අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව මෙහෙයවන 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) මැලේසියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට සිට මෙම 15 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැත්වේ.
මෙම තරගාවලි සදහා ජාතික කැරම් ශූර චමිල් කුරේ සහ ජාතික ශූරී චලනි ලක්මාලි ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් සහභාගි වෙති.
චමිල් කුරේ පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් ජාතික ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය.
ලෝක කැරම් ශූරතාවලියට දෙවැනි නොවන මෙම තරගාවලියේදී වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව සහ අනුශූරයන් වන ශ්‍රී ලංකාව අතර ශූරතාවට තියුණු සටනක් පැවැතිය හැකිය. වර්තමානයේ බංග්ලාදේශය ද කැරම් ක‍්‍රීඩාවෙන් ඉදිරියෙන් සිටින රටකි.
2008 වසරේ ප‍්‍රංශයේ කැන්ස් නගරයේ පැවැති පස් වැනි ලෝක කැරම් තරගාවලියේදී ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගත්තේ සිවු වසරක් අඛණ්ඩව ශුරතාව දිනා සිටි ඉන්දියාව පරාජය කරමිනි.
විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ‍්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ.
සංචාරක ශ්‍රී ලංකා පිල:
පිරිමි
චමිල් කුරේ, නිශාන්ත ප‍්‍රනාන්දු, එම්.ෂෙරිෆ්ඞීන් සහ ළහිරු ඉෂාන්
කාන්තා
චලනි ලක්මාලි, මධුෂිකා කාංචනමාලා, ජෝශප් රොෂිටා සහ අරෝෂා වික‍්‍රමසිංහ
එස්.ආර්.රොද්‍රිගෝ මහතා (කළමනාකරු) සහ රෝහිණී මතායස් මහත්මිය (තරගාවලියේ දෙවැනි තීරකවරිය)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd