සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ දඬුවම අද (04) දිනයේ ක්‍රියාත්මක කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මී තාසීම් මහතා පවසයි.
එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා අභියාචනයක්ද ගොනු කර ඇති හෙයින් ඒ සම්බන්ධ නීතිමය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටීයි.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ අදාළ කාන්තාව හමුවීමට සෞදි බලධාරින් ශ්‍රී ලංකා තානාපති නිලධාරින්ට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කර සිටීයි.
මේ අතර සෞදි අරාබියේදී විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින පුද්ගලයින් 50 දෙනෙකුට පමණ අද එම දඬුවම ක්‍රියාත්මක කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වුවද එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඇමෙරිකන්කාරයෝ දහස් ගණනක් ලොකු ලොකු රස්සා කරන ගමන් හැමදාම ගැහැණු මිනිස්සු මාරුකර ගන්නවා. හොදට විස්කි බොනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ෂරියා නීතිය අපි වගේ පොඩි රටවලට විතරයි (නි)
සෞදි යැවීම නවත්වන්න කියා අපි කිවුවා කියා වැඩක් වන්නේ නැත. (නි)
මෙම දඬුවමට මුහුණ දී සිටින කාන්තාවගේ දරුවන් ගැන මතක් වෙද්දී පුදුම දුකක් දැනෙන්නේ. කෙසේ හෝ මෙම කාන්තාව මරණයෙන් මිදේවා....! (ර)
කොහොමහරි මේ කාන්තාවගේ දිවි බේරෙන්න කියලා අපි හැමෝම පාර්ථනා කරමු. (ර)
කොහොම හරි අපේ රටේ කාන්තාව බේර ගන්න. මේ කාන්තාවට අභයදානය ලැබේවා.! (ර)
තහනම් ගහෙන් ගෙඩි කෑවේ නැත්නම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ නේද? (ර)
බණ්ඩාර, ඔබගේ ප්‍රතිචාර හරි. මෙම නීති අපගේ රටවලට පමණයි.මෙම කාන්තාවට ජීවිත දානය ලබාදිය යුතු වේ.මේ සඳහා අන්තර්ජාලයේ මුහුණ පොත් සංසදය මාර්ගයෙන් ලෝකවාසී සානුකම්පික ජනහිතකාමී පිරිසකගේ අත්සන් 10000ක් සහිත ඉල්ලීමක් සෞදි රජය වෙත යැවීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මෙම කාන්තාව මරණින් නිදහස් කරගැනීමේ පවිත්‍ර චේතනාවෙන්. (නි)
මද පෙරදිග සේවයේ යෙදෙන අය නිසා ලංකාවට කොතරම් විදේශ විනිමයක් ලැබෙනවාද? අපේ බදු මුදලින් ඉගෙන ගෙන රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන වරප්‍රසාද ඉල්ලන දොස්තරලා වගේ නෙමෙයිනේ. මැයට අපි උදව් කල යුතුයි. (ර)
ඔබට හැකි ඉක්මනින් නිදහස ලැබෙන්න කියා පතනවා. ශාන, ඔබ කියන කතාවේ ඇත්තක් නැතුවම නොවෙයි. පනින්ට පෙර දෙවරක් සිතා බලන්න. (ර)
මේ කාන්තාව පව්, මරණයෙන් මිදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. අනිත් කාන්තාවන්ටත් මේක හොද පාඩමක් , වැරදි නොකරන්ට , ස්වාමියා ඉන්නකොට මොකටද තවත් අය ? (ර)
