සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමිමට නියම වු ශ්‍රී ලාංකික කාන්තාවගේ දඩුවම සිර දඩුවමක් දක්වා ළිහිල් කර අැතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අාචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසිය.
ශ්‍රි ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය පෙරේදා (22) සෞදි අධිකරණයේදී සළකා බැලිමෙන් පසු මෙම තින්දුව ලැබී ඇතැයි ද නියෝජ්‍ය ඇමැති කිවේය.
එම කාන්තාවට දිය හැකි උපරිම නිතිමය සහනයක් ඉල්ලමින් මෙම අභියාචනය ගොනු කළ අතර නිතිමය ගාස්තු විදේශ අමාත්‍යංශයේ නිති අංශය විසින් දරනු ලැබීය.
එම කාන්තාව සමඟ අනියම් ඇසුක් පැවැත්වු බවට කියන තරුණයාට එරෙහි සෞදි අධිකරණය කස පහර 100ක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත,100 න් 50ක් විතර ඔයා ඉල්ලාගෙන බලන්නකෝ කොහොමද කියලා. (නි)
කර ඇත්තේ වරදක් වුණත් එය සිදුව තිබෙන්නේ දෙදෙනාගේම කැමැත්තෙන්. (නි)
මේ තීරණය ගැන සතුටුවෙන්න පුළුවන් අපිට (නි)
කොහොම හරි නැතිවෙන්න ගිය ජිවිතයක් බේරා දුන්නට , මේ ආණ්ඩුවට ස්තුතියි , හරක් එළුවන් වෙනුවෙන් කෑ ගහපු කිසි කෙනෙක් මේකට කතා කරනවා දෙකක් නැහැ. (ස)
කස කිවුවට මේක අඟල් 1/2ක් විතර ඝනකම වේවැලක්. හැබැයි හොඳට රිදෙන්න වදිනවා. (නි)
සිංහල කිසිම කෙනෙක් සෞදි අරාබියට යවන්න එපා. අනික් අය ගැන මට කියන්න බැහැ. (ස)
පේනවා නේද යහපාලනය? රිසානාව බේරගන්න එදා හිටපු දේශප්‍රේමීන්ට බැරිවුණා. අද කොහොමද? (නි)
මට නම් ජීවිත කාලෙම හිරේ ඉන්නවට වඩා සැපයි එකවර මැරිලා යන එක. නමුත් ඇගේ ජීවිතය ගැළවීම ගැන සතුටුයි (නි)
සතුටුදායක ආරංචියක් (නි)
ඇයගේ ජීවිතය බේරුනත් ඇයගේ ආධ්‍යාත්මය සදහටම මියගිහින්. (නි)
හොඳයි. නමුත් මෙය කාටත් හොඳ පාඩමක්. වැරදි මාර්ගයේ යන්න එපා (නි)
අයියෝ! රිසානාව මතක්වුණා මට මේ වෙලාවේ (නි)
සෞදි රටට, කුවේට් වලට ගෘහ සේවිකාවන් යැවීම නතර කළයුතුයි.මැද පෙරදිග මෙවැනි සිදුවීම් බහුලව දකින්න ලැබෙනවා. අහුවෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි (නි)
මේකෙන් ගම්‍යවෙන දේ ඔය මොකුත් නෙමෙයි, අපේ "තානාපති " කාර්යාල යැයි කියාගන්නා තැන්වල ඉන්න උදවියගේ ක්‍රියාකලාපයන් තමයි. මැදපෙරදිග රටවල හැම කාර්යාලයක්ම වගේ ඔහොම තමයි. අපේ අහිංසක අම්මලා, සහෝදරියන් වෙනුවෙන් නෙමෙයි වැඩ කරන්නේ (නි)
දැන් ඉතින් සෞදි නොයවන කතා නවතීවි. දිගටම අපේ කාන්තාවන් සෞදි යවාවි. ආයේ ඕක ගැන මතක්වෙන්නේ තව කෙනෙක් මරන්න නියමකළ දාට. (නි)
සෞදි නෙමෙයි, මොනම රටකටවත් වැඩකාරකමට කාන්තාවන් නොයැවිය යුතුයි. රටේ පවුල් සංස්ථාව පිරිහෙන්න මෙය ප්‍රධාන හේතුවක්. කාන්තාවකට ආරක්ෂාව, රැකවරණය සැපයීම පිරිමින්ගේ යුතුකම සහ වගකීමයි. (නි)
අසාද්, ඔයා වගේ ලංකාවේ හැම පිරිමියෙක්ම ඔහොම හිතනවා නම් අපේ කාන්තාවෝ මොනතරම් වාසනාවන්තද? එහෙම නැති නිසානේ මේ වගේ දේවල් සිද්ධවෙන්නේ. (නි)
මැදපෙරදිග රටවලට යන්න එපා. දැන් වෙලා තිබෙන දේවල් වලින් පෙනෙනවා නේද ඇත්ත? තවත් යනවා ඉවරයක් නැහැ. (නි)
ආදී සිංහලුන් පිට දීපදේශ ජයගත්තා! ඒත් අද සිංහලයන්ගේ කොන්ද පණ නැහැ. තමන්ගේ බිරිඳව රට යවලා බිරිඳගෙන් යැපෙන මිනිස්සු බවට පත්වෙලා. ඔන්න හැම පිරිමියෙක්ම නෙමෙයි හොඳේ! (නි)
පිටබැද්දර ජයා, ඔය තනුව කාගේද? (නි)
සෞදිය බයවුණා අපේ ගෘහ සේවකයන් යැවීම නැවැත්වීමේ තීරණයක් ගනී කියලා. (නි)
කාන්තාවනුත් දැනගන්න ඕනෑ තමන්ගේ සීමාව (නි)
කසපහර 100 වැදුනහම මිනිහෙක් ජීවත්වෙයිද? (නි)
සෞදියේ හිර ගෙදරක ජීවත්වීමට වඩා මරණය ඉතා වටිනවා. සෞදි කියන්නේ ලෝකයේ මානුෂික අයිතිවාසිකම් නැති රටක් (නි)
අර රිසානාට වගේ වැඩේ වරදිනතුරුම කයිවාරු ගගහා නොසිට අවශ්‍ය පියවර රැගෙන මරණ දඬුවමෙන් ගළවාගත් රජයට අපේ ස්තුතිය! (නි)