නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් ගල් කටස් අවියක් බෝම්බ කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදල් වලින් කොටසක් ද සොයාගෙන ඇත.
අම්බලන්තොට හා ලුනමේ පදිචි සැකකරුවන් මහරගම ගෙයක් කුලියට ගෙන සිටියදී කොල්ලයට සැලසුම් කැර ඇතිබවත් ප්‍රධාන සැකකරු හිරේ ගිය අයෙකු බවත් ව්‍යාජ ලේඛණ සකසා හිරෙන් එළියට පැමිණ ඇති බවත් සොයාගෙන ඇත. කොල්ලකෑ මුදලින් රන් බඩු මිලට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය කෙටි වුනාට ලොකු කතා රාශියක් කියවෙනවා. එකක් තමයි මෙයා හිරෙන් නිදහස් වුන හැටි. බන්ධනාගාර බලධාරීන් ලේසියෙන්ම රවටලා නිදහස් වෙන්න තරම් බලවත් ව්‍යාජ ලියවිල්ලක් හදන්න පුළුවන් නම් ඒ දක්ෂකම මතම මෙයාව නිදහස් කරන්න වටිනවා. ඔය වෘත්තීය සමිති එහෙම ලිඛිත පොරොන්දු ඉල්ලනකොට මෙයාට දෙන්න පුළුවන් ඒවා සකස් කරන්න. (නි)
වැලිකඩ, බෝගම්බර සහ මහර යන බන්ධනාගාර වලින් නිදහස් වෙන ක්‍රමය නෙත් එෆ් එම් බැලුම්ගල ඇහුවොත් සක්සුදක් සේ දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් ලෙකෝ කියන්නේ කිසිම සුදුසු කමක් තියෙන ආයතනයක් නොවේ. හොදම නිදසුන තම හික්කඩුව ලෙකෝ එක හොයල බලන්නකෝ.(නදී)