මෛත‍්‍රීපාල සිරිසේන ජනපති ඇන්ජෙලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය මහත්මිය හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකාවට යළිත් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යුරෝපා සංගමයෙන් ලබා ගැනීම පිළිබඳව දෙරට නායකයන් සාකච්ඡා කිරීමටද නියමිතය.
දැනට ලොව සිටින බලවත්ම රාජ්‍ය නායිකාවක ලෙස ඇන්ජෙලා මර්කල් හැඳින්වේ. ලොව ප‍්‍රධානතම ආර්ථිකයක් හිමි ජර්මනිය යුරෝපා සංගමයේ ප‍්‍රමුඛතම සාමාජිකයෙකි. එසේම විශාලතම අපනයන ආර්ථිකයක් හිමි රටක් ලෙස ද ජර්මනිය සැලකේ.
ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන නියෝජිතයින්ද හමුවීමට නියමිතය.
ඉන්පසු ජර්මන් ජනාධිපති යාකින් ගක් සහ එරට විදේශ අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මයර් ද හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් වසර 43 කට පසුව මෙරට නායකයකු ජර්මනියේ නිල සංචාරයකට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු රටේ ජනදිපතිනේ සතුටු වෙන්න.ඒ කාලෙ නිකමටවත් මේ වගේ රටකට යන්න ලැබුනේ නැහැනේ.(කෞ)
ජර්මනියට ලංකාවත් රටක්ද? බොරු සෝබන. (බ)
43 අපිව එපා වෙලා තිබුනානම් මෙයන්නේ අපි එන්නද කියල අහල වෙන්න ඇති. (බ)