රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවසීය.
එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ නිලධාරී හමුවේ අගමැති එසේ කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ,නවසීලන්තය , ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය ,මොන්ටිනිග්‍රෝ, ලෙබනනය, නේපාලය, මාලදිවයින ,මොන්ගෝලියාව ඇතුළු රටවල් 26ක දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ය.
‘2014 නොවැම්බර් මාසයේ මෙරට ප‍්‍රධාන පෙළේ පක්ෂයක ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ධූරයට ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් රටේ යහපාලනය ඇති වුණා. විවිධ ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව අප සමඟ එකතු වුණේ නව ගමන් යෑමටයි.‘
‘ඉන් සිදුවූ ප‍්‍රගතියෙන් පසුව ශ්‍රී ලංකාව අද සංහිඳියාවේ කි‍්‍රයාවලියට යොමු වී තිබෙනවා. අද ශ්‍රී ලංකාව ඉතිහාසගත තැනකට පත්වෙලා තියෙනවා. අද ආණ්ඩුව යහපාලනය උදා කරගන්න කැපවී කටයුතු කරනවා. සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න මේ ආණ්ඩුව ඇප කැපවෙලා කටයුතු කරනවා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොකක්ද යාපනයේ වෙන්නේ? හනුමා වන්නම නටන්නේ නැතිව සාක්ෂි සහිතව ඔප්පු කරන්න මොකක්ද වෙන්නේ කියලා.ලංකාවේ දකුණෙ ඉන්න ගොඩක් ජාතිවාදීන්ට උතුර කියන්නේ තමන්ගේ සියලු ප්‍රශ්නවල හේතුව. ඒත් දකුණේ තමන්ට තමන්ම වල කපා ගන්නවා පෙන්නේ නෑ. (බ)
මේ අවුරුද්දට වෙලා තියෙන ආර්ථිකය ගැන මහජනතාව දන්නවා. ගමකට ඇවිත් කියන්න ඔය ටික. ජනතාව අත්පුඩි ගහලා සතුට පළ කරාවි. (බ)
අශාන් වගේ අන්ධ අයට කිසි දෙයක් පේන්නෙත් ඇහෙන්නෙත් නැ අනුල.. මේ යහපලානේ කොහොමත් එයාලාගේ කාලේ ඉවරකරද්දී රටක් ඉතුරු කරන එකක් නැ... දුක තමයි (බ)
මෙයා මේක කියන්නේ කොහොමද (බ)
බලයට එන හැමෝම ඕක වෙනවයි වෙනවයි කිව්වට 1948 ඉඳන් මේ වෙනකම් වෙලා නැති එකනේ වැඩේ. (ර)
මොනවද මහත්තයෝ තවත් මේ කතා? (නි)
තිරසාර වෙන්න හරි, වෙන මොකක්හරි වෙන්න හරි අපිට ලංකාවක් ඉතුරුකළොත් පින්! (නි)
අප්පුහාමි, ලංකාව නැතිවෙන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද? (නි)
ඇයි ආශාන්ට පෙනෙන්නේ නැද්ද, ඇහෙන්නේ නැද්ද යාපනයේ අය නැවත කරන කියන දේවල්? ඔයා කොහෙද ඉන්නේ? අඩුතරමේ ඒ අය කියන දේවල් වලටවත් මේ යහපාලනයේ අය උත්තර දෙනවද? මේක ඒකීය ලංකාවක් නම් ඇයි යාපනයේ අයට වෙනම බලයක් ලැබිලා තියෙන්නේ? (නි)
කොහෙද අනුලා යාපනයේ ජනතාවට වෙනම බලයක් ලැබිලා තියෙන්නේ. ජාතික ගිය දෙමල භාෂාවෙන් ගායනය කල නිසාද? කච්චතිව් වල සිංහලෙන් දේව මෙහෙය පවත්වපු නිසාද. ප්‍රශ්නයය තියෙන්නේ එතන නෙවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කල ,ජනතා දේපල හොරකම් කලයි කියන දේශපාලකයොත් එක්ක යහපාලනය කරන්න පිළිවන්ද කියන එකයි. (ර)
යහපාලනය දෝරේ ගලනවා. අනේ මගේ කට! (නි)
ලංකා ආර්ථිකය තිරසාර කෙසේවෙතත් දැන් අතීසාර වෙලා ඉවරයි.(බ)