එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති පසුගිය 6 වැනිදා ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩාංගණයට ගෙන එන අවස්ථාවේදී පසුබිමෙන් හින්දි ගීතයක් වාදනය වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත කණගාටුව ප‍්‍රකාශ කර තිබේ.
ඒ බව සඳහන් කරමින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි අධ්‍යක්‍ෂ කි‍්‍රස් ටෙට්ලි මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාට ලිඛිතව සිය කණගාටුටව ප‍්‍රකාශ කරනු ලැබ තිබේ. කෙසේ වෙතත් එවන් සිදුවීමකට හේතු කවරේද යන්න තරගාවලියේ මෙහෙයුම් කටයුතු බාරදී ඇති සමාගමෙන් විමසා සිටින බවද ටෙට්ලි මහතා ශී‍්‍ර ලංකාවට දන්වා එවා තිබේ.
අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ඒ ඒ රටවල කි‍්‍රකට් නායකයෝ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පණිවුඩය ප‍්‍රකාශයට පත්කළහ. ඇන්ජලෝ මැතිව්ස්ගේ පණිවුඩය කී‍්‍රඩාංගණයේ පිහිටි දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය කී‍්‍රඩාංගණයට ගෙන එන ලද අතර එම අවස්ථාවේදී පසුබිමෙන් වාදනය වූයේ හින්දි චිත‍්‍රපට ගීතයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මහලොකු සුද්දන්ගේ වැඩ. ඔලිම්පික් උළෙලේ ඉන්දීය කණ්ඩායමත් එක්ක තවත් කවුද ගෑනු කෙනෙකුත් පෙළපාලියේ ගියේ. හැබැයි කතාවට නම් එංගලන්තේ සුද්දා වගේ වැඩ කියයි. (නි)
අර්ජුන මිට වසර හයකට කලින් කියපු දේවල් දෙන ටික ටික හරියාගෙන එනවා. අර්ජුන ඔබ නියම නායකයෙක් සහ රට වෙනුවෙන් ක්‍රීඩා කරපු නිහතමානි ක්‍රීඩකයෙක්. (ස)
අර්ජුන, ඔබ විශිෂ්ට ක්‍රීඩකයෙක්.අද ඉන්නේ සල්ලි බලාගෙන ඉන්න අය.අපි දැක්කා ඉන්දියා වල වුන දේත් .මේ ක්‍රීඩකයන්ට , නායකයට ශක්තියක් නැද්ද විරෝදය පාන්න. (නි)
පහන්,ඩන්කන් වයිට් 1948 ඔලිම්පික් පදක්කම දිනපු අවස්ථාවේදී ගායනකළ ගීතය " දන්නෝ බුදුන්ගේ ගීතය "යි. එය ගායන කරන්නේ ටවර් හෝල් ගායක හර්බට් රාජපක්ෂ 1920. (නි)
හින්දි..... හින්දි......හින්දි..... හින්දි...... හින්දි..... හින්දි...... අපේ හැම දේකටම හින්දි (නි)
මේ ඔක්කොටම ප්‍රශ්ණෙ තියෙන්නෙ ක්‍රීඩකයන්ට හම්බවෙන සල්ලි ගැන.ඒත් ඒ අය නිසා ලංකාවට එන ආදායම,සංචාරකයො,අඩුම තරමෙ ලංකාවෙ කොඩිය ලෝකෙ ළෙල දෙන්නේ ඒ අය නිසා කියල අපේ අයට මතක නැහැ. නිකන් පුටුවල ඉඳල ඒ අය ගේන සල්ලි හොරකන් කරන අය ගැන කතා කරන්න කවුරුත් නැහැ. මාලිංග කියන ක්‍රීඩකයාගේ දක‍්ෂතාවයට සම කරන්න පුළුවන් කෙනෙක් අද නැහැ. ඒ නිසා ඒ අයට ගෙවන ගාන තක්සේරු කරන්න අමාරුයි. ඒකට ඉරිසියා කරල වැඩක් නැහැ. මොකද දියමන්ති වලටයි කලුගල් වලටයි ගෙවන ගාන වෙනස්නෙ. මේකෙ ඉන්න ගොඩක් අය මාර දේශප්‍රේමියො, නේද..(ස)
අද අපේ මිනිස්සු සල්ලි වලට ජාතික ගීතය වෙනුවට හින්දි සින්දු නෙමෙයි , කුණුහරුපත් අහයි . (අ)
