සරණයි.(නදී)
ආදරණීය දුවගේ ඉදිරි ගමනට අපගේ උණුසුම් සුභ පැතුම්! (නදී)
සුබ පැතුම් (දී)
දුවේ ඔයාට දිගු ගමනකට සුභ පැතුම්! (නදී)
ඔබේ දක්ෂතා අසා බෙහෙවින් ප්‍රීති වුයෙමි. ඔබට දිගු ගමනක් යාමට හැකිවේවා! (නදී)
නිලුෂි දුවේ තෙරුවන් සරනින් හැම අංශයකින්ම ජය ලැබේව කියා පතනවා. (දී)
සුභ පැතුම්! (නදී)
දුවේ ඔබට මගේ උණුසුම් සුබ පැතුම් ඔබ මා මීට අවුරුදු කීපයකට ඉස්සර පන්සලේ අවුරුදු උත්සවයකට ලස්සනට සින්දු කිව්ව ඒ අවස්තාවේ විද්‍යුත් මාධ්‍යකින් ඇවිත් එය විකාසනය කලා
පුංචි නංගිට හදවතින් සුභ පතමි.(නදී)
ලක් දියණියනි. ඔයාට ජයෙන් ජය! (නදී)
නංගි, මම සැබවින්ම සතුටු වෙනවා.(නදී)
ලංකාවේ නම රැඳවු ඔබ ජාතියට ගෞරවයක් (දී)
ඇත්තටම සතුටුයි , රටේ ගෞරවයත් රැකගෙන ඉදිරියටම යන්න සුබ පැතුම් (දී)
මගෙන් සුභපැතුම් දුවේ (දී)