අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියනට බ්‍රහස්පතින්දා නාග විහාරයට ඇතුළු වීම තහනම් කරන නියෝගයක් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නිකුත් කළේය.

සිරිසුජාත හිමියන්ගේ ශිෂ්‍ය භාවය 2011 ජූලි මාසයේදී සෝභිත හිමියන් ජීවත්ව සිටියදී අහෝසි කරන ලදැයිද ඒ හිමියන්ගේ අපවත්වීමෙන් පසු සුජාත හිමියන් පන්සලට පැමිණ කලබල කරන්නට ඉඩ ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

ආදාහනය සිදුකරන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයටද සුජාත හිමියනට ඇතුළුවීමට ඉඩ නොදෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි නියෝගයක් ගත යුත්තේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් බව මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.