ශ්‍රී ලංකාවෙන් 1999 දී ඕස්ට්‍රේලියාවට ගිය පවුලක කතක මෙල්බර්න් නුවර නිවසේ දී ප්‍රහාරයකට ලක්ව මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මරණයට පැය එක හමාරකට පමණ පෙර එම කාන්තාවත් වෛද්‍ය ශිෂ්‍යයකු වන ඇගේ පුතාත් (22) දුරකතනයෙන් සිය පියාට කතා කර ඇති බවත්, ට්‍රක් රියදුරකු වන පියා ඉන් පසුව ඔවුන් ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් කියති.
ඉන් පසු සැමියා මිතුරකුට කතා කර ඇති බවත්, බිරිය මිය ගොස් සිටි බවත් ඔහු කියා ඇත.
මෙය ඉලක්ක ගත ප්‍රහාරයක් හෝ අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක් බව මෙල්බන් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටවල තත්ත්වය එහෙමයි. මොකද ඒ රටේ මිනිසුන්ට සළකන නිසා. අපේ රටේ අරක්කු බෝතලයක් බත් මුලක් දුන්නහම ඕනෑ වැඩක් කරයි. (නි)
කණගාටුදායක පුවතක් (නි)
සමන් රොහාන් රණසිංහ, සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ මවුබිමට වෙලා ජීවත්වෙනවා නම් පිටරටත් ප්‍රශ්න අඩුයි. ඒ වගේම තම රටේත් ප්‍රශ්න අඩුයි. (නි)
ඕස්ට්‍රේලියානු මාධ්‍ය මියගිය අයගේ නම හෙළිකරන්නේ පවුලේ අයගෙන් අනුමැතිය ලැබුණු පසුවයි (නි)
“ඉලක්කගත ප්‍රහාරයක් හෝ අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක්“? නියම පොලිසිය! (නි)
ඉතින් මේ දෙකෙන් එකක් තමා වෙන්න ඕනේ. (ර)