මෙරට දේශපාලකයින් නව දැනිම ලබාගෙන රටේ යහපත සඳහා විදෙස් ආධාර ලබා ගැනිම ට නොයෙකුත් විදෙස් රටවල සංචාර වල යෙදුනත් රටේ පැන නැගී තිබෙන කසල ගැටලුව විසදීම සදහා කිසිදු සාර්ථක පියවරක් නොගැනිම ගැන පරිසර විද්‍යාර්ථයින් ඉතාමත් කනස්සල්ලෙන් පසු වන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්‍ය ඡිනදාස කටුපොත මහතා පවසයි.
වයඹ දිග වෙරලේ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති මයෝසීන හුනුගල් නිදිය ඇති වෙරල කලාපයට කොලොන්නාවේ ගොඩ ගැසි ඇති කසල ගෙන යාමෙන් ඇති වන පාරසරික බලපෑම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.
ස්වභාව ධර්මයෙන් අප රටට ලැබුණු මෙම දායාදය මතු පරපුරට දායද නොකර දේශපාලකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් ගන්නා හිතුවක්කාර හා අනුවණ ක්‍රියා හේතුවෙන් විවිධ වු භු යුග වල දි ශ්‍රි ලංකාවේ නිර්මාණය වි ඇති පාෂාණ , මැණික් ඇතුළු වෙනත් අවසාදිත නිධි , ගොඩ බිම හා මුහුදු පත්ලේ වැලි නිධි , ස්වාභාව ධර්මය දායාද කළත් ඒවා මිනිසාගේ අවශ්‍යතාවයන් අනුව යොදා ගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින් ගනු ලබන අදුරදර්ශී තීරණ නිසා අනාගතයේ දරුවන්ට විදින්නට වන අයහපත ගැන නොතකා මෙවන් විනාශ කිරිමෙන් ලෝක උරුමයන් රාශියක් පිහිටි ශ්‍රි ලංකාව ලෝකයේ කරුමක්කාර රටක් වන්නට ඇති ඉඩ කඩ වැඩි බව මහාචාර්‍යවරයා පවසයි.
මෙම කසල ගොඩ විශාල ආර්ථික වටිනාකමක් ඇති නිධියක් බව වටහා ගතහොත් මෙමගින් කාබනික පොහොර නිෂ්පානයට හැකියාවක් ලැබෙනවා පමණක් නොව අති විශාල සංඛ්‍යාවකට රැකියා ලබාදිය හැකි බවද කටුපොත මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යවරයා කියන කතාව නියම ඇත්ත. අති පුජනීය ස්ථානයක් වන අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි පිහිටවා ඇති වැසිකිළිය බලන්න. අපිරිසිදුකම ඉහවහා ගිහින්. මෙයට කොහොමද සංචාරකයෙක් යන්නේ. (නි)
අපි 1992 විතර ඔය නිධිය ගැන භූ විද්‍යා සමීක්ෂණයක් කළා. මට නම් හරිම දුක හිතෙනවා. මොනතරම් වටිනා නිධියක්ද මේක? (නි)
එ්ක තමයි අපි යුරෝපයේ ජිවත් වෙන්නේ. මොකද මේ වැඩකට නැති දේශපාලකයින් ඉන්නකම් මේ රට දියුණු වෙන්නේ නැහැ. ශ්‍රි ලංකාව ඉදිරියේදී ලෝකයේ කරුමක්කාර රටක් නොවුණොත් අපේ දැනුම දෙන්න ඉදිරියේදී ලංකාවට එනවා. (නි)
ඔබ වැනි මහාචාර්‍ය වරයෙක් දේශපාලකයින්ට බැන බැන හිටියට වැඩක් නැහැ. එක මං වගේ ඕනම නුගතෙකුටත් කරන්න පුළුවන්. ජාතියට සබැ නායකත්වයක් දීලා වැඩේ කරලා පෙන්නන්න. (ර)
කසල කළමනාකරණය කරගන්න බැරි පාලකයෝ කොහොමද රටක් කළමනාකරණය කරන්නේ. (නි)
