තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන හා තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ශචා අද (2) තායිලන්තයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වූහ.
දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් මෙම සාකච්ඡා පැවැත්විණි.
දෙරට අතර පවතින 60 වසරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුවූ බවද කලාපීය දේශපාලනය හා ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය නායකයන් දෙදෙනා අතර අදහස් හුවමාරුවූ බවද වාර්තා විය.
තායිලන්තයේ පෙට්‍රෝලියම් ආයතනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දැක්වීම, තායිලන්තයේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීම දෙරටේ මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම පිළිබඳව එහිදී මූලිකව සාකච්ඡාවට ලක්විය.
දෙරටේ බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් හා පුහුණු කිරීම් පිළිබඳව දෙදෙනා සාකච්ඡා කළහ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක්ද නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා - තායි නායකයෝ සාකච්ඡාවක