ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය කියයි.
මානව හිමිකම් ප‍්‍රඥප්තියට අනුකූලතාව දැක්වීම සඳහා රජයේ ඇති කැපවීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද සිසු පිරිසකට පොලීසිය හිංසාකාරී ලෙස ප‍්‍රතිචාර දැක්වීම ගැටළු සහගත බව ද යුරෝපා සංගමය කියා සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ලබා දි ඇති නිර්දේශ ද සැලකිල්ලට ගෙන වගකිව යුතු පාර්ශව ඉදිරියට ගන්නා ක‍්‍රියාමාර්ග දෙස ඉතා ඕනෑකමින් බලා සිටින බවද යුරෝපා සංගමය කියයි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණ අතුරුදන් වූවන්ගේ ඥාතින් මුණගැසුණු පසු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ද තමන්ට වාර්තා වන බව එම සංගමය සඳහන් කර සිටී.මෙම වාර්තාව සත්‍යයක් නම් අතීතයේ සිදුවූ එවැනි දේ යළි සිදුවෙමින් තිබීම ද ගැටළුවක් බව යුරෝපා සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නැවත ලබාගැනීම සඳහා ඉදිරියේදී මොනවා සිදුවනු ඇද්ද? (නි)
ඔය ජී.එස්.පි. ප්ලස් බදු සහනය අපට ලැබුනේ සුනාමිය සමඟ. ඔය ජී.එස්.පි. නැතුව තමයි ඊට පෙර අපි වැඩකළේ. එමනිසා ඕක ගැන බටහිරට වඳින්නේ නැතුව අපේ වැඩ කරගනිමු. (නි)
අනුන්ගෙන් යැපෙන්න ගියාම ඔහොම තමයි. එයාලා කියන කියන පදේට නටන්න ඕනෑ (නි)
ජී පී එස් වලට කලින් බහුවිධ කෙඳි ගිවිසුම තිබුණා. ලොකු ඇඟලුම් කම්හල්වලට නම් මේක නැතුව පවතින්න පුළුවන්.ඒත් පොඩි ආයතනවලට බෑ.මොකද බංග්ලාදේශයේ,වියට්නාමයේ,චීනයේ ඇඟලුම් මිල අඩුයි. (බ)
ඔය ජී.එස්.පි. ප්ලස් බදු සහනය ලැබෙන්නේ ඇමරිකාවට සහ යුරෝපයට අපේ නිමි ඇඳුම් වෙළඳාමේදී නිසා ඔය නිමි ඇඳුම් වෙළදාම නවතා දමා වෙනත් වෙළද පොළක් සොයා ගත්තොත් නේද හොඳ? මේ අයගේ තහංචි වලට ඔලුව පහත් කරන්නේ නැතුව. ඔය ආසියාවේ රටවල් කොච්චර තිබෙනවාද? බැරිද අපේ රටේ වෙළඳාම් රටාවේ මුහුණුවර ටිකක් වෙනස්කර ගන්න. (නි)
කස පහරවල සද්දය විතරද? පෙරහරේ අලි සහ නැට්ටුවෝ විතරද? (නි)
ඇත්තටම අප දැනටමත් මේ ජී.එස්.පී ප්ලස් බදු සහනය අවශ්‍ය නොවන බව ඔප්පු කර හමාරයි. තරඟකාරිත්වයෙන් ලබා ගන්නා ඇනවුම් ඉතා උසස් සහ ගෞරවනීයයි. (නි)