IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක් කතකට කුවේට් අධිකරණයෙන් මරණ දඬුවම

කුවේටයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට එරට අධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

කුවේට් අපරාධ අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි ද මරණ දඬුවම නියමූ සෙසු තිදෙනා ඉන්දීය ජාතිකයින් බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

මොවුන් සිව්දෙනා ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදී කුවේටයේ සිට ගුවනින් හෙරොයින්  රැගෙන යාමේ අරමුණෙන් එරට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටියදී කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසු ඔවුන් සිව්දෙනාට එරෙහිව කුවේට් පොලීසිය විසින් නඩු පැවරූ අතර එය එරට අපරාධ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ෂාරියා නීතීය යටතේ අදාළ චෝදනාවන්ට වැරදිකරුවන්  කරමින් මෙම දඬුවම් නියම කළේය.

කෙසේ වෙතත් ලක් කත ඇතුළු ඉන්දීය ජාතිකයින් තිදෙනාට එරෙහිව ලබා දුන් මරණ දඬවම සම්බන්ධයෙන් ඔවුන්ට දින 30ක් ඇතුළත අභියාචනා පෙත්සම් ගොනු කළ හැකි බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ සඳහන්වේ.



අදහස් (0)

ලක් කතකට කුවේට් අධිකරණයෙන් මරණ දඬුවම

ෆාර්සාන් Wednesday, 09 March 2016 08:15 PM

රටේ නම කැතකරන මොවුන්ට නියම දඬුවම දියයුතුය (නි)

:       0       0

රාජුන් Wednesday, 09 March 2016 09:48 PM

මරණ දඬුවම හොඳ දෙයක් නෙමෙයි කියන එකයි මගේ අදහස. මෙයින් කිසිම කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. 'ඇහැට ඇහැක්' ලෙස පළිගැනීමෙන් ලැබෙන මිලේච්ඡ තෘප්තිය මිස. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 09 March 2016 10:37 PM

එහේ ගියේ දරුවෝ බලාගන්න නම් ඒ වැඩ ටික නියම අන්දමට නොකර, කෝටි ගණන් බලාපොරොත්තුව සුපර් බිස්නස් කරන්න ගියාම, ආපහු මව්බිමට එන්න වෙන්නේ ලෑලි පෙට්ටියක බව නොතේරෙන අය රට ගියාම වෙන්නේ අපේ රටටම නිගාවක්. (නි)

:       0       0

කෝසල Wednesday, 09 March 2016 10:54 PM

රජයෙන් මැදිහත්වන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සම්පුර්ණයෙන්ම වැරදියි. එ්ත් ඉතින් නැතිබැරිකම් වලට කරන මෝඩකම්නේ. මොනවා කරන්නද? ජීවිතාන්තේ දක්වා හිර දඬුවමකට ලක්කරන ලෙස ඉල්ලා සිටින්න. (නි)

:       0       0

දනුක Wednesday, 09 March 2016 01:02 PM

හොඳ වැඩේ.(හේ)

:       0       0

විකුම් Thursday, 10 March 2016 07:02 AM

වරදට දඩුවම් ලැබී ඇත.(හේ)

:       0       0

මිලානෝ Wednesday, 09 March 2016 01:09 PM

මේ රටවල් හරහා වැරදිලාවත් යන්න එපා. මොකෙක්හරි පස්සේ ගන්න හිතාගෙන අපේ බෑග් එකක කුඩු හැංගුවා නම් ඉතින් ලබන ආත්මෙක තමයි ලංකාවට යන්න වෙන්නේ. (නි)

:       0       0

සකු Thursday, 10 March 2016 07:26 AM

මේවට රජය මැදිහත් වුණොත ලංකාවට තියන නමත් කැත වෙනවා (අ)

:       0       0

තිස්ස Thursday, 10 March 2016 07:27 AM

අපේ මිනිස්සු හඳට ගියත් පුරුද්ද නම් ඇත අරින්නේ නෑ (අ)

:       0       0

ජනක Thursday, 10 March 2016 02:12 AM

රාජුන් සහ කෝසල වාගේ කට්ටිය නිසා තමයි බැරි. වරදට දඬුවම දෙන්නම ඕනෑ. තොත්ත බබාලා නෙමෙයිනේ. අනිත් අයටත් පාඩමක් වෙන්න, රජය මැදිහත් වියයුතු නැත. (නි)

:       0       0

ජනක Thursday, 10 March 2016 02:21 AM

මෙවැනි කට්ටිය තමයි ලංකාවේ නම කැත කරන්නේ. කිසිම මැදිහත්වීමක් අවශ්‍ය නැත. (නි)

:       0       0

රන්ජිත් Thursday, 10 March 2016 08:09 AM

මෙ අය රට එන්නෙ ඔවුන්ගේ දරුවන්ට හොද ජිවිතයක් ලබාදිමට සහ නිවසක් සදාගනිමට නමුත් ටික දිනකින් සමහරු සියල්ල අමතක කර වෙනත් විදේශ රටක තරුණයන් සමග ඔවුන් මෙහි පවුල් ජීවිත ගතකරනවා. එම විදේශ තරුණයන් මෙම කාන්තවන් රවටා ජාවාරම්වල යොදවනවා. තවද මේඅය නූපන් දරුවන් කොපමන විනාස කරනවද මේඅයට මේ සන්සාරෙන් ගොඩ එමක් නෑත. (ර)

:       0       0

සුදේශ් Thursday, 10 March 2016 03:48 AM

ජනක, අපේ රටටත් එල්ලුම් ගස ගේනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

පර්සි. Wednesday, 09 March 2016 04:00 PM

මෙහෙ නීතියක් ක්‍රියාත්මක නොවෙනවා නම් එහෙදි හරි කමක් නෑ(කෞ)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 09 March 2016 05:00 PM

අපේ රටේ නම් කිලෝ ගණන් මත්ද්‍රව්‍ය ගෙනා අය යහතින් ඉන්නවා (නි)

:       0       0

අන්වර් Thursday, 10 March 2016 05:20 AM

ලංකාවේ වගේ නෙමෙයි, අනිත් රටවල නීතියත් එක්ක සෙල්ලම් බැහැ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 10 March 2016 05:50 AM

මේ වගේ අයට මොන තරාතිරමේ දඬුවම් දුන්නත් කම්පා වියයුතු නැහැ. අපි විදේශගත වෙන්නේ තමන්ට ලැබෙන රැකියාව හරියට කරලා කාන්තාවක් විදියට තමන්ගේ මව්රටට එන්න. අපේ සමහර අය ගැන කතාකරලා වැඩක් නැහැ. කරන්නේ මොනවද කියලා ඒ අයවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අය දඬුවම් විඳිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site