IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක්

ජර්මනියේ පැවැති ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේ දී යුද හමුදා ආබාධිතයින්ගේ ක‍්‍රීඩා සංගමයේ ලේකම් කර්නල් දීපාල් හේරත් මහතා ශ්‍රී ලංකා ආබාධිත වූවන් සඳහා වූ ජාතික වොලිබෝල් සම්මේලනයේ ජාතික සංවිධායක ශ්‍යාමලී රේණුකා ජයසූරිය මහත්මිය ඇතුළු පිරිස විසින් රිදී පදක්කම්ලාභී යුද හමුදා වෙරළ වොලිබෝල් කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. තරගාවලිය ජර්මනියේ බෝන් නගරයේ දී පැවැත්විණි. ඊට රටවල් 6ක් තරග වැදුණි. මෙහි රන් පදක්කම ජර්මනිය විසින් ද, ලෝකඩ පදක්කම ස්ලෝවැකියාව විසින් ද දිනා ගන්නා ලදී. මෙහි රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායම පී.එච්.කේ. ජයතිස්ස, එම්.ඩබ්ලිව්. අරුණ ප‍්‍රියංකර, එම්.බී. අමරසිංහ ද ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම නියෝජනය කරමින් ලලිත් කුමාර, එම්.එම්.බී. හේරත් සහ ආනන්ද මුණසිංහ ද ”සී” කණ්ඩායම නියෝජනය කරමින් එස්.එන්. සෙනවිරත්න, කේ.ඒ.ඞී.එස්. ධර්මසේන, එච්.එම්.පී. සුජිත් කුමාර යන ක‍්‍රීඩකයෝ ඇතුළත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස නලින් සම්පත් අබේසිංහ, කණ්ඩායම් කළමනාකරු ලෙස කරුණාරත්න වික‍්‍රමසිංහ සහ කණ්ඩායම් ප‍්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් අල්විස් යන මහත්වරු කටයුතු කළහ. ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම



අදහස් (0)

ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක්

කාංචන Tuesday, 10 July 2012 02:45 PM

අපේ හෙට දවස වෙනුවෙන් ඔබේ අනාගතය කැප කල රණ විරුවණි..... ඔබට සුභ පැතුම් ජය වේවා!

:       0       0

පිලිපීනෝ Tuesday, 10 July 2012 10:40 AM

හරිම ආඩම්බරයි අපිට‍‍‍.....

:       0       0

ප්‍රසන්න Monday, 09 July 2012 04:35 PM

සුභ පැතුම් ජය වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site