රටේ කුණු ටික කළමනාකරණය කරගන්න බැරි රටේ සංවර්ධනය ගැන තව කුමන කතාද? අගමැතිතුමාට විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කුණු ගැනත් කරන්න පුළුවන් (නි)
අපිත් පුදුමාකාර කළකිරීමකින් තමයි ඉන්නේ (නි)
මම අවුරුදු 15ක කාලයක් ඉදන් පිට රටකට වෙලා පාඩුවේ දැරුවන් ස්වාමියා සමග ජීවත් වෙන්නේ ලංකාවේ දේශපාලුවෝ රටකමින් අසරණ මිනිසුන්ගේ හුරකන විදිය මේ ඇස් දකෙන් බලාගෙන අන්ධයෙක් වගේ ඔය ජීවත්වෙන්න බැරි නිසයි. (ර)
මොන පාලකයා ආවත් මේවට විසදුම් දෙන්නේ නෑ නේද.? (ර)
කළයුත්තේ පාදඩ බලපෙරේත දේශපාලනය මෙල්ල කළහැකි ප්‍රබල සංවිධානයක් බිහිකිරීම පමණි. (නි)
ඕනෑම අලුත් නිෂ්පාදනයක් මිලටදී ගැනීමට සූදානම් පාරිභෝගිකයන් ඉන්න මේ රටේ, ඔය කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කර අළුත් නිෂ්පාදන හැදීමට ව්‍යාපෘතියක් පටන් ගැනීම සුදුසුයි. (නි)
ලංකාවේ කුණු ප්‍රශ්නයයි, විනයක් නැති පිරිහීමයි නිසා මනුස්සයෙකුට නිදහසේ ජිවත් වෙන්න බැරි පරිසරයක් තියෙන්නේ මුදල් තිබුනත්. හොදම විසදුම රට යාම තමයි.(අ)
තමන්ගේ විශ්වවිද්‍යාලයේවත් නිසි කුණු කලමකරණයක් කරලා පෙන්නන්න. දේශපාලනේට ඇගිල්ල දිකරලා විතරක් නවතින්න එපා.(කෞ)
දන්නා හැමදෙනාටම කියන්න ඔය කාලකන්නි දේශය පළාතකටවත් පය ගහන්න එපා කියලා. අපි පිටරටක කොච්චර සතුටින්ද අද ඉන්නේ? අපේ දරුවන්ගේ අනාගතේ සුබයි (නි)
අනේ අපේ රට! (නි)
මොනව උනත් කොලොන්නාවෙන් කුණු කරුමය අයින් කරන්න ඕනේ . මෙතැන මොනවා දේශනා කලත් ඔයාල හැමෝගෙම කුණු නිසා තමයි කොළොන්නාවේ අපි දුක් විඳින්නේ . මේ කුණු ජන ඝනත්වය අඩු තැනකට ගෙනියන එක තමයි දැනට කරන්න තියෙන ප්‍රයෝගික විසදුම . අපිට හැමදාම ඔයාලගේ කරුමෙට කරගහන්න බැහැ . මේකට දේශපලකොයෝ විතරක් නෙමේ සමාජයේ හැමෝම වග කියන්න ඕනේ. (අ)
අනේ දෙවියනේ කොහොමට තිබුණ රටක්ද? (නි)
මෙහි කොමෙන්ට් දාල තියෙන පිටරට වෙසන ලාංකික අය කියන දේවල් දැක්කම ලංකාවේ ඉන්න අපිට නම් හරිම දුකක් කලකිරීමක් ඇති වෙන්නේ.. ඒත් එයාලා කියන දේවල් ගැන දොස් කියන්න බැහැ. කවුරුත් ආසයි ජීවත් වෙන ටික කාලේදී ලස්සනට සතුටින් තමුන්ගේ අඹුදරුවොත් එක්ක ඉන්න.. 1948 එංගලන්තයේ පාලනයෙන් නිදහස් වුනාට පස්සේ අපේ ලාංකික දේසපාලුවෝ අපේ රටට සුගතියක් කලේ නැහැ. තමුන්ගේ සාක්කු පුරෝගත්ත ඒක විතරයි කලේ. අපේ රට ගැන දුක් වෙනවා ඇර වෙන මොන කරන්නද ? (ර)
ඔය කුණු කසල ගොඩ පොහොර සමාගම් වලට නොමිලේ දෙන්න. කොම්පෝස්ට් පොහොර නිධානයක් ඔතන තියෙන්නේ. (නි)
