කුවේටයේ ජීබ්අල්ෂූයූක් ප්‍රදේශයේ ශ්‍රීලාංකික කාන්තාවකගේ සිරුර සිය නවාතැන් පොළේ විදුලිපංකාවක කඹයකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.
මෙය දැනගත් ගොඩනැගිලි භාරකරු ආරක්ෂක අංශයට දැනුම් දුන්නේය.
ආරක්ෂඛ නිලධාරීන් සහ මරණ පරීක්ෂක ශරීරය බිමට බානවිටත් ඇය මියගොස් සිටි බවට තීරණය කළහ.මළසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් බදුකරුගෙන් සහ ගොඩනැගිල්ල භාරකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.ඇය සිය දිවි නසාගන්නට ඇතැයි එරට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි රටවල මිනිස් ඝාතන රජයෙන් පමණයි කෙරෙන්නේ. අනෙක් සියලුම මරණ දිවි නසා ගැනීම්. මරණ පරීක්ෂණ නැතුවම හේතුව කියන්න පුළුවන් රටවල්. (අ)
මමත් අවුරුදු 24 ක් කිස්සේ අරාබි රටක ඉන්නේ. අමිල අතාවුද කියන දේ ඇත්ත. සත්‍යා කියපු ඒවා අසත්‍යයි. බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා.(නදී)
විදේශ් ගත වෙලා සිටින හැමෝටම හොඳ පාඩමක් (අ)
මමත් ඉන්නේ කුවේට්වල මේ සිද්දිය උන කිට්ටුවම. මෙයාල මැරෙන ගානේ මේවට අරබිකාරයෝ පලි නෑ.අපේ සමහර ගෑනුන්ට දරු පවුල් දාල මෙහෙට එන කාරණාව අමතක වෙනවා.එහෙම අයට වෙන්නේ ඉතින් බෙල්ලේ වැල දාගන්න තමා.මොනවා උනත් මනුස්ස ජීවිතයක් නැති වුනා ඒ ගැන දුකි. (අ)
මරලා එල්ලුවද ,එල්ලිලා මැරුණද කියලා හොයන්න විද්‍යාත්මක ක්‍රම තියෙනවා. නමුත් අරාබි රටවල් වල එවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙයි කියා සිතීමට අපහසුයි. ලේසිම උත්තරය දිවිනසාගත්තා. (නදී)
මෙහි ඇත්ත සිද්දිය ඔබ දැන ගැනීමට කැමතිද?......මේ මියගිය කාන්තාව දිගු කලක සිට බංග්ලාදේෂ් තරුනයෙක් සමග එකට ජිවත්වී ඇත්තේ එකම කාමරයකය.ඔවුන් පවුල් ජීවිතයක් ගත කර ඇත්තේ. මීට මාස කීපයකට පෙර පෙම්වතා තම මව් රටට ගොස් ඇත. එහිදී ඔහු වෙනත් විවාහයක් කරගෙන ආපසු කුවෙට් පැමින පෙර කී කාන්තාව වෙත පැමින ඇත. පෙම්වතා වීවාහ වූ බව ඇසු පසු මෙම කාන්තාව සියදිවි හානි කරගෙන තිබේ. මෙයයි මෙහි ඇත්ත සිද්දිය. (නදී)
මේ සිද්ධිය ගැන නම් මම මොකුත් දන්නේ නෑ. හැබයි අපේ අය රට ගියාම ආපු කාරණේ අමතක කරලා වෙන දේවල් පස්සේ යනවා. ගොඩක් ප්‍රශ්න වලට මුල ඒකයි. (අ)
හොඳම කෙටිම පිළිතුර සියදිවි නසාගත් බව කීමයි. ඇමරිකාවේ කෙනෙකුට ඔහොම උනානම් කුවටය නොපිට ගහයි. (අ)