උතුරු සහ නැගෙනහිර පැවති ගැටුම් වලින් විපතට පත්වූ මෙරට කාන්තාවන් කොන්කර දැමිය නොහැකි බව ලෝක කාන්තා කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපතිනි කැත්රින් රසල් පැවසුවාය.
ශ්‍රී ලංකාවත් , ඇමෙරිකාවත් ඔවුන් අමතක කර නොමැති බවත්, එය ඔවුන් විසින් දැන ගැනීම වැදගත් වන්නේ යැයිද රසල් සඳහන් කළාය.
ලිංගික සමානාත්මතාවය උසස් කිරීම සෑම දෙනාගේ වැඩි කැමැත්ත බව ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වාසය යැයිද ඕ කීවාය.
ඉකුත් 28 සහ 29 දෙදින මෙරට රැඳී සිටි කාලය තුළඳී ඇමෙරිකා තානාපතිනි කැත්රින් රසල් ලාංකික කතුන් බල ගැන්වීම සහ ලිංගික සමානාත්මතාවය සඳහා ඇමෙරිකාව දක්වන බලවත් කැපවීම, ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේදී හා ආර්ථිකය ගොඩනැඟීමේ කටයුතු වලදී කාන්තා සහභාගීත්වයෙහි ඇති වැදගත්කම සහ ලිංගිකත්වය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්,ආගමික නායකයින් ,ව්‍යවසායකයින් හමුවේ අදහස් දැක්වු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපිට නම් කිඹුල් කඳුළු... (නි)
මොහාන්, බටහිරයන්ට ආවඩන අය නිසා තමයි මේ රටට හොඳක් වෙන්නේ නැත්තේ. නැත්නම් පිටරටක කාන්තාවක් කිසිම දෙයක් නොකර ප්‍රකාශයක් කළ පමණින් ඔය හැටි කුලප්පු වෙන්නේ ඇයි? (නි)
කඳුළු ඇත්ත කඳුළු වුණත්, වැගිරුවේ වැරදි ලෙස නම් ඒ කඳුලෙන් ඇති පලක් නැහැ. කොටකෙතන ගමේ කාන්තාවන් 17 දෙනෙක් ඝාතනයය වූ අන්දම ඇස නොගැටෙන්නේ ඔය කියන ඉසව්ව උතුරු නැගෙනහිර මායිමට හසු නොවන නිසා විය හැකියි. කාන්තාවකගේ වටිනාකම හා අහිංසකත්වයට ජාති ආගම් වර්ග සීමාවක් නොමැති බව තේරුම්ගෙනම කතා කළොත් හොඳයි. (නි)
බොහොම ස්තූතියි... කවදාවත් චීනය මේ වගේ ව්‍යාපෘතියක් අපේ රටේ කලාද? කවුරු මොනව කිව්වත් අපට උදව්වට ඉන්නේ බටහිර රටවල් හා ඉන්දියාව පමනයි (අ)
කැතරින් නෝනා දැන ගන්න ඕන මේ යුද්දෙන් ජාති දෙකේම නෝනලා අනාත උණු බව. (රේ)
නාමල්ගේ කඩේ යෑම නං සුපිරියි. මම හිතන්නේ 2009 පස්සේ ඉපදුනු කෙනෙක් වෙන්න ඇති.(රේ)
එහෙනම් කට්ටියටම ඇමෙරිකාවට වීසා දීල එහාට ගෙන්නගන්න වෙන්න ඇති!! (රේ)
එතකොට උතුරුමැද පළාතේ මායිම් ගම්මානවල කොටින් නිසා කරදරේ වැටුණු සහ 89දි එවක තිබුණු භීෂණයෙන් කරදරේ වැටුන කාන්තාවන් ගැන කවුරුත් බලන්නේ නැතිද....(රේ)