IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලක් කතක තව වාර්තාවක් තියයි

ජනාධිපති නීතිඥ ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ 26 වැනි නීතිපති හා පළමු වැනි නීතිපතිනිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතාගෙන් මේ පදවිය හිස් වෙයි. වනසුන්දර මහත්මිය ඉපැදුණේ කුරුණෑගලය. ජනප‍්‍රිය ගුරුවරයකු වූ හෙක්ටර් ජයසේන හා සුමනා ඇගේ මවුපියෝය. ජයසේන මහතා නීතිවේදියකුවීමට උගෙන ගනිද්දී සිය දියණිය ද එහි රැගෙන එම සිරිතක් කැරගෙන සිටියේය. මාතර ශාන්ත තෝමස් කුමරි විදුහලේ මූලික අධ්‍යාපනය ද පන්නිපිටියේ ධර්මපාල විදුහලේ උසස් අධ්‍යාපනය ද ලැබූ ඇය ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ කැනියන් ඩෙල් රෝ උසස් පාසලේ ද උගෙන 1970 දී කොළඹ නීති විදුහලට එක් වූවාය. 1979 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැදුණු ඇය පළමු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු සොලිසිටර් ජනරාල්වරිය ද වූවාය. මහා බි‍්‍රතාන්‍යයේ ලිස්ටර් සරසවියේ නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද දිනා සිටින ඇය රත්නපුරයේ ව්‍යාපාරික ඉන්ද්‍රජිත් වනසුන්දර මහතා සමග විවාහ වී සිටින්නීය. ඔවුන්ගේ පුත් සුබෝධ  ඕස්ෙටි‍්‍රලියාවේ ජිවත්වෙයි. දියණිය මේධානී ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබන්නීය.



අදහස් (0)

ලක් කතක තව වාර්තාවක් තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 94 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site