ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජය සංවිධානය කරන වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා පෙරවරු 8.30 සිට මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 12 ක් සහභාගි වන මෙම තරගාවලියේ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් හය දෙනාට වයස 40 ට වැඩි ක‍්‍රීඩකයන් පස් දෙනකු සහ වයස 50 ට වැඩි ක‍්‍රීඩකයකු ඇතුළත් විය යුතුය. මෙම තරගාවලියට හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සහභාගිවීමට නියමිත බව සංවිධාකයෝ පවසති.
තරගාවලියේ ශූරයන්ට රුපියල් 50,000 ක් ද, අනු ශූරයන්ට රුපියල් 30,000 ක් ද, පිරිනැමේ. ඊට අමතරව දක්‍ෂතම පිතිකරුට, පන්දු යවන්නාට, පන්දු රකින්නාට සහ අවසන් තරගයේ වීරයාට ත්‍යාග පිරිනැමීමට නියමිතය. තරගාවලියට සහභාගි වන වයස්ගතම ක‍්‍රීඩකයාට ද විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගම කටයුතු කරයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:
මොරටුව ස්ටාර්ස්, වෙළෙඳ සේවා පිල, වෘත්තිය විනිසුරුවන්ගේ පිල, නාවික හමුදාව, ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් විදුහල් පිල, ආදි බෙනඩික් පිල, කොල්්ට්ස් ටවර්නස්, ඇඩස්ටි‍්‍රයන්ස්, ලංකා බැංකුව, ආදි ශාන්ත පීතර විදුහල් පිල, හැටන් නැෂනල් බැංකුව සහ ලංකා කැවලියර්ස්
ඡයාරූපය:
ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා විසින් ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජයේ සභාපති බැසිල් පෙරේරා මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව.
‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජයේ හිටපු සභාපති මෙන්ම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර (වමේ) සහ ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සංගමයේ ලේකම් නිසාල් ප‍්‍රනාන්දු (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා කැවලියර්ස් ප‍්‍රවීණයන්ගේ ක‍්‍රිකට් තරගාවලිය 11දා මොරටුවේදී