පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට්ට මහින්ද රාජපක්ෂ ජනපති වටිනා තෑගි දුන්නේය.
කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් හා කැටයම් කළ රිදී පෙට්ටියක් ඔහුට පිරිනැමිණි.
කමිස බොත්තම් කටු දෙකේ වටිනා දියමන්ති ද ඔබ්බවා තිබිණි.
ඕස්ට්‍රේලියා අගමැති සිය රටට ගිය ගමන් එම තෑගි රජයට භාර දුන්නේය.
ඕස්ට්‍රේලියා නීතිය අනුව ඕස්ට්‍රේලියා ඩොලර් හත්සිය පනහකට (රුපියල් 89505 ) වඩා වටිනා තෑග්ගක් මන්ත්‍රීවරයකුට භාර ගත නොහැකිය.
බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු රජයට භාර දුන්හ.
ටෝනි ඇබට් හා ඔහුගේ බිරිය මාගීට උතුරු සිඩ්නි නුවර නිවස හැර අන් ආයෝජනයක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීලා, මට ඔයාගේ කතාව අනුමත කරන්න බැහැ (නි)
මේ තෑග්ග අරන් තියෙන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් නිසා ඒක දුප්පත් අපි දුන්න එකක් (දිල්)
අපේ දේශපාලනඥයින්ට නයිල් නිම්නයේ හැර වෙන කොහෙවත් නිවාස නැත සුවිස් බැංකු වල පොඩි මුදලක් තිබුණට රුපියල් නැත (දිල්)
ජේ.ආර් ජනපතිකාලේ ඔය විදියට ලැබුණු වටිනා තෑගි ගොඩක් එසේම තියලයි ගියේ. ඒ එතුමාගේ වැදගත් බව. නමුත් පස්සේ ඒවා අතුරුදහන් වුනු බව ආරංචි වුනා. (නදී)
මෙම කතාවේ වැදගත්ම දෙය අපේ රටේ කන්ඩ නැතත් දියමන්ති තෑගි කිරීමයි (නදී)
ඔන්න පාඩමකට ගන්න හොද ආදර්ශයක් (දිල්)
අපේ ඇමතිවරු කොච්චර නම් අවංකද. ඉන්නෙත් රජයේ ගෙවලි වල.(නදී)
හොද ආදර්ශයක් (දිල්)
මේ වගේ රාජ්‍ය නායකයෝ කොච්චර ආඩම්බරයක්ද.(දිල්)
පිටබැද්දර ජයා, මමත් නීලාගේ අදහස අනුමත කරනවා. ඉංග්‍රීසි කාරයින් යටත් කරගත්ත රටවලින්, නිදහස ලබා නොදුන් රටවල් අද ලෝකයේ ඉතාමත්ම දියුණු රටවල් බවට පත්වී තිබෙනවා. උදාහරණයක් හැටියට නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල් පෙන්වා දිය හැකියි. (නදී)
මිනිසුනේ, පුදුමෙන් පුදුම හිතෙන්නේ නැද්ද මේවා අහලා. මේක වෙන්න පුළුවන් දෙයක්ද එක පාර හිතා ගන්නත් බැරි උනා. අර සුද්දන්ට බැන අඩගසන බටහිර විරෝදී අදහස් දාන අයට මන් නම් කියන්නේ මේ ප්‍රවෘත්තියේ මුද්‍රණය අරන් දියකරලා බොන්න කියලා.(නදී)
ඕව මොනවද, අපේ අය රොකට් ඇරියේ.(නදී)
අපටත් එහෙම දේශපාලකයෝ හිටියා ඒ කාලේ කියමින් කුහක පුරාජේරු ප්‍රතිචාර කවුරුත් දාලා නැහැනේ.(නදී)
මුදා හරින්න කියලා ලියුමක් ගන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙලාද? (නදී)
ඒ ඕස්ට්‍රේලියාවෙනේ මේ ලංකාව. අපේ අයට නම් හම්බවෙන තෑගි ලිඳේ දැම්මා වගේ තමයි. (නදී)
කියන්න වදන් නැහැ මේ වගේ මිනිසුන් ගැන. ඔබ තුමාට අපේ රටේ පාර්ලිමේන්තුවට එන්න සුදුසු කම් තියෙනවා.(නදී)
අනේ අපේ නම් ලංකාවේ කොහෙවත් වත්කම් නැහැ. (දිල්)
අපේ රටේ වගේමයි.(නදී)
ඕස්ට්‍රලියාවේ මම දන්න නගර සභාවක පොතක් තියනවා නිලධාරින්ට පිට අයගෙන් ලැබෙන දේවල් ලියන්න. කොන්ත්‍රාත් කාරයෙක් කෑම වේලක් දුන්නත් එකේ ලියනවා.(දිල්)
