ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට විදුලි බල හා බල ශක්ති ඇමැතිවරයා තීරණය කර ඇත.
නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇති බවත් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2009 සිට 2016 දක්වා කාලයේ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම තීරණය ගෙන ඇතැයි කියැවේ.
සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීමේ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මීට පෙර ජනපතිවරයාට දන්වා තිබිණි.
2016 දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් එම ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍ර වීරසිංහ දකින සිහිනය අපිත් යහපාලනය එන්න ඉස්සර දැක්කා. ඒක හීනයක්ම විතරයි. මෙදා කපේ තියනතුරු මේ රටේ ඔය කියන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ හොරු වෙනුවට හොරු හැමදාම පත්වෙන එකයි. (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යැවියයුතු කීදෙනෙක් අපේ දේශපාලන භුමියේ ඉන්නවා කියලයි අපට පෙනෙන්නේ. (නි)
ඉහළම තැන සිට පහළම තැනට යනතුරු හොරු ටික අල්ලාගෙන දේපොළ රාජසන්තක කරන්න. කලින් ආණ්ඩු වලට අවලාද කිය කියානේ මොවුන් ගහන තරමක් ගහන්නේ. (නි)