IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා ජනපති ඇතුළු ලෝක නායකයෝ චීනයේදී එක මාවතක

(අංජුල මහික වීරරත්න)

03 වන “එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බීජිං නුවර මහජන මහා ශාලාවේ දී අද (18) ආරම්භ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයෝ හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබූහ.

අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද සෙසු රාජ්‍ය නායකයෝ ද චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් (Vladimir Putin) , කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev), ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) , ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් (Alberto Fernández), ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (2)

ලංකා ජනපති ඇතුළු ලෝක නායකයෝ චීනයේදී එක මාවතක

chandima Thursday, 19 October 2023 02:39 AM

අපේ එක්කෙනා ඔය එකමාවතේ පස්සෙන් ගියාට සුදු මචන් කෙනෙක් ඇත වනපු ගමන් වංගුවක් ගහලා ආපහු හැරෙනවා .ඔන්න බොරුද බලන්න ?

:       0       0

චන්දන Thursday, 19 October 2023 10:25 AM

චීන මාධ්‍යෙව්දිනිය ඉතා අපූරු දක්ෂ ලෙස මෙහෙයවපු සාකච්ඡාවක් දැක්කා. ඒක සූක්ෂම ලෙස රනිල් අමාරුවේ දාපු එකක් බව පෙනුනා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දුන්නෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව. මේ සමුළුවේ අරමුණ ඉතා සරලවම කියනව නම් චීන වෙළඳාම ලෝකය පුරා ව්‍යාප්ත කිරීම. මේක දැන් අවුරුදු 10 කට විතර කලින් පටන් ගනිපු එකක්. දැනටත් ලංකාවෙ දහස් ගණන් නිළධෘරින් මේ පිළිබඳව චීනය විසින් දැනුවත් කරල තියෙන්නෙ පහුගිය කාලෙම. ලෝකෙම ඒකට අහුවෙලා කියල තමා දැන්නම් පේන්නෙ. බටහිර රටවල් යුද්ද කරන අතරෙ මෙයාල වෙළඳපොල අල්ලලා ඉවරයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site