ජර්මනියේ පැවැති ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේ දී යුද හමුදා ආබාධිතයින්ගේ ක‍්‍රීඩා සංගමයේ ලේකම් කර්නල් දීපාල් හේරත් මහතා ශ්‍රී ලංකා ආබාධිත වූවන් සඳහා වූ ජාතික වොලිබෝල් සම්මේලනයේ ජාතික සංවිධායක ශ්‍යාමලී රේණුකා ජයසූරිය මහත්මිය ඇතුළු පිරිස විසින් රිදී පදක්කම්ලාභී යුද හමුදා වෙරළ වොලිබෝල් කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
තරගාවලිය ජර්මනියේ බෝන් නගරයේ දී පැවැත්විණි. ඊට රටවල් 6ක් තරග වැදුණි.
මෙහි රන් පදක්කම ජර්මනිය විසින් ද, ලෝකඩ පදක්කම ස්ලෝවැකියාව විසින් ද දිනා ගන්නා ලදී. මෙහි රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායම පී.එච්.කේ. ජයතිස්ස, එම්.ඩබ්ලිව්. අරුණ ප‍්‍රියංකර, එම්.බී. අමරසිංහ ද ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම නියෝජනය කරමින් ලලිත් කුමාර, එම්.එම්.බී. හේරත් සහ ආනන්ද මුණසිංහ ද ”සී” කණ්ඩායම නියෝජනය කරමින් එස්.එන්. සෙනවිරත්න, කේ.ඒ.ඞී.එස්. ධර්මසේන, එච්.එම්.පී. සුජිත් කුමාර යන ක‍්‍රීඩකයෝ ඇතුළත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස නලින් සම්පත් අබේසිංහ, කණ්ඩායම් කළමනාකරු ලෙස කරුණාරත්න වික‍්‍රමසිංහ සහ කණ්ඩායම් ප‍්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් අල්විස් යන මහත්වරු කටයුතු කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හෙට දවස වෙනුවෙන් ඔබේ අනාගතය කැප කල රණ විරුවණි..... ඔබට සුභ පැතුම් ජය වේවා!
හරිම ආඩම්බරයි අපිට.....
සුභ පැතුම් ජය වේවා!