(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ දර්ශනය සහ සංස්කෘතික හුවමාරුව සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව සහ දෙරට අතර ආගමික හා සංස්කෘතික සහයෝගීතාවය පිළිබඳව චීන දූත පිරිසක් සමඟ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසීය.
දෙරට අතර පුරාවිද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සංචාරක හා ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දූත පිරිස සමඟ එහිදී සාකච්ඡා කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd