ශ්රී ලංකා මහේස්ත්‍රාත් උසාවි ඉතිහාසයේ ප්‍රථම වරට ස්කයිෆ් තාක්ෂණයෙන් ඉතාලියේ සිටින සාක්කි කාරියකගේ සාක්කිය ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තීරණය කළේය.
කොළඹ විශ්ව විද්‍යාල පරිගණක පාසලේ ස්වාධින නිරීක්ෂකයකුගේ මෙහෙයවීම යටතේ මාර්තු 14 වැනිදා ස්කයිෆ් සාක්කිය ගැනීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි මහේස්ත්‍රාත් පොලීසියට උපදෙස් දුන්නේය.
ෆැන්සිස්කා දියදා නම් ඉතාලි කත 2011 දී ශ්‍රී ලංකාවේ හෝටලයකදී සිටීයදී ඇමෙරිකා ඩොලර් 700 ක් (රුපියල් 92400)සොරකම් කළැයි පැමිණිලි කැර තිබිණි.
හෝටල සේවක ධනංජය ප්‍රභාත් සැකකරුය.හෝටලයේ ආරක්ෂක කැමරාව අනුවද ඔහු සම්බන්ධ බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්. නව තාක්ෂණය ලංකාවේ උසාවියකට ගෙන ඒම...(අ)
නියමයි! ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපක්‍රම.(නදී)
ඉතාම හොදයි. ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට ගැනීම.(අ)
මෙය ඉතා හොඳ ආරම්භයක්... දුර බැහැර අයට පහසුවක්... මාත් කාලයක් මුළු දවසම නිවාඩු දාල රු. 3000/- විතර පැට්‍රොල් පුච්චගෙන ඈත උසාවියක සාක්කි දෙන්න ගියා. මෙවැනි ක්‍රමයක් තිබුනානම් නිවාඩුත් ඉතිරියි සල්ලිත් ඉතිරියි... (අ)
මේක හොද වැඩක් ඉදිරියේදී උසාවි යන්න ඕන වෙන්නේ නැතිවෙයි ගෙදර ඉදල සාක්කි දෙන්න පුළුවන් වේවි (අ)
නියම වැඩේ, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු ගියත් සාක්කිය ගතෑකි. හොඳ යොමුවක්.(නදී)
හොදම වැඩක් අපිටත් රට ඉදන් ඕනෑම සත්‍ය දේකට සාක්කිඋනත් මේ විදියට දෙන්න පුළුවන් , (දී)
මේවා තමයි වෙන්න ඕන රටේ. ස්කයිප් , වයිබර් , වගේ දේවල් එක්ක අපේ රටත් දියුණු වෙන්න ඕන. නැත්නං ඉතාලියේ ඉදන් ලංකාවට ගිහින් සාක්කි දෙන්න ඒ මනුස්සයට ලක්ෂ දෙකක් තුනක් විතර යනවා. ඉතින් කගේ හරි සල්ලි ඉතුරු වෙනවා. මේවා රට ට හොඳ දේවල්. තවත් තාක්ෂණය යොදාගෙන රජයේ වැඩ කරන්න හිත යොමු වේවා. (අ)
ඕස්ට්‍රේලියාවේ මේ තාක්ෂණය නිතරම යොදාගන්නවා. හේතුව රට ඇතුලෙම උනත් කිලෝ මීටර් දහස් ගණන් දුර නිසා. වසර කීපයකට පෙර ෆේස් බුක් එකෙන් සිතාසි නිකුත් කරලා එක සාර්ථකව කරපු ලෝකයේ පළමු රට උනෙත් ඔස්ට්‍රේලියාවයි. (අ)
කාලය ඉතිරි හොද වැඩක් (අ)
තක්ෂණයටත් වරදිනවා (අ)
උසාවියෙන් පිට ඉන්න නිසා ඕන දෙයක් කියන්න පුලුවන්. උසාවියට අපහාස කළා කියලා හිරේ යවන්න පුලුවන්ද? (නදී)
මේක ඉතාම හොද දෙයක්. මේ විනිසුරුතුමාව අනිත් අයත් ආදර්ශයට ගනීවි කියල බලාපොරොත්තු වෙනවා,(දිල්)
හොද ක්‍රමය (අ)
හොඳ වැඩක් (අ)
මේක ගොඩාක් වටිනා වැඩක් .(දිල්)
දුර දක්නා නුවණ ඇති විනිසුරුතුමෙක්(දිල්)
මෙවැනි විනිසුරු වරුත් ලංකාවේ රාජකාරි කරනවා . (අ)
මේ වගේ වැඩ වලට පරිගණක සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න එක කාටත් පහසුවක්. (අ)