(අංජුල මහික වීරරත්න)
කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය.
සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා කීය.
COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.
සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවයි.
එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි
චතුරි Tuesday, 08 November 2022 06:23 PM
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගෙ මෙයාගෙ කතා. ණයට මුදල් ඉල්ලලා දැන් හෙම්බත් වෙලා. මොකද. ණය දෙන දෙන රටවල් මේ වගෙ ගොන්නු නෙමේ. ඒ රටවල් වලෙ නායකයෝ පත්විම අරන් තමන් ට බැරිනම් ඉල්ල අස් වෙනවා. ඒකට මේ නඩේ. මුන්ගෙ දේපල කියලා හිතන් ඉන්නෙ. පොඩි මන්ත්‍රිකමක් ලැබුනත. වන්දි මුදල්. මෙන්න කියලා දෙයි. පොකට් එකේ ඉදල ගෙදර ඇතුලේ එලියේ තියෙන බඩු විසිතුරු. ලංකාවේ හදපුවාද හැමදේම. පිටරට බඩු. එහෙනම් පිටරටින් එන වෙලදාම් තහනම් කරන්න. මේවා කටින් පිබලා හදාන්න බැහැ. මේවා නතරකරන්බත් බැහැ. ලෝකේ දියුනු වෙනවා ජනග්‍රහනය වැඩි වෙනවා. මේ ගැන පොතක් ලියන්න පුලුවන්. වන්දි මුදල් ඉල්ලන්නෙ කාගෙන්ද. කොහොමද දෙන්නෙ. වැද්දන්ට කියන්න පුලුවන්. අපි ඉන්නෙ කැලාවෙ කියලා. ඔයා නඩෙත් එක්ක එකතුවෙලා හැරිපෝට වගෙ කොසු අරගෙන වලාකුලු පිහදමන්න. එතකොට කවුරුත් සල්ලි දෙයි. .
beau Tuesday, 08 November 2022 06:58 PM
ජෝකර්. කාර්මික රටවල් හිනා වෙනවා ඇති කියන ගොබ්බ කතා වලට. ඔව් වන්දි දෙයි තමා. හිඟා කන්න වෙන සට කපට හේතුවක් හමුවෙලා නැද්ද. යකෝ හිඟා කරන්නෙ නැතුව රට සංවර්ධනය කරන වැඩේ පිළිවෙලක් හදපල්ල.
බද්රානි Tuesday, 08 November 2022 09:35 PM
හිඟා කාලා සල්ලි හොයා ගන්න බැරි උනාම, ධනවත් රටවල් වලින් කප්පම් ගන්න වගෙයි මේ දඟලන්නේ. එකම කට්ටිය දෙපැත්තට බෙදිලා හොරා කාල මේ රට බංකොලොත් කලාට කෙහේවත් ඉන්න ඒ රටවල වැදගත් නායකයින් ඒකට පලි නැහැ. මේ කියන විකාර කතා ඒ රටවල් වල නායකයින් ඉවසනවා ඇත්තේ, මේ අයගේ ස්වභාවය දන්නා නිසා වෙන්න ඇති. ගහලා එලොව ගන්නයි ඕනා. ඇඟිල්ලේ තරමට නෙවෙයි ඉදිමෙන්නේ. මොවුන් හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලනේ..
Asela Tuesday, 08 November 2022 10:58 PM
එක එක විදිහට හිඟා කන්න පටන් අරන්. මේක තමයි දැන් හිඟාකන අලුත්ම සිස්ටම් එක.
Perera Tuesday, 08 November 2022 11:29 PM
බංකොළොත් රටට ගැලපෙන බංකොලොත් පිනාධිපති.
Sunil Wednesday, 09 November 2022 04:20 AM
අතුරුදන්ව සිටි අලි දැන් ඔලුව ඔසවන්න පටන් අරන්. හැබැයි තව ටික කාලයයි. කකුලුවන් දගලන්නෙ ජලය රත්වෙන තුරු පමනයි.
Sunil gamage Wednesday, 09 November 2022 07:27 AM
1948 නිදහස ලැබූ දා සිට දේශපාලඥයන් විසින් ලංකාව විනාශ කරල. දියුණු රටවලින් වන්දි ඉල්ලා සිටීම මහ විහිළුවක්. ඒ නිසා රට ආර්ථික වශයෙන් විනාශ කිරීමේ වන්දිය ගෙවිය යුත්තේ ලංකාවේ දේශපාලකයන්ම තමයි.
W.H.White Wednesday, 09 November 2022 11:44 AM
හේයි, යාලුවනේ, ආර්ථික අර්බුදය නොවන වත්මන් ගෝලීය අර්බුදය ගැන අදහසක් නැත, සැබෑ අර්බුදය නම් අපේ පෘථිවිය සම්පූර්ණයෙන්ම පාරිසරික විනාශයේ, වඳවීමේ අද්දර, එය ගෝලීය සිදුවීමක්, මෑත කාලීන නියඟයේ අද්දර සිටීමයි , ගංවතුර, අස්වාභාවික උනුසුම් රළ, අස්වාභාවික සීතල, ලැව් ගිනි හැම දෙයක්ම ගෝලීය උණුසුම ඉහළ යාමේ ගෝලීය සිදුවීම නිසා සිදු වේ. උනුසුම් වීම ගැන ඔබ පුදුම විය හැක්කේ කුමක්ද? අපි දැනටමත් උණුසුම් රටක් නේද? හෙහ් හෙහ්. නමුත් ගෝලීය උණුසුම යනු උණුසුම් කාලගුණයක් පමණක් නොවේ. එය ඉතා ගැඹුරු, ඉතා විනාශකාරී මූලයන් ඇති අතර, මේ පෘථිවියේ සෑම දෙයක්ම බොහෝ දුරට එය මත රඳා පවතී. එබැවින් කරුණාකර පාරිසරික අර්බුදය අවතක්සේරු නොකරන්න.