ජනාධිපති නීතිඥ ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ 26 වැනි නීතිපති හා පළමු වැනි නීතිපතිනිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතාගෙන් මේ පදවිය හිස් වෙයි.
වනසුන්දර මහත්මිය ඉපැදුණේ කුරුණෑගලය. ජනප‍්‍රිය ගුරුවරයකු වූ හෙක්ටර් ජයසේන හා සුමනා ඇගේ මවුපියෝය. ජයසේන මහතා නීතිවේදියකුවීමට උගෙන ගනිද්දී සිය දියණිය ද එහි රැගෙන එම සිරිතක් කැරගෙන සිටියේය. මාතර ශාන්ත තෝමස් කුමරි විදුහලේ මූලික අධ්‍යාපනය ද පන්නිපිටියේ ධර්මපාල විදුහලේ උසස් අධ්‍යාපනය ද ලැබූ ඇය ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ කැනියන් ඩෙල් රෝ උසස් පාසලේ ද උගෙන 1970 දී කොළඹ නීති විදුහලට එක් වූවාය.
1979 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැදුණු ඇය පළමු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු සොලිසිටර් ජනරාල්වරිය ද වූවාය. මහා බි‍්‍රතාන්‍යයේ ලිස්ටර් සරසවියේ නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද දිනා සිටින ඇය රත්නපුරයේ ව්‍යාපාරික ඉන්ද්‍රජිත් වනසුන්දර මහතා සමග විවාහ වී සිටින්නීය. ඔවුන්ගේ පුත් සුබෝධ ඕස්ෙටි‍්‍රලියාවේ ජිවත්වෙයි. දියණිය මේධානී ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබන්නීය.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd