ඉතාලියේ පලෙර්මෝ නගර සභාවට විදේශ නියොජිතයින් තොරාගැනිමට ලබන ඔක්තෝබර් 22 වැනි දා පවත්වන මැතිවරණය සදහා ශ්‍රි ලාංකාවේ දිල්කි ප්‍රනාන්දු මහත්මිය ඉදිරිපත්ව සිටින්නීය. වසර විස්සක් පුරා ඉතාලියේ පදිංචි  ඇය ප්‍රසිද්ධ  සමාජසේවා ක්‍රියාකාරිනියකි. පලෙර්මෝ නගරයේ බහුතරය දෙමළ ජාතිකයන්ය. දෙමළ ජාතිකයෝ 4000ක් ද සිංහල ජාතිකයෝ  500 ද සිටිති. එසෑනට අදහස් දැක්වු දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය.  පලෙර්මෝ කියන්නේ කොටි රජ දහනක්. ඉතාලියේ කොටි කෙන්ද්‍රස්ථානය තමයි පලෙර්මෝ.  ඔවුන් මාස කිහිපයකට වතාවක් නොයෙක් දේ සංවිධානය කරලා අරමුදල් රැස් කරනවා. ඒ වගේම ප්‍රසිද්දියේ කොටි කොඩිය උස්සනවා. මම නගර සභාව ඇතුලට ගියොත් කොටි කොඩිය උස්සන්න නම් දෙන්නේ නැහැ. මට මහලොකු බලයක් නැතත් කරන්න පුලුවන් දෙයින් උපරිම ප්‍රයොජන ගන්නවා. සිංහල දෙමළ වාගෙම අනෙක් විදේශිකයිටත් මම පිහිට වෙනවා. අපේ රට අවුරුදු 30 ක් රට වලපල්ලට ඇදලා දාපු කොටින්ට මම විරුද්ධ වුණත් අහිංසක දෙමල මිනිස්සුත් එක්ක මම වැඩ කරනවා. ඔවුන්ට ලොකු අසාධාරණකම් සිදු වෙනවා. ඒවා මොනවද කියලා ඉදිරියේදි මම කියන්නම්.