ඕව කිව්වට වැඩක් නැහැ සර්...අතීතයේ පටන් දේශපාලකයින් විසින් ගන්නා ලද අමන මෝඩ තීරණ නිසා අදත් මුළු රටම වන්දි ගෙවනවා...(කෞ)
අපේ රට උගතුන් හා බුද්ධිමතුන් පසේකට විසිකර දමා මෝඩයින් පිනුම් ගසමින් වැජබෙන රටක්ක්නේ. අතීතයේ සිටම අපේ රටේ ජනතාව කැමති උනේ, බොරු සෝබන වලට හා කට කයිවාරු වලටනේ. ඉතින් රටේ පාලකයෝත් රටට කරන්න අවශ්‍ය දෙය පසෙක තබා, බොරු සෝබන වැඩ තමයි කරන්නේ.(කෞ)
අප ජීවත්වන රටේ කුණු ගෙනියන කොම්පැනි තරඟයට එනවා. රිසය්ක්ලින් කරන ඒවා වෙනම. බයෝගැස් නිපදවනවා, බයෝපොහොර නිපදනවා පොළොව යට ගබඩා කරන්නේ . (ම)
බීරි අලින්ට වීණා වයමු (නි)
ඉතින් මේ දේශපාලනඥයෝ පත් කර ගත්තෙ කවුද? අපි ඔයාලමනේ. (ර)
අපේ රටට වැරදුනේ 1948 සිට අද වෙනකම්ම රට පාලනය වෙන්නේ රටේ ඉදිරිය ගැන තීන්දු ගන්නේ ඒ ඒ කාලවල බලයට පත්වෙන ජනපතිගේ සහ ඇමතිවරුන්ගේ පුංචි මොලේට කල්පනා වෙන පොඩි පොඩි සිතිවිලි වලට අනුව වැඩ කරන්න යාමෙනුයි . අවුරුදු 6 ක් එක කට්ටියකට කැමති විදියට තීන්දු ගන්නවා .. තව අවුරුදු 6 ක් තව කට්ටියකට කැමති විදියට ඒවා වෙනස් කරලා වෙන තීන්දු ගන්නවා .. අය තව අවුරුදු 6 කින් ආය ක්‍රමේ වෙනස් කරලා තීන්දු ගන්නවා .. ඒ තීන්දු ගන්නේ ඒ ඒ අයගේ පුංචි මොලේට ඕන කියල හිතෙන විදියට .. නීතිඥයෝ ආර්ථිකය ගැන තීන්දු ගන්නකොට ගණකාදිකාරයෝ නිතිය ගැන තීන්දු ගන්නවා .. රටකට තියෙන්නේ ඕන ඉදිරි දියුණුව ගැන කෙලින් ඉලක්ක කළ එක ප්‍රතිපත්තියක් .රටේ සියලුම රජයේ නිලධාරීන් සහ සේවකයන් ඒ ප්‍රතිපත්තියට අනුව වැඩකළයුතුයි (බ)
අමල් මහත්තයෝ, ඔබ කියන දේ ඔබම කරලාම පෙන්වන්නකෝ! (නි)
මහාචාර්යතුමා .. කිව්වා වගේ කසල ගොඩ විශාල ආර්ථික වටිනාකමක් ඇති නිධියක් කියල දැනගත්තොත් මේ රටේ ඉන්න දේසපාලුවෝ ටික එකතු වෙලා කොළොන්නාවේ කසල ගොඩ වළඳලා දායී.... (කෞ)
සුද්දා ගියාට පසු බලයට ආපු ඇත්තෝ මේ රටට කරපු දෙයක් නැහැ(කෞ)
කුණු විතරක් නෙමෙයි. හැමදේම තීරණය කරන්නේ ඉතාමත් අනුවණ විදිහට. ජනතාවට වගකීමක් තියනවා තමන්ගේ පාලකයා ලෙස බුද්ධිමත් කෙනෙක් පත්කර ගන්න. මේ රට ගොඩගන්න බැහැ. (නි)
මොකද අපේ රටේ මැති ඇමති වරුන්ට ඔය කුණු කසල ප්‍රශ්න විසදනවාට වැඩිය තව විසදන්න වෙන ප්‍රශ්න ඇති නේද?අනික ඕව අනිත් අයගේ කුණු කසල නිසා වෙන්න ඇති. විසදන්න කැමති නැත්තේ. (හේ)
සමහර වෙලාවට අපිට ඇඩෙනවා,අපි සුසුම් හෙලෙනවා ,අපේ රටට වෙලාතියන වින්නැහිය පෙනෙනකොට. පිටරට ඉන්න අපි කොපමණ සිත් සැනසිල්ලෙන් ඉන්නවද ,ඒ සැනසිල්ල,ලංකාවේ අපේ සහෝදරසෙහෝදරයින්ට තියෙනවද ?මේ දේශපාලන නරුමයන්,උගත් කමත් මුදලට,බලයට විකුණන සම හරක් නිසා අපේ රට එත නුදුරේදීම සොමලියාවක් බවට පත්වෙනවා.අපේ බිම පින් බිමක් නිසා,යම් පෙරපිනකට හෝ එසේ නොවේවා කියා ම ප්‍රර්ථනා කරනවා.(හේ)
