IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල අද යයි

අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව මෙහෙයවන 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) මැලේසියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට සිට මෙම 15 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැත්වේ. මෙම තරගාවලි සදහා ජාතික කැරම් ශූර චමිල් කුරේ සහ ජාතික ශූරී චලනි ලක්මාලි ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් සහභාගි වෙති. චමිල් කුරේ පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් ජාතික ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය. ලෝක කැරම් ශූරතාවලියට දෙවැනි නොවන මෙම තරගාවලියේදී වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව සහ අනුශූරයන් වන ශ්‍රී ලංකාව අතර ශූරතාවට තියුණු සටනක් පැවැතිය හැකිය. වර්තමානයේ බංග්ලාදේශය ද කැරම් ක‍්‍රීඩාවෙන් ඉදිරියෙන් සිටින රටකි. 2008 වසරේ ප‍්‍රංශයේ කැන්ස් නගරයේ පැවැති පස් වැනි ලෝක කැරම් තරගාවලියේදී ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගත්තේ සිවු වසරක් අඛණ්ඩව ශුරතාව දිනා සිටි ඉන්දියාව පරාජය කරමිනි. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ‍්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ. සංචාරක ශ්‍රී ලංකා පිල: පිරිමි චමිල් කුරේ, නිශාන්ත ප‍්‍රනාන්දු, එම්.ෂෙරිෆ්ඞීන් සහ ළහිරු ඉෂාන් කාන්තා චලනි ලක්මාලි, මධුෂිකා කාංචනමාලා, ජෝශප් රොෂිටා සහ අරෝෂා වික‍්‍රමසිංහ එස්.ආර්.රොද්‍රිගෝ මහතා (කළමනාකරු) සහ රෝහිණී මතායස් මහත්මිය (තරගාවලියේ දෙවැනි තීරකවරිය)



අදහස් (0)

ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල අද යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site