කුවේටයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට එරට අධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
කුවේට් අපරාධ අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි ද මරණ දඬුවම නියමූ සෙසු තිදෙනා ඉන්දීය ජාතිකයින් බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
මොවුන් සිව්දෙනා ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදී කුවේටයේ සිට ගුවනින් හෙරොයින් රැගෙන යාමේ අරමුණෙන් එරට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටියදී කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්පසු ඔවුන් සිව්දෙනාට එරෙහිව කුවේට් පොලීසිය විසින් නඩු පැවරූ අතර එය එරට අපරාධ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ෂාරියා නීතීය යටතේ අදාළ චෝදනාවන්ට වැරදිකරුවන් කරමින් මෙම දඬුවම් නියම කළේය.
කෙසේ වෙතත් ලක් කත ඇතුළු ඉන්දීය ජාතිකයින් තිදෙනාට එරෙහිව ලබා දුන් මරණ දඬවම සම්බන්ධයෙන් ඔවුන්ට දින 30ක් ඇතුළත අභියාචනා පෙත්සම් ගොනු කළ හැකි බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම කැතකරන මොවුන්ට නියම දඬුවම දියයුතුය (නි)
මරණ දඬුවම හොඳ දෙයක් නෙමෙයි කියන එකයි මගේ අදහස. මෙයින් කිසිම කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. 'ඇහැට ඇහැක්' ලෙස පළිගැනීමෙන් ලැබෙන මිලේච්ඡ තෘප්තිය මිස. (නි)
එහේ ගියේ දරුවෝ බලාගන්න නම් ඒ වැඩ ටික නියම අන්දමට නොකර, කෝටි ගණන් බලාපොරොත්තුව සුපර් බිස්නස් කරන්න ගියාම, ආපහු මව්බිමට එන්න වෙන්නේ ලෑලි පෙට්ටියක බව නොතේරෙන අය රට ගියාම වෙන්නේ අපේ රටටම නිගාවක්. (නි)
රජයෙන් මැදිහත්වන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සම්පුර්ණයෙන්ම වැරදියි. එ්ත් ඉතින් නැතිබැරිකම් වලට කරන මෝඩකම්නේ. මොනවා කරන්නද? ජීවිතාන්තේ දක්වා හිර දඬුවමකට ලක්කරන ලෙස ඉල්ලා සිටින්න. (නි)
හොඳ වැඩේ.(හේ)
වරදට දඩුවම් ලැබී ඇත.(හේ)
මේ රටවල් හරහා වැරදිලාවත් යන්න එපා. මොකෙක්හරි පස්සේ ගන්න හිතාගෙන අපේ බෑග් එකක කුඩු හැංගුවා නම් ඉතින් ලබන ආත්මෙක තමයි ලංකාවට යන්න වෙන්නේ. (නි)
මේවට රජය මැදිහත් වුණොත ලංකාවට තියන නමත් කැත වෙනවා (අ)
අපේ මිනිස්සු හඳට ගියත් පුරුද්ද නම් ඇත අරින්නේ නෑ (අ)
රාජුන් සහ කෝසල වාගේ කට්ටිය නිසා තමයි බැරි. වරදට දඬුවම දෙන්නම ඕනෑ. තොත්ත බබාලා නෙමෙයිනේ. අනිත් අයටත් පාඩමක් වෙන්න, රජය මැදිහත් වියයුතු නැත. (නි)
මෙවැනි කට්ටිය තමයි ලංකාවේ නම කැත කරන්නේ. කිසිම මැදිහත්වීමක් අවශ්‍ය නැත. (නි)
මෙ අය රට එන්නෙ ඔවුන්ගේ දරුවන්ට හොද ජිවිතයක් ලබාදිමට සහ නිවසක් සදාගනිමට නමුත් ටික දිනකින් සමහරු සියල්ල අමතක කර වෙනත් විදේශ රටක තරුණයන් සමග ඔවුන් මෙහි පවුල් ජීවිත ගතකරනවා. එම විදේශ තරුණයන් මෙම කාන්තවන් රවටා ජාවාරම්වල යොදවනවා. තවද මේඅය නූපන් දරුවන් කොපමන විනාස කරනවද මේඅයට මේ සන්සාරෙන් ගොඩ එමක් නෑත. (ර)
ජනක, අපේ රටටත් එල්ලුම් ගස ගේනවා නම් කොච්චර හොඳද? (නි)
මෙහෙ නීතියක් ක්‍රියාත්මක නොවෙනවා නම් එහෙදි හරි කමක් නෑ(කෞ)
අපේ රටේ නම් කිලෝ ගණන් මත්ද්‍රව්‍ය ගෙනා අය යහතින් ඉන්නවා (නි)
ලංකාවේ වගේ නෙමෙයි, අනිත් රටවල නීතියත් එක්ක සෙල්ලම් බැහැ (නි)
මේ වගේ අයට මොන තරාතිරමේ දඬුවම් දුන්නත් කම්පා වියයුතු නැහැ. අපි විදේශගත වෙන්නේ තමන්ට ලැබෙන රැකියාව හරියට කරලා කාන්තාවක් විදියට තමන්ගේ මව්රටට එන්න. අපේ සමහර අය ගැන කතාකරලා වැඩක් නැහැ. කරන්නේ මොනවද කියලා ඒ අයවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අය දඬුවම් විඳිය යුතුයි. (නි)