සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවගේ දඬුවම ළිහිල් කර ගැනීම සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එම සේවිකාවට සහනයක් දෙන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද සමරවීර මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිසානාව බේරගන්නත් මේ වගේ කොයිතරම් නම් සාකච්ඡා කළාද? (ර)
සාකච්චා මර්ගයෙන්වත් විසදගන්න බැරිනම් වෙන මොනවා කරන්නද. (ර)
ඕවා ඔහොම සාකච්ඡා කරලා වැඩක් නැහැ. අර ගාන්ධි මහත්මිය එකපාරක් කළා වගේ තේරෙන භාෂාවෙන් තමයි කරන්න ඕනෑ. (නි)
රට යවලා කරදරවල පැටලුනහම සාකච්ඡා කරනවට වඩා, ලංකාවේදීම කාන්තාවන්ට ජීවනෝපාය සරි කරගැනීමට ඉඩහසර සැලසිය යුතුයි. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ජවිපෙ ආණ්ඩුවකට විතරයි, එහෙම වුනාම මේ රටේ ඔය ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අහම්බයක්ම වේවි. (ර)
ලංකාවෙන් ගැහැණුන් සෞදි රටට යැවිම නතර කරන්න, මිනිසුන්ට ලැජ්ජාවක් නැද්ද තම බිරිඳ තම අම්මා, තම නැගෙණියන් මෙම රට වලට යවන්න? (ර)
ඉතා හොද උත්සහයක්. එම උත්සහය සාර්ථක වේවා. (ම)
දෙයියෝ මවපු කෙනෙක් මිනිසුන්ට ගල් ගසා විනාශ ක ළ හැකි ද. ඇයගේ ක්‍රියාව සාමාන්‍ය අවශ්‍යතාවයක් එම ක්‍රියාවට මරණ දඩුවම දෙනවානම් ඇයව ගල් ගසා මරණ අයට දිය යුතු දඩුවම කුමක් ද (අ)
තිලක් ඩුබායි කියන හතර වරම් ගැහිලි ගහපු සේරම දැන් ආණ්ඩුවේ නේද? (නි)
දැන්වත් සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතර කොරොත් හොදයි, දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙච්ච නිසා. (ම)
රටේ පාලකයෝ "හතරවරම් ගැහිලි' ගහලා ලෝකයේ බැංකු පුරවන වාරයක් වාරයක් පාසා රටේ දුප්පත් මිනිස්සු ගොඩ වැඩිවෙනවා. ඒ නිසානේ දරුවන්ට කන්න අදින්න දෙන්න මුදල් නැතුව අම්මලා ගඟට මුහුදට පැනලා ජීවිත විනශ කරගත්තේ. දැන්වත් ගසාකාපු අයට දැඩි දඩුවම් දීලා ඒ මුදල් ජනතාසන්තක කරලා අසරණ දුප්පත් මිනිසුන්ට තමන්ගේ ධෛර්යයෙන් නැඟීසිටින්න උදවු කරන්න. (නි)
කාන්තාවන් වහල්සේවයට යන එක 2016 සිට රජය වගකියන්නේ නැහැ බී නිවේදනයක් නිකුත්කරන්න එට පිටින් යන අය ගියදෙන් ගල්ගහපුදෙන්බෙලි කපාපුදීන් රට විරුවෝ කියා දිරි ගන්නන එපා ඒජන්සි සුරංගනා කතා වලට රැවටෙන්න එපා (අ)
ඇත්තටම අපි පිරිමි හැටියට ලජ්ජා වෙන්න ඕනෑ අපේ ගැහැණුන්ව වෙන රටක බැල මෙහෙවරට යවනවාට , ගැහැණිය කියන්නේ අම්මා කෙනෙක් අම්මා තමයි යහපත් සමාජයක් ගොඩ නගන්නේ , ඇත්තටම ජාතියක් හැටියට මොන තරම් පම්පෝරි ගැහුවත් අපි ලජ්ජා විය යුතුමයි කම්පා වියයුතුමයි (ම)
පිටබෑද්දර ජයාට දැන්වත් තේරුන එක ලොකු දෙයක්. පිටරටවලට ගියහම එයලා කරන දේවල් අපිට පෙනෙන්නෙ නැහැනෙ. මෙයාටත් ගල් ගහල මරන්න නියම වෙලා තියෙන්නෙ අනාචරයේ හෑසිරිලා අසුවුන නිසයි. ඒක ඒ රටේ නීතිය. (බ)
පිටබැද්දර ජයා මහතාණනි , අපේ අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිග යවන එකයි වැරැද්ද , ගියත් ඒ අම්මල තමා ගිය අරමුණ සිහියේ තබා ගෙන , ලංකාවේ සැමියෙක් සිටිනවා , දූ දරුවන් ඉන්නවා කියා කටයුතු කරනවානම් , මෙවැනි විපත් අවම කර ගන්න පුළුවන් (බ)
ලෝකයේ හතරවෙනි තැනට ජනගහනය ඉන්න, ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න සහ 90% වැඩිය දුප්පත් මිනිස්සු ඉන්න රට ඉන්දුනීසියාව වුවත් සෞදි අරබියාවට ගැහැනුන් යවන එක තහනම් කරලා තියන එක. ඇයි මේ කුඩා රට ලංකාවට එය කරන්න බැරි.. (ම)
මිනිස්සු රවටන්න කරන වැඩ. සෞදියේ රජතුමාටවත් වෙනස් කළ නොහැකි තීන්දුවක් මෙයාල කාට කියලද වෙනස් කරගන්න හදන්නේ. ඔය බොරුවැඩ නොකර අපේ අම්මල රටයන එක නවත්වන්න ආදායම් මාර්ගයක් එන වැඩපිළිවෙලක් සලසන්න. (බ)
ගැහැනු රට නොයවා ඉඳිල්ලා..........(ස)
දැනුම පාදක කරගත් අදහස් ඉදිරිපත් වෙනවා දැක සතුටුයි (ම)
පළමුව මේ අහිංසක ස්ත්‍රිය බේරා ගැනීමට සියලු උත්සහ දැරිය යුතුයි. (ම)