ඩුබායි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට ලිංගක හිරිහැර සිදු කොට දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ පකිස්ථාන ජාතිකයකුට එරෙහිව ඩුබායි අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඬුවම් පනවා ඇතැයි ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.
පකිස්ථාන ජාතිකයාට දඬුවම් නියම වූයේ එම ලාංකික සේවිකාවට විසින් ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව පවරා තිබූ නඩු විභාගයක් අවසානයේදීය.
ලාංකික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා ඩුබායි හි අල් බර්ෂා හි පිහිටි එමිරාටි හාම්පුතුගේ නිවසේ සේවය කරමින් සිට ඇත.
එම නිවසේ උයන්පල්ලෙකු වශයෙන් සේවය කළ මෙම පකිස්ථාන ජාතිකයා නිවසේ වැඩකටයුතු වල නිරතව සිටි තමාට ලිංගික හිරිහැර සිදු කර දූෂණය කිරීමට තැත් කළ බවද එම නඩු විභාගයේදී අදාළ ලාංකික සේවිකාව විසින් පාපොච්චාරණය කර ඇතැයි කියති.
චෝදනා වලට වරද පිළිගත් පකිස්ථාන ජාතිකයාට මෙම දඬුවම නියම විණි. වසර තුනක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව චූදිතයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසද ඩුබායි අපරාධ අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැණි හොද හින්ද හොදා, නැත්නම් අපේ ගැණු පකිස්ථානුවන් ගේ කරේ, නැත්නම් කියන්නේ ලංකාවේ උන් අපිව මෙහෙත් කාලා අපේ පව්ලුත් කනවා කියල ඔන්න ඇත්ත .(බ)
ඒගොල්ලන්ගෙන් බේරගන්න ඕනේ කාන්තාවෝ නෙමෙයි. පිරිමි. මමත් ඉන්නේ ඔය රටක තමයි (බ)
මෙහෙම බරපතල අපරාධයක් වෙනුවෙන්, චෝදනාවට වරදකරු වූ පකිස්ථාන ජාතිකයකුට එරෙහිව ඩුබායි අපරාධ අධිකරණය දුන් වසර තුනක සිර දඬුවම ඉතාම ලිහිල්ය, සුළුය. (ම)
අන්න එහෙමයි නඩු අහන්න ඕනේ. විත්තිකරුවා කළේ වැරැද්දක් වුණත් එය පිළිගැනීමට තරම් නිහතමානි වුණා. ඒකට අපේ අයියලා වැරදියි කියල උසාවියෙන් තීරණය කර තිබියදීත්, අැපෑලක් දානවා නිදොස්කොට නිදහස් කරන්න කියලා. (ම)
පුදුමයි ලංකාවේ කාන්තාවට ගල් ගහන්න නියෝග දුන්නේ නැති එක. (හේ)
මේ අයට වන්දියක් අරන් දෙන්න බලන්න.(හේ)
පාකිස්තානුවන් කාන්තාවන්ට පමනක් නොව පිරිමින්ටත් අතවර කරති (ම)
ඔන්න දඩුවම් ලංකාවේ නම් ඇප දීල පසුව නිදහස් කරනවා (ම)