ශ්‍රී ලංකාවට අවේණික කොටි දෙනක් උතුරු ප්‍රංශයේ සත්ත්වෝද්‍යානයක දී පැටවුන් දෙදෙනකු බිහිකළාය. ඇය සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව එරටට ගෙන යන ලද සත්ත්වයෙකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා ලෙස හඳුන්වන මේ සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වුව ද දැනට යුරෝපීය රටවල සත්ත්වෝද්‍යාන කිහිපය කොටි 60ක් පමණ සිටිති.
ලෝකයේ කොටි විශේෂයට අයත් උප විශේෂ අටක් දැකිය හැකි අතර මෙරට සිටින්නේ ඉන් එක් උප විශේෂයකි.
මසකට පමණ පෙර උපතලබා ඇති මේ කොට පැටවුන් කිලෝ ග්‍රෑම් දෙකක් පමණ බරැති. පැටවුන් දෙදෙනාත් මවත් නිරෝගීව සිටින බව සත්ත්වෝද්‍යාන නිලධාරිනී ජීම් ඒබල් පවසයි.
ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර වල මෙන් ම අනාරක්ෂිත ස්ථානයන්හි ද ජීවත්වන මේ විශේෂයේ දැනට මිහිමත සිටින්නේ සතුන් 700 ට අඩු ප්‍රමාණයක් බව පරිසරවේදීන් පෙන්වාදෙති. කොටියා දැඩි තර්ජනයට ලක්වූ වඳවෙමින් යන සත්ත්ව විශේෂයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ ලංකාවේ කොටි නෑ කියලා. ලංකාවේ දිවියන් නැහැ. ලංකාවේ ඉන්නේ කොටින්ගේ උප විශේෂයක්. වෙනත් රටවල ඉන්න කොටින්ගේ විද්‍යාත්මක නාමය ‘පැන්තෙරා පාර්ඩුස්‘. ලංකාවේ ඉන්න කොටි තමයි ‘පැන්තෙරා පාඩුස් කොටියා‘ කියලා කියන්නේ. අපේ රටේ ඉන්නේ දිවියන් නොව කොටියන් බව දැනගන්න (නදී)
ලංකාවේ කොටි ප්‍රංශේ කොච්චර නම් ඉන්නවද...? (නදී)
කොටි හුරතල් කරන්න ගිහිල්ලා දැක්කා නේද අපි අවුරුදු 30 තිස්සේ ඉල්ලන් කෑ හැටි. (නි)
අාසාවේ බැහැ,හැබැයි ලංකාවේ කොටි ඔයිට වඩා පැරිස් වල ඉන්නවා, පාට වෙනස්. (ස)
මම වරක් පැරිසියට ගිය වෙලාවේ මගේ මිතුරෙකු , ලංකාවේ කෑම කන්නට කියා උමන් දුම්රිය පළාතට ගියා . මම දුටුවේ තවමත් කොටි පින්තුර සහ කොටින් වසනා විශාල පළාතක් සැටිය (දී)
මේ දෙන්න නම් හරිම ලස්සනයි. උන්ට රිදෙනවා ඇති බලාගෙන. (නදී)
ලස්සන පැටව් දෙන්නෙක්. ලංකාවේ කොටි නැත. ඉන්නේ දිවියන් පමණි. (නදී)
වාසනාවන්. මෙහෙ හිටියා නම් මෙලහකට මන්දකට අහුවෙලා හරි වහ කාල හරි වෙඩි කාල හරි මැරිලා (නදී)
සත්‍යා, ඉල්ලන් කෑවේ සාමන්‍ය අපි. ලොක්කන්ට නම් ලොකු ලොකු කුටිටි දෙන උල්පතක් (නදී)
ලංකාවේ කොටි නෑ. හිටපු කකුල්දෙකේ කොටි නම් ඉවර කලා. කොටි යන වචනය දිවියන් ලෙස නිවැරදි විය යුතුයි. (නදී)
අපි ඔය කොටින්ට බය නැහැ (දී)
පැන්තරා ඝණයේ සියළු විශේෂයන් අපි පොදුවේ කොටින් ලෙස හැඳින් වූවත් එය වැරදියි. පැන්තරා ටයිග්‍රිස් විශේෂය ටයිගර් හෙවත් කොටින් වන අතර ඔවුන්ගේ සමේ කළු රටාවන් සිරස් ඉරි ලෙස දකින්නට ලැබෙනවා. කොටින් පිහිනීමට දක්ෂ අතර ගස් නැගීමට අදක්ෂයි. ඡායාරූප වල සිටින පැන්තරා පර්ඩුස් විශේෂය ලෙපර්ඩ්ස් හෙවත් දිවියන් වන අතර සමේ කළු රටාවන් වටකුරු පුල්ලි ලෙස ඇත. දිවියන් පිහිනීමට අදක්ෂ වන අතර ගස් නැගීමට ඉතා දක්ෂයි. ලංකාවේ සිටින සියළුම පැන්තරා විශේෂ හා උප විශේෂයන් ලෙපර්ඩ්ස් හෙවත් දිවියන්. ලංකාවේ කොටි නැති නිසා අපි පුල්ලි සහිත දිවියන් කොටින් ලෙස හඳුන්වන්නට පුරුදු වෙලා ඉන්නවා. අපේ අයට මේක තේරුම් ගන්න බැරි උනත් ප්‍රභාකරන් ලංකාවේ දක්නට නොලැබුනත් සිරස් ඉරි සහිත නියම කොටියා එල්ටීටීඊ ලාංඡනය සඳහා යොදා ගෙන තිබුනා. (නදී)
හෙඩිම දැක්ක ගමන් මගේ හුස්මත් හිරවෙන්න ගියා.අනේ ඇත්තටම මට කවදාවත් කොටි ලස්සනට පෙන්නේ නැත්තේ අපේ රටේදී ලැබුණු අප්‍රසන්න අත්දැකීම් නිසා වෙන්න ඇති.ඒදවස්වල කවුරුහරි, ප්‍රභාගෙයි , සෙල්වම්ගෙයි කනෙන් අල්ලලා ඔහොම උස්සයි කියලා අපි කොච්චර කාලයක් බලාගන හිටියද? (දී)
ලංකාවේ මෙම කොටියන් වගේම අර පසුගිය කාලයේ රට දෙකඩ කරන්න හදපු කොටිත් ලක්ෂ ගණනක් ප්‍රංශයේ ඉන්නවා (නදී)