
(යොහාන් භාසුර)
පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පපත්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.
හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ආවාය.
හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165
(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)
ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167
(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අපේ ගරු ජනපතිතුමාගේ ආණ්ඩුව යටතේ අපි කිුකට් ශුරතාවය ලබාගත්තානේ
සුබ පැතුම් කෙල්ලනේ
සුබ පැතුම් කෙල්ලනේ
යකෝ ගැහැව්වා යකෝ ඉන්දියාවට... එල කිරි වෙන්න කෙල්ලෝ ටික
මාර ගේමක්නේ අපේ කෙල්ලන් ඉන්දියාවේ කෙල්ලන්ට දීලා තියෙන්නේ !!! කඩුලු අටක ජයක් කියන්නේ සුළු පටු ජයග්‍රහණයක්ද? මෙන්න අපෙන් ඔයාලට උම්මා ගොඩාරියක්...!
කණ්ඩායමේ තිබු " ටීම් ස්පිරිට් " එක නියමයි, එය දිගටම පවත්වාගන්නතෙක් ජයග්‍රහණය ඔබ සමගමයි. වර්තමානයේ "ශ්‍රී ලංකික ක්‍රිකට් කතාන්දරය "ඉතිහාසයේ ලියමින් " සැබෑවූ අනාගත ක්‍රිකට් සිහිනයත් " ඔබම වන්න. චමරි ඇතුළු මුළු කණ්ඩායමටම සුබ පැතුම්...!!!
අපිට ඇත්තටම දක්ෂ කණ්ඩායමක් ලැබිලා තියෙනවා.මේ හැම නරක ආරංචියක්ම ශ්‍රී ලංකාවේ පිටාර ගලනවත් එක්කම මේ වගේ දෙයක් අහන්න ලැබීමත් අපි වාසනාවන්තයි.සුභ වේවා මගේ ආදරණීය සහෝදරියනි.හොඳයි.
නිකම්ම ගැහුවා නෙවෙයි ඉන්දියාව අසරණ වෙන්නම ගැහුවා. දැනට ලෝකෙ ඉන්න හොඳම ක්‍රිකට් කණ්ඩායමකට මෙහෙම ගැහුුවම කාටද සතුටු නැත්තෙ !! සතුටු කඳුළු හෙළ හෙළා අපි බැල්වෙ
අපේ සුබ පැතුම් කෙල්ලනේ. ක්‍රිකට් එපාවෙලා හිටිය වෙලාවේ සුපිරි ගේමක් ගැහුවේ ඉන්දියාවට. සුපිරිම තමයි.
කාන්තා ක්‍රිකට් පිලේ ඉන්න මේ කෙල්ලන්ව ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දාලා ඒකෙ දැනට ඉන්න එවුන්ව ශ්‍රීලංකා පිරිමි ක්‍රිකට් පිලක් හදලා ඒකට දාන්න කාලේ ඇවිල්ලා
පිරිමි කණ්ඩායමට ගෙවන පඩිය කාන්තා කණ්ඩායමට ගෙවනු.කාන්තා කණ්ඩායමට ගෙවපු පඩිය පිරිමි කණ්ඩායමට ගෙවනු.
ජය වේවා...
සුභ පැතුම් කෙල්ලනේ
පිරිමි ජාතික ටීම් එකේ මාසික පඩිය බාගෙකින් කපාදාන්න. උන් කරන මගුලක් නැහැ.ඉඳලා හිටලා කනා පාරක් ගහලා මැච් දිනනවා විතරයි. බොරු ශෝබන දානවා එත් උන්ට පන නැහැ.