අනේ එකට අපේ රට...(අ)
වර්තමාන ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ දිදුලන නිහතමානි ජන නායකයෙක් වන ටෝනි ඇබට් මැතිදුන් අපේ රටටත් ලෝකයේ අනෙක් සියලුම රටවලටත් උතුම් ආදර්ශයක්. එතුමා අපේ රටට පැමිණි වෙලාවෙත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ අවසාන ගෞරව දැක්වීමේ අවස්ථාවේදීත් ඉතාමත් උසස් රාජ්‍ය නායකයෙකු ලෙසින් හැසිරුණ බව අපි දුටුවා. චිරං ජයතු..! (දිල්)
අපේ ඇමැතිවරුත් එහෙම තාමා..! ඕවා ළඟ තියාගන්නේ නැහැ.(දිල්)
ඔස්ට්‍රලියව දියුණු ඇයි කියල දැන් තේරෙනවා නේද? රටට වැඩ කරන්න බැරි නම් , ජනතාව අකමැති නම් පාලකයෝ කෙලින්ම ගෙදර යනවා.(අ)
ඕස්ට්‍රේලියාව දියුණු රටක් වෙන්නේ මොකද කියල දැන් තේරෙනවා නේද ? එහෙ නීතිය කාටත් එකයි (දිල්)
ඒ ඕස්ට්‍රේලියාවේ නේ. (අ)
අනේ මේ රත්තරන් මිනිස්සු දිහාවත් බලල අපේ අය හැදෙන්නේ නැති හැටි (අ)
අපිට මහා දියුණු ඉතිහාසයක් තිබුනත් දැන් නම් ආයිම ඉගෙන ගන්න හොඳයි මේ එංගලන්තෙන් පිටුවහල් කරපු ජනතාවගෙන් වත්? අපේ රටේ දේශ පාලුවෝ කරන විනාසේ නිසා රටක් ජාතියක් ඉතුරුවෙන එකක් නැහැ කලකදී? (අ)
බලන්නකෝ අපේ ඇමැතිවරුන් දිහා. එයාලත් මේ විදියමයි (නි)
ටෝනි ඇබට් මහත්මයාට ස්තූති වේවා! ලෝකයට ආදර්ශයක් (නි)
මේ වගේ දේශපාලකයන් ඉස්සර ලංකාවෙත් සිටියා. නමුත් ටිකෙන් ටික වඳ වීමට ලක්වී දැන් බෙහෙතකට වත් සොයා ගැනීමට නොහැක.(නදී)
ලංකාවේ ඕකේ ප්‍රති විරුද්ද නේ.(නදී)
'කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ ක්‍රියාවෙනි'. කෙනෙකු සැබෑ ජන නායකයෙකු හෝ හොරෙකු වන්නේත් එසේමය. (නදී)
අහන්නත් සන්තෝසයි.(නදී)
ඒකට අපේ රටේ! මේ ලඟදි දික්කසාද නඩුවකින් හෙළි වුනේ අපේ රටේ පොඩි එක්කෙනෙකුගේ තියෙන දේවල් . තව ජෙෂ්ට කට්ටියගේ කොච්චර ඇද්ද. (නදී)
මෙන්න දේශපාලකයන් ලෝකෙටම ආදර්ශයක්.(නදී)
ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ(දිල්)
ජන හදවත් තුල නොමියෙන මිනිසුන්.(නදී)
අති විශිෂඨයි. නීති ගරුක නායකයෙක්. අපිට කවදා හම්බවෙයිද මෙහෙම පාලකයෙක්.(නදී)
අනේ අපොයි ඒකට අපේ අය.(නදී)
රාජ්‍ය නීතිය එයයි නමුත් හැම තැනම ඒ දේ සිදු වනවාද ?(දිල්)
ශ්‍රී ලංකාවට මෙවැනි දේශපාලන නායකයන් හෝ දෙශපාලකයන් කවදා බිහි වේවිද? (නදී)
අපේ ජනාධිපති තුමාත් මේවගේ කෙනෙක් නේද ?(දිල්)
මෙතුමා මේ ආදර්ශය ඉගෙන ගත්තේ ශ්‍රිලංකාවේ මැති ඇමති හා උතුමාණන්ගෙන් බව පෙනී යනවා (දිල්)
සුද්දා ලංකාවට නිදහස නොදුන්නා නම් අපටත් මෙවැනි දේශපාලකයෝ ඉන්නවා. සුද්දා දාල නොගිය ඕනෑම රටක අද තත්වේ ඉතා උසස්. (නදී)
බලන්න මොන තරම් පුදුම හිතෙන ප්‍රවෘත්තියක්ද කියලා. අම්මපා අර අපේ කට්ටිය බෝට්ටුවෙන් යන එක අහන්ට දෙයක්ද? (නදී)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොවි කම්කරු, වෙද, ගුරු කට්ටියනේ ඉතින් එයාල කොහොමත් පෝසත් අය නෙමෙයි.(නදී)