ගරු මහාචාර්යතුමනි, උගත්, බුද්ධිමත්, විනයගරුක, නීතිගරුක, නිහතමානි, එඩිතර, හොර බොරු නැති ඒ වගේම අවංක, රටට ආදරේ දේශපාලකයන් ශ්‍රී ලංකාවේ බිහිවෙනතෙක් මේ කුණුගොඩත් ඔහේ තියේවි. මුළු රටම ගඳ ගස්වමින් ඔහේ තියේවි. මුළු රටම දේශපාලන ගඳින් ගඳගස්වන, ස්ථිර ප්‍රතිපත්තියක් නැති දේශපාලුවන් සිටින රටක වෙන මොන කතාද...? (නි)
මේවා අහනකොටත් පුදුම දුකක් දැනෙන්නේ (නි)
ලංකාවේ පක්ෂ ක්‍රමය තිබෙනතාක් කල් කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැහැ. කවුරු මොනවා කිවුවත් ලංකාවේ ළඟ ඉතිහාසයේ සිටියේ දේශප්‍රේමින් දෙන්නයි. රෝහණ විජේවීර සහ ප්‍රභාකරන්. ඒ දෙන්නගේ වැරදි තිබුන දෙය වෙනම කාරණාවක්. (නි)
මෙතුමා කියන එම ව්‍යාපෘතියට සියලු පරිසර අධ්‍යනයන් කර තිබෙනවා. මෙම අප ද්‍රව්‍ය වලින් ගෑස් වගේම වෙනත් නිෂ්පාදන කිරීමටත් යෝජනාවට ඇතුලත්. මීට කලින් සිමෙන්ති සෑදීම සඳහා ලබාගත් හුණුගල් නිසා ඇතිවූ විශාල වලවල් පිරවීමත් මෙම අපද්‍රව්‍ය වලින් සිදුවේවි. මෙම කුණු ගොඩ කොලොන්නාවෙන් ගෙන ගොස් මෙවැනි ව්‍යාපෘතියක් කිරීමට ලංකාව තුල ඉඩම් සොයා ගන්න පුළුවන් වෙන තැන් තියනවද? (බ)
මෙයාලට එහෙම මොළයක් තියෙනවා නම් මොනවා කරන්න බැරිද සර්? තිබුනත් කොමිස් ප්‍රශ්නය නිසා ඕවා යටගහනවා (නි)
කොළොන්නාවෙ කුණු කන්දට වේවා, දියවන්නාවෙ කුණු කන්දට වේවා හැම කුණු ගොඩකටම කුණු එකතුකරන්නෙ මේ රටේ ජනතාවම තමයි. ඒ නිසා මොන වැඩපිළිවෙල හැදුවත් කාට චෝදනා කළත් වැඩක් නැහැ ජනතාවගේ සිත් පිරිසිදු වෙන්නෙ නැතුව. වැඩක් නොකළත් බනින, වැඩක් කළොත් වැඩියෙන් බනින ජනතාවක් තමයි අපේ රටේ ඉන්නෙ. (නි)
යහපාලනයනේ දැන් තියෙන්නේ (නි)
රට යන අත බලනවිට මෙවැනි වූ ඛේදවාචක ඇතිවීම වැළැක්විය නොහැක (නි)
ලංකාවේ හොඳම කසලගොඩ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් මම නම් කියන්නේ අර අපේ කට්ටියක් රැස්වෙලා වාද විවාද කරන තැන කියලයි. අන්න ඒ කසල ගොඩ සුද්ද කරන්න විදිහක් මුලින්ම සිතා බැලිය යුතුයි. එහෙම නැතුව ඕවා කතා කළාට වැඩක් නැහැ. (නි)
කෝ අර තිලක් නුවර කියන එක්කෙනා? එයා දන්නවා ඇති මේකට විසඳුම. හැමදේම දන්නවා වගේනේ එයා ඉන්නේ. දන්නා දේකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ.. (නි)
අපේ රටේ සියලු දේශපාලුවන් ගැන තියෙන්නේ පුදුමාකාර තරහක් මට (නි)
ඔබතුමා ඔහොම කියන්න එපා. අපේ ලොකු, ලොකු ඇත්තෝ රටවල් වලට ගියාම පුදුම පිළිගැනීමක් තියෙන්නේ. ඔය කසළ ගොඩ ගැන හිතයිද, මේ අහිංසක ගොවියෝ ගැන නොහිතන අය. (නි)