සිංහරාජ වනාන්තර මායිම ඔස්සේ මාර්ගයක් කැපීම පිළිබඳව යුනෙස්කෝවේ ලෝක උරුම මධ්‍යස්ථානය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කොමසාරිස් කාර්යලයයේ මහ ලේකම් ප‍්‍රීති පෙරේරා මහතා කියයි. පැරිසියේ යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයෙන් එම ලිපිය එහි ශ්‍රී ලංකා තානාපති කාර්යලයය මගින් විදේශ හා පරිසර අමාත්‍යංශයනට යොමු කැර තිබේ. ඉලූඹකන්ද සිට සුරියකන්ද ඔස්සේ රක්වාන - දෙනියාය මාර්ගය දක්වා මේ පාර කැපීම ඉලූවකන්දෙන් අරඹා ඇත්තේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ  ඕනෑකම මත යැයි පරිසරවේදීහු කියති.