මහේෂ් අහලා තියෙනවද අන්ධයින්ගේ ලෝකයේ එකැස් කණාත් වීරයෙක් කියලා? පහන්, ඔබ වැනි අය දුර්ලභයි (නි)
නායකයාගේ නමම බලන්න,නමින්ම තේරෙනවා මෙයාල කවුද කියල,හැම කළු උනාට නම සුදුයි,(අ)
පහන් ඔයාලා මොනවද දන්නේ කියල අපට දුකයි, ඩන්කන් ව්යිට් ඔලිම්පික් රිදී කුසලානේ දිනපු වෙලාවේ ජාතික ගීය විදියට ගායනා කරේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී දර්මස්කන්ද ගීතය.(ස)
සමව ඉල්ලලා ඇද්ද මෙවැනි වරදක් කරලා.වග කියුත්තන්ගෙන් වන්දියක් ඉල්ලලා නඩු දමන්න.හොඳ වෙලාවට තමිල්නාඩු සින්දුවක් දමා නැත්තේ.(ස)
මට නම් කොන්දක් තිබුණු එකම නායකයා අර්ජුන. මොනවා කරන්න ද දෙයියනේ. මේක අපේ අවාසනාව. (නි)
අපේ ජාතික ගිය හින්දියෙන් වාදනය කරලා, තාලේ හොද නිසා අපේ කොල්ලෝ කරබාගෙන හිටියද දන්නෙ නැහැනේ (නි)
දෙන්නෙක් අයි.සී.සී. යෙන් සමාව අරගෙන කියන්නේ ඇත්තද? (නි)
රටේ දේශපාලනය, ආර්ථිකය වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් ඉන්දියාව ගිලගන්න පටන් ගත්තෙ මීට කාලයකට පෙර. මා දන්නා පරිදි අර්ජුන මේ ගැන තනියම විශාල කතිකාවක් ඇතිකලා. එය නොතේරුම් ගත් හා මුදල් පමනක් මුල් තැනගෙන කටයුතු කල නිළධාරීන් මෙන්ම ක්‍රීඩකයන් නිසා උදාවුන කනගාටුදායක තත්වයක් ඒක. සමහරවිට මේක නම් සමච්චලයක් වෙන්නත් පුලුවන්. (නි)
ඔහොම යමු. හෙට අනිද්දා අපේ ජාතික කොඩිය වෙනුවට ඉන්දියන් කොඩිය අපේ රට ඇතුලේ ලෙලදෙන්නත් බැරි නැහැ (නි)
48 ඩන්කන් වයිට් පදක්කම ගන්නකොට අපේ ජාතික ගීය හදලා නොතිබුනු නිසා ඒ වෙනුවට දේශාභිමානි ගීතයක අනුවාදනය ප්‍රචාරය කලාලු නේද? මට සින්දුව මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ප්‍රතිචාර දක්වන්න (නි)
1996 ලෝක කුසලාන අවසන් තරගයේදී අපේ ජාතික ගීය වෙනුවට වාදනය කලේ දකුණු අප්‍රිකානු ජාතික ගීය. මොකද හැමෝම බලපොරෝත්තුවුනේ ඕස්ට්‍රේලියාව සමග දකුණු අප්‍රිකානු තරඟයක්. නමුත් අපේ අර්ජුන රණතුංග නොසැලී කිව්වා, මගේ රටේ ජාතික ගීය වාදනය කරනකම් මගේ කණ්ඩායම සෙල්ලම් කරන්නේ නැහැ කියලා. අන්තිමට එක එහෙම තමයි සිද්දවුනේ. ඇන්ජලෝ මැතිව්ස්, මහේලට සංඟට එහෙම එකක් මතක නැතුව ඇති.මම ක්‍රිකට් බලන එක නවත්තලා ගොඩක් කල්. (නි)
ඇන්ජලෝ අනිවාර්යෙන් ඒ වෙලාවේ කතාකළ යුතුම තමයි. මේ නම් හරිම ශෝකජනක සිදුවීමක් (නි)
මැතිව්ස්, ඔබ නියම නායකෙයක් ලෙසට මීට විරෝධය පාන්න ඕනෑ නේද? (නි)
මට නම් ඇන්ජෙලෝ මැතිව්ස් ගේ කිසිදු නායකත්ව ලක්ෂණයක් පෙනෙන්නේ නේ,..ටිකක් උස තියෙනවා..අර්ජුන, සංගා මහේල ගවු ගණනක් ඉදිර්යෙන්..මතක අර්ජුන ටෙං එකම අරන් ඕස්ට්‍රේලිය වලදී එලියට අපු එක.(අ)
දැන් අපේ උත්සව වලට හින්දි සින්දු දාපු කලේ ඉවරයි. දැන් දාන්නා ඕනෑ චීන සින්දු (නි)
රට ජාතිය ගැන කැක්කුමක් නැති, සල්ලි පස්සේ දුවන අය ටිකක් තමයි දැන් ඉන්නේ. අර්ජුනලා දහසක් වටිනා නායකයෝ. (ස)
අපිට හිටපු අර්ජුනලා දහසක් වටිනා නායකයෝ. (නි)
අර්ජුන අද ක්‍රිකට් ගැහුවානම් අර්ජුනත් සල්ලි වලට විකිණිලා. ඒයාලගෙ කාලේ එහෙම සල්ලි වීසි කරන ක්‍රිකට් තිබුනේ නැති හින්දා අද අර්ජුන වීරයෙක් වුනා. අදත් එක්ක බැලුවම අසාධාරණයි.(නදී)
අනේ මෝඩ අමිල එහෙනම් ඉන්දියාවට කියනවකො අපේ සින්දුවක් වාදනය කරන්න කියලා .අපි ඔක්කොම එක වගේනේ. (ස)
අපේ අයියලාගේ හැටි අපි නොදන්නවැයි? මට නම් සැකයි ටිකක් (නි)
අනේ අපිට නම් කමක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන්නේ නැහැනේ එංගලන්තේ. ඉන්දියන් අයනේ එහේ ඉන්නේ (නි)
අර්ජුන අපේ රටේ බිහි උන විශ්ෂතම නායකයා. අද තත්වය වෙනස් නායකයා නෙමේ නිලදාරී දැන ගන්න ඕනැ කලින් ඒ දේවල් සුදානම්ද නැද්ද බලන්න. ක්‍රීඩකයන්ට තියෙන්නේ ක්‍රීඩා කරන්න. නායකයා ඉන්නේ තරගය තුල කණ්ඩායම මෙහෙයවන්න.(නදී)
අද අර්ජුන රණතුංග ඔතන හිටියා නම් ඔහොම එන්නේ නැහැ.මහේලලට සංගලාටවත් ශක්තියක් තිබුනේ නැද්ද කතා කරන්න. (නි)
හර්ෂ සහ කුමාර සොයුරනි ඔබ වැන්නන් තවමත් අප සමාජයේ සිටීම මට මහත් අස්වැසිල්ලක් ගෙනදුනි .ස්තුතියි සොයුරනේ නැවතත් ඔබට ස්තුතියි.(නදී)
මැතිව්ස්, ඔයාට හරි ඒ වෙලාව කියන්න තිබුනනේ (නි)
මේක නම් සූක්ෂම ලෙස කරපු වැඩක් වගෙයි (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ!! (ස)
මැතිව්ස්ට එම අවස්ථාවේ විරෝදය පාන්න තිබුණනේ (නි)
පහන්, මහේෂ් ට දුන් උත්තරය හරිම අපුරුයි. මට හිනා නොවී ඉන්න බැරි උනා. (නදී)
ඔය අමිල කියන කෙනා ලංකාවේ කෙනෙක් වෙන්න බෑ.(ස)
මෙයට විරෝදය පෑම ක්‍රීඩාකයන්ට අයිති කාර්යක් නොවේ. ඒකට තමයි, රාවණ,විමුක්ති හා විරුද්ද පක්ෂ ඉන්නේ.(නදී)
අපේ ක්‍රීඩකයෝ දැන් හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ අයි.පී.එල්. සිහිනය ගැන (නි)
මහේෂ් ගේ දැනුම ගැන සතුටුයි. මම අන්තර්ජලයෙනුත් බැලුවා. එයාල මට උත්තරේ විතරයි දුන්නේ මගේ දැනුම ගැන මොකුත් කිව්වේ නැහැ. අන්තර්ජාලය හරිම නිහතමානීනේ.(නදී)
හරි කට්ටිය එහෙ නේ ඉන්නේ ඕක ප්‍රශ්නයක් නැහැ. යටි හිතෙන් ඉන්දියාවේ.(නදී)
කමක් නැහැ. කොහොමත් අපේ ක්‍රීඩකයෝ ඉන්දියාවේ කට්ටිය වගේමනේ. වෙනසක් නැහැ. (නි)
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ලොක්කා දන්නවා අපි දැන් භාගෙට නොවෙයි තුන් කාලට හින්දි කියලා. මොකද "අවරගණයේ හින්දි මෙගා ටෙලි" බලල බලලම. අපිට නොතේරුනාට අපේ ජාතික ගීය හින්දියෙන් කියන්න ඇත්තේ. මොකද පහුගිය දවස්වල වෙන වෙන භාෂා වලිනුත් ජාතික ගීය කියන්න මොනතරම් දැඟලුවද. (නදී)
අනුර තේරුම් ගන්නකො, එයාලා කොහොමද ඕකට විරුද්ධ වෙන්නේ? පව් ඒ ළමයි (නි)
කොහේ විරෝධය පාන්න ද? එතකොට ලබන සැරේ අයි.පී.එල්.? (නි)