ලොව පුරා කාන්තාවන්ගේ ගැටලූ පිළිබඳ වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපතිනි කැත්රින් රසල් දෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණියාය.
ශ්‍රී ලංකා සංචාරයේදී ඇය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
රසල් මහත්මිය මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් ,ආගමික නායකයින්ද හමුවී මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ලිංගිකත්වය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය ,කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම ,සාමය හා ආරක්ෂාව ඇතුළත් කාන්තා ගැටලූ පිළිබඳ අදාළ සාකච්ඡා වලදී අවධානය යොමු කිරීමට රසල් කටයුතු කරනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය පුරා කාන්තාවන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ මැදපෙරදිග... කාන්තාවන්ට හොදින්ම නිඅහස ඇත්තේ ඇමරිකාව ඇතුලු බටහිර රටවල... ලංකාවේ මිනිස්සු බටහිරට බැන බැන මැදපෙරදිගට කාන්තාවන් මෙහෙකාරකමට යවනවා..(බ)
සුරන්ගිගේ කතාව ඇත්ත. මම ඉගෙනගන්නේ ඇමරිකාවේ බොස්ටන් වල, මෙහේ අපිට තියෙන නිදහසින් හා අවස්ථා වලින් 1/10 ලංකාවේ බොහෝ ගැහැණුළමයින්ට නෑ. (ර)
බටහිර රටවල් වල කාන්තාව බුක්ති විඳින ආරක්ෂාව, ,නිදහස,සමානාත්වය, ආර්ථික පහසුකම් කවදා අපේ රටේ කාන්තා පරපුර බුක්ති විඳීදෝ......! (බ)
ඇමරිකාවේ කත හොඳට ඉන්නවාද? මේවා ඉතින් හොඳයි අපිටම (නි)
ඉනෝකා, ලංකාව කියන්නේ ඇමරිකාව නොවෙයි. ඔබට ඔහේ හොඳ නම් ඔහෙටම වෙලා ඉන්න. හැම රටකම ඒ රටට අදාළ සංස්කෘතියක් තිබෙනවා. අරාබි කාන්තාවන් ගැන මොකද කියන්නේ? (නි)
ඇය පළමුව සෞදියට ගියා නම් හොඳයි කියා සිතෙනවා (නි)
ඔය කියා තිබෙන කිසිම දෙයක් ඒ රටේ සිදුවන්නේ නැහැනේ. ඒක තමයි ඒ නෝනා අපේ රටට එන්න ඇත්තේ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉනෝකා මම අපේ ගෑනිට නිදහස දෙන්න හදනවා හදනවා එ්ත් මේ ගෑනි එපාම කියනවා. මම දැන් උසාවි ගිහින් හරි ගෑනිට නිදහස අරන් දෙන්න බලන්නේ හොඳ නැහැනේ මගේ පැත්තෙන් මම උපරිම සහය දෙනවා කාන්තාවන්ගේ නිදහස සම්බන්ධයෙන්. කවද හරි මගේ ළමයි කියයි අපේ තාත්ත අපේ අම්මට නිදහස දෙන්න හුඟක් මහන්සි වුන කියල (බ)
අපරදිග සහ පෙරදිග සංස්කෘති අතර බරපතල වෙනස්කම් තිබේ. බුදු දහමින් සුපෝෂිත වූ අපේ මව්බිම අපටම අනන්‍ය වූ හැදියාවකින් යුක්තයි. කාන්තාවකගේ අගය ලොවට පැහැදිලිව කියා දුන්නේ බුදුන් වහන්සේයි. ඇමරිකන් නෝනලාගේ උපදෙස් ගැනීමට පෙර යටපත් වෙමින් පවතින අපේම අදහස් මතු කර ගනිමු. ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කර ගැනීම සඳහා පන්සිල් පද පහ යතාර්ථයක් කර ගැනීමට අපි දැනුවත් වෙමු. (ර)
අප්පුහාමි මහතාගේ, ධර්ම ජයවික්‍රම මහතාගේ අදහස් හරියටම හරි. (ර)
වැඩක් කළොත් හොඳයි. ඒ වුනාට ඔය නෝනලා එන්නේ අපට ඇති ආදරයකට නෙවෙයි.තම තමන්ගේ ආයතන පවත්වාගෙන යන්න, ඒවාට ආණ්ඩුවෙන් සල්ලි ගන්න රිපෝට් ලියන්න. රිපෝට් නැතිවුනොත් සල්ලි නෑ. ඔය එන නෝනටත් රස්සාව නෑ. අපේ රට වල මිනිස්සුන්ගේ උද්දච්ච මානසිකත්වය වෙනස් කරන්න ඔය කට්ටියට බෑ.අපිම හැදෙන්න ඕන. (බ)
සමන්, ඇයි එහෙම කිවුවේ කියලා මට තේරෙන්නේ නැහැ. හැම පැත්තකම දෙපැත්තක් තිබෙනවා නේද....? (නි)