යුරෝපා හවුලේ රටක අගනුවරක ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු කැපවීමකින් දිරිදෙයි. කඳුකරයේ ඔහුගේ හෝටලයට මුලුතැන්ගෙයි භාණ්ඩ මිලට ගැනීමට වෙහෙසෙයි.
මිලට ගන්නා භාණ්ඩ නැව්ගත කිරීමටද ඔහුට සිදුවී ඇත. ඔහුගේ සංචාරක ප්‍රවර්ධනය එපමණක් නොවේ. පරාදීසයේ දූපතක පාවී තිබුණු මුදලේ සැබෑ වටිනාකම ලබාගැනීමට නම් අසවල් හෝටලයේ නවාතැන් ගන්නැයි ඔහු කියයි. ඒ හෝටලයේ අයිතිකරු ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්නේ කොහොමද? ඒ පත්වීම දේශපාලන එකක් නෙමෙයිනේ (නි)
මෙහෙමයි. රජයේ මුදලින් හෝටලේට උපකරණ ගත්තා නම් වැරදියි. එයාගේ පුද්ගලික මුදලින් ගත්තා නම් ඒ ගැන කියන්න වැරැද්දක් නැහැ. නැව්ගත කිරීමත් එහෙමයි..අනික හෝටලයේ ප්‍රචාරණ කටයුතු තානාපති වරප්‍රසාද හෝ රජයේ මුදල් යොදවලා අයුතු ලෙස කළා නම් වැරදියි. නැතුව එයාට හෝටලයක් අයිති නම් එක ප්‍රචාරණය කරන එකේ වැරැද්දක් පේන්නෙ නැහැ මට නම්. කොහොමහරි රටට කීයක්හරි එන දෙයක්නේ කරන්නේ. (නි)
මොහු කවුද ? මොන රටේද තානාපති ? මොකද නම සහ රට නොකියන්නේ ?(අ)
වැරැද්දට දඩුවම් දෙන්න.විය යුත්තේ එපමණයි.(ම)
මෙහෙමත් කට්ටිය ඉතින් ඉන්නේ අපි අපි අතරමනේ! (නි)
ඒ හෝටලය එයාගෙම නිසා හොඳට විශ්වාසවන්තනේ. ඒ නිසා එහෙම කියනවා ඇති (නි)
එයාව ආපහු ගෙන්නලා වෙන කෙනෙක් තානාපති කරලා යැව්වොත් නරකද? (බ)
ඒවා සුළු දේවල් සමහර කාර්යාල වල අයට. අප්‍රිකාවේ කාර්යාලයක තානාපති පහුගිය කාලෙ මාරුකරලා තිබුනා. මේ සුදු අලි එළවන්න ඕනෑ (නි)
ඔන්න සැබෑම වෙනස (අ)
මෙහෙම අය ඉන්නවා. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කිවුවලු (නි)
නාලක මහත්මයා, තානාපතිවරයෙක් යනු රටේ ජනාධිපතිතුමාගේ නියෝජිතයා. රටේ ජනතාවගේ බදු මුදලින් ඔහුට පඩි සහ අනෙකුත් පහසුකම් දෙන්නේ පුද්ගලික ව්‍යාපාර කරන්න නෙමෙයි.ඔහු ඉන්න රටේ අපේ ජාතික ප්‍රතිපත්ති වෙනුවෙන් එම රටේ පෙනීසිටීමට.එයාට වෙන ව්‍යාපාර තියනවා නම් තානාපතිකම අත්හැරලා තමුන්ගේ තලගොයින් පුච්චාගෙන කන්න පුළුවන්. (නි)