ඔබ හරියට හරි අසෝක. (අ)
මේ වගේ රටවලට බෞද්ධයන් රැකියාවට යවන එක නතර කරන්න කොන්ද පන තියෙන සිංහල නායකයෙක් නැති එක අපගේ අවාසනාව. (අ)
ඕක මහා ලොකු වරදක්ද මරන්න තරම්. මුලික අවශ්‍යතාවයක් සපුරගත්තා විතරයි. (ර)
මම මේ කාන්තාවගේ ක්‍රියාව නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් මෙම වරද මේ ආකාරයේ අමානුෂික දඬුවමකට යටත් කිරීමට තරම් විශාල එකක් නෙමෙයි. (ස)
බිරිඳව පිටරට යවලා කන්න බොන්න හම්බ කරගන්න ලංකාවේ පිරිමි පෙලඹෙන්නේ ඇයි? දැන් මේ අයගේ දරුවන් නේද අමාරුවේ වැටෙන්නේ.? (ර)
හැඟිම් දැනිම් තියෙනවා. අසරණකමට රට යන්නේ,ඔය වැනි දේ අනන්ත සිද්ධ වෙනවා, (ම)
ගමේ ගොඩේ සමාජයේ ජීවත් වෙච්ච අය අපිට සෞදිය වගේ නීති තද පාරක තොටක යන්න බැරි රටක මොකට රෑකියා වලට යවනවද, ? නිදහසේ රෑකියා කරන්න පුළුවන් කොච්චර රටවල් තියෙනවද,? (ර)
මොකටද අපේ අම්මලා, සහෝදරියෝ විශේෂයෙන්ම අරාබි රටවල මෙහෙයට යවන්නේ? අපේ රටට විදේශ විනිමය ලැබෙනවා කියලා මොකටද අපේ රටේ අනාගතය විනාශ කරගන්නේ? අනේකවිද දුක් විදලා අරබිකරයන්ගේ පීඩනයන්ට ගොදුරුවෙලා වැඩිම උනොත් රුපියල් 38000 හොයයි, එත් ඒ මාසය ඇතුලත කොපමණ කැපකිරීම් වේදනාවන් විදින්න ඕනද? එක දන්නේ රටවල ඉන්න අය විතරයි, ඒ සී කාමරයකට වෙලා මාසේ අන්තිමට ලොකු පඩියක් ගන්න අයට මේවා තේරෙන්නේ නෑ. තේරුම් ගන්න උවමනාවකුත් නෑ. අපේ කාන්තාවන් රට යවන එක නවත්වන්න ඕන, නැතිනම් අපේ රටේ අනාගතය ඉවරවෙනවා, මේක නවත්වන්න ගියාම කාන්තා සංවිධාන කියල ඒජන්සි වලින් දාන වර්ජන එක හෙලාම ඉවත දන්න. කොන්දක් ඇතිව තීරණ ගන්න අපේ රට ගැන හිතලා. (ර)
ඩුබායි, කුවේට්, ඕමාන්, බහරේන්, කටාර්, ජෝර්දාන්, හොංකොං, සිංගප්පුරුව වගේ රටවල් ගොඩක් තිබියදී මේ ගැහැණු සෞදියටම යන්නේ ඇයි කියන එක ගැන මට තවමත් හිතාගන්න අමාරුයි. දැන්වත් තමන්ම හිතලා සෞදි යන එක වර්ජනය කළා නම් ඉවරයි. මේ කොච්චර කිව්වත් හෙට කටුනායකට ගුවන් තොටුපළට ගිහින් බලන්න සෞදි යන්න තව කොච්චර කාන්තාවෝ ඉන්නවද කියලා. මේවා විහින් කරගන්න දේවල්. මම ඉන්නේ ඩුබායි වල. මේ රටේ ඔහොම දෙයක් ඔප්පු වුණොත් අවුරුද්දක් හිරේ දානවා. එච්චරයි. කළ වරදට වෙන්නේ රස්සාව නැතිවෙන එක විතරයි. ජීවිත හානියක් නැහැ. (නි)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
නැතිබැරිකමටනේ පිටරට යන්නේ. ඒත් තමන් දැනගන්න ඕනෑ තමන් ආ කාරණාව මෙකක්ද කියලා. ඉන්න රටේ නීතියත් දන්නවානේ. මෙහෙන් යන අය ගොඩක් අනවශ්‍ය දේවලට පෙළඹෙනවා. (නි)
මා මෙම දඬුවම ඉතාමත් පිළිකුල් ලෙස හෙළා දකිනවා.රණසිංහ කියන එක ඇත්ත.මේ හැම නීතීයක්ම අපේ ලංකාව වගේ දුප්පත් රටවලට පමණයි. (නි)
තමන් යන කාර්යය ගැන අවබෝධයෙන් ඉන්නවා නම් මේ මොකුත් නැහැනේ (නි)
මේ රටවලින් එන ඔක්කොම ආදයම ගෘහ සේවයෙන් එන මුදල් ලෙස සිතන නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ. මේ රටවල ඕනේ දොස්තරලා හෙදියෝ තාම එන්නේ ඉන්දියාවෙන්. ඒ වගේ රැකියාවකට එක්කෙනෙක් එවනකොට ලැබෙන මුදල ගෘහ සේවිකාවෝ කි දෙනෙකුගේ පඩියද. අනික මෙහෙ ගෙදරක වැඩකරන පැය ගාන ලංකාවේ ගර්මෙන්ට් එකක වැඩකරත් ඒ ගානම ගන්න පුළුවන්. (ර)
රටේ නිතිය කෙසේ වෙතත් රටේ භාෂාව වත් නොදැන පිටරට යවන එක නතර කල යුතුයි . (අ)
දැන් ඉතින් මේක පාඩමකට අරන් සෞදි අරාබිය වගේ රටවලට එන කාන්තාවන්ට මෙහෙ නීති රීති ගැන වෙනම අධ්‍යාපනයක් දෙන්න කටයුතු කරනවානම් ඉතාම යෝග්‍යයි. (ර)
බණ්ඩාර ඔබ හරි. අමෙරිකන්සලා ජීවත් වෙන්නේ වෙනම සමාජයක. (ර)
අසෝක, ඔබගේ අදහසට ගරුකරනවා. (නි)
තව දාහක් මැරුණත් ඔය රටයෑම නම් නවතින්නේ නැහැ. (නි)
තම තමන්ගේ බිරින්දෑවරු දුවණියන් රට යවන්නේ නැතුව බලා ගැනීම තම තමන් සතුයි. පාලකයෝ කවදාවත් මේක නතර කරන්නේ නැහැ (නි)
බෞද්ධ හෝ නොවන ඕනෑම කෙනෙක්ට සෞදියේ යන්න පුළුවන් වැරදි කරන පිරිසට නොයා ඉන්න පුළුවන්. (ස)
පුලුවන් නම් ඇමෙරිකන් ගැහැණියකගේ බෙල්ල කපන්න නියම කරන්න කියන්නකෝ. ඔය කියන සෞදින්ගේ නීතියත් අසරණයින්ට පමණයි. බලවත් රටවල අයට අතවත් තියන්නේ නැහැ. (නි)
සෞදියට නම් නැවත කවුරුවත් එවන්න එපා (නි)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
ඉක්මනින්ම ඔයාට නිදහස ලැබේවා! (නි)
මේක සාමාන්‍ය ජීවවිද්‍යාත්මක කරුණක්. ඇයි මරණ දඬුවම? (නි)
කොහොමහරි අපි ඇය බේරාගනිමු (නි)
රජය මැදිහත්වෙලා මේ වගේ ම්ලේච්ඡ නීති තිබෙන රටවලට මිනිස්සු යවන්නේ නැත්නම් හොඳයි. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මාගලි ෆොන්සේකා, මෙහෙදී නොවෙයි ලංකාවේදීත් ගැහැණු මිනිස්සු අනවශ්‍ය දේවල්වලට පෙළඹෙනවා. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. අපි මේ රටවල නීති ගැන හොඳටම දන්නවා. (නි)
මොනවද මේ කියන්නේ අපේ කට්ටිය? සොයුරියනේ, රට රැකියාවක යන්නම ඕනෑ නම් සෞදි නොගිහින් වෙනත් රටකට යන්න. (නි)
කාන්තාවන් රට යවන පිරිමින්ට දඬුවම් දෙන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන් නම් හොඳයි (නි)
මෙහෙ යනවට වැඩිය හොඳයි ලංකාවේ ඉඳගෙන බඩගින්නේ ජීවත්වන එක. (නි)
ඇයව කොහොමහරි බේරගන්න ලැබේවා! (නි)
කෝ ලංකාවේ තිබෙන මානව හිමිකම් සංවිධාන? (නි)
අපේ කාන්තාවන් මොනතරම් අසරණද? (නි)
පින් සිද්ධ වෙනවා, මේ මනුස්සයා බේරාදෙන්න. තවත් ලංකාවේ කාන්තාවන් සෞදියට එවන්න එපා. ලංකාවේ මොනවාහරි කරලා ඉන